Wednesday, June 8, 2016

රසායන ද්‍රව්‍ය නැතුව ඔබේ නිවස පිරිසිදු කරගන්න ක්‍රම 05ක්


කෙතරම් සුරක්ෂිත යැයි ලේබල් ගසා තිබුනත් අද වෙළදපොලේ තිබෙන නිවාස පිරිසිදු කරන ද්‍රව්‍ය බොහෝමයක් ඒවා භාවිතයට ගැනීම එතරම් ආරක්ෂිත නැත. ඒවා භාවිතා කිරීමෙන් නිවාස කොතරම් පහසුවෙන් පිරිසිදු වූවත් ඒවාට ඇතුලත් කර ඇති ඇතැම් විෂ රසායනික ද්‍රව්‍ය නිසා නිවාස ඇතුලත පරිසරයටද ඒවා ඇතුලු වීමෙන් ලෙඩ රෝග ඇතිවීමට ඉඩ ඇත. පහත දැක්වෙන්නේ එවැනි පිරිසිදු කාරක රසායනික ද්‍රව්‍ය වලට ආදේශක වශයෙන් භාවිතා කළ දේවල්ය.
01. නානකාමරයේ ටයිල් මත බැදී ඇති පැල්ලම් ඉවත් කිරීමට


විනාකිරි සමග බේකින් සෝඩා මිශ්‍ර කර අදාල ස්ථානවලට යොදා විනාඩි කිහිපයක් තබා වතුර දමා සෝදා වියළි රෙදි කැබැල්ලකින් පිස දැමීමෙන් මෙම පැල්ලම් පහසුවෙන් ඉවත් කරගත හැක.
02. ජනෙල් වීදුරු වල ඇති දූවිලි සහ මඩ පැල්ලම් ඉවත් කිරීමට.

අමු අර්තාපල් අලයක් කපාගෙන වීදුරු වල ඇතුල්ලා පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දැමීමෙන් මේවා ඉවත් කරගත හැක. තවත් ක්‍රමයක් නම් ඇමෝනියා දියර සහ ජලය පිලිවෙලින් 1ට 10 අනුපාතයට මිශ්‍ර කර තෙත කඩදාසි වලින් පහසුවෙන් පිරිසිදු කරගත හැක.
03.පොළවේ දිස්නය වැඩි කර ගැනීමට

ජලය ලීටර 1කට විනාකිරි කෝප්ප කාලක් මිශ්‍ර කිරීමෙන් මෙම මිශ්‍රණය සාදා ගත හැක. සිමෙන්ති හෝ ටයිල් පොළවක් නම් උණුවතුර යොදාගැනීම වඩාත් ප්‍රතිඵලදායක වේ.
04. එළවලු කපන ලෑල්ල පිරිසිදු කිරීමට

ලෑල්ල මතට ලුනු කුඩු ඉසීමෙන් පසුව කපන ලද දෙහි කැබැල්ලකින් අතුල්ලන්න. විනාඩි කිහිපයකින් පසුව නැවත අතුල්ලා උණු වතුරින් සෝදා හරින්න. ඉන්පසු ලෑල්ලේ තිබූ කුණු ද්‍රව්‍ය හා විෂ බීජ ඉවත් වී තියේවි.
05. ශීතකරනයේ ඇති ගද නැති කිරීමට

දෙහි යුෂ හා ජලය මිශ්‍ර කොට රෙදි කැබැල්ලකින් පිරිසිදු කරන්න. එමගින් ශීතකරණයේ ඇතුලත ගද හා විෂබීජ ඉවත්වනු ඇත. එම මිශ්‍රණයටම බේකින් සෝඩා ස්වල්පයක් එක් කර ගැනීමෙන් කුණු පැල්ලම්ද පහසුවෙන් ඉවත්වේ.

No comments:

Post a Comment