Friday, June 3, 2016

බඩ අඩු කර ගන්න නිවසේදීම සාදා ගත හැකි විශ්මිත ප්රරතිඵල දෙන පානයක්

බඩ ඉදිරියට නෙරා ඒම වර්තමානයේ බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක්. බඩ ප්‍ර දේශය මහත් වුනාම සිරුරේ හැඩයට ඔබ අකමැති පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම මෙය ඔබේ සෞඛ්‍යට ඉතා අහිකතර බලපෑම් ඇති කරන්න පුළුවන්.  මේ මගින් දියවැඩියාව, හෘද රෝග ඉනිසියුලින් ප්‍රතිරෝදී බව, සමහර පිළිකා, රුධිර පීඩනය වැනි රෝග ඇති කරන්නත්  හැකියාවක් තිබෙනවා.

බඩේ මේදය ඇති වීමට ඔබගේ වයස, ඔබගේ ස්වභාවය, ඔබ ගන්නා අහාර හා ඔබ ජීවත් වන ආකාරය වැනි දෑ බලපානවා. ඔබට බඩේ මහත අඩු කර ගන්න ඕන නම් වෛද්‍ය විද්‍යාත්කව කරන්න තියෙන්නේ ඔබේ ජීවන රටාවට හිතකර සෙඛ්‍ය පුරුදු කීපයක් එක් කර ගැනීමයි.
උදරය සඳහා කරන  ව්‍යායාම සතියකට දින පහකට නොඅඩුව සිදු කිරීම. ආහාර පාලන කිරීමෙන්  ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමෙන් උදරයේ මහත අඩු කර ගැනීම වගේම පීඩනයට පත් නොවී අවශ්‍ය විවේකය ලබා ගැනීම, බඩ අඩු කරගන්න ඔබ කලයුතු වෛද්‍ය විද්‍යාත්මක දේවල් කීපයක්

 සමහර විට ඔබට මේ සියල්ලම සිදුකලරත් බඩ අඩු කරගන්න නොහැකි වුනා නම්,
බඩ අඩු කරගන්න නිවසේදීම සකසා ගන්න පුළුවන් අපූරු ඖෂධීය පානයක් සදාගන්නා බෙහෙත් වට්ටෝරුවක් ගැන තමයි මේ කියන්න යන්නේ. එය සදා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ  ඉතා පහසුවෙන් සපයාගත හැකි ද්‍රව්‍ය කීපයක් පමණයි.
ජලය කොප්ප හතරක්
ඉගුරු පෙත්තක්
ලෙමන් ගෙඩියක්
මී පැණි මේස හැන්දක්



සදා ගන්නා ආකාරය
පළමුව ජලය තුලට ඉගුරු දමා බුබුළු දමන තුරු විනාඩි දහයක් රත්කර බා ගැනීමනේ පසුව එයට ලෙමන් යුෂ එක්කර ගන්න. ඉන් පසුව එය අඹරා ගෙන මී පැණි එකතු කර ගන්න. මේසේ සදා ගත් පානයෙන් කොප්පයක් උදෑසනම පානය කරන්න. ඉතා විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා දිනකට මින් කෝප්ප දෙකක් හෝ තුනක් පානය කරන්න.

No comments:

Post a Comment