Tuesday, June 28, 2016

ලෝකයේ සාර්ථක වූ මිනිසුන් සියළු දෙනා තුලම තිබූ රහස් මුලධර්ම අට

අසාර්ථක මිනිසුන්ගේ ජීවිත වල කැපී පෙනෙන ලක්ෂණ තුනක් තිබේ. එවා නම් කම්මැලිකම, තමාගේ හැකියාවන් පිළිබඳ සැක කිරීම සහ නිශ්චිත ඉලක්කයක් නොමැතිකමයි. ඇත්තෙන්ම බොහෝ අසාර්ථක ජීවිත වලට හේතුව සෘණාත්මක සිතුවිලි හරහා තමාගේ සිතුවිලි වල තිබෙන අසීමිත ශක්තිය යටපත් කරගැනීමයි.
එසේ නම් ලෝකයේ සාර්ථකත්වයට පත් වූ මිනිසුන් අනුගමනය කලේ කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් ද? ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත් වූ මිනිසුන්ගේ ජීවිත අධ්‍යනය කිරීමේ දී පැහැදිලිව හඳුනාගත හැකි, ඔවුන් සියළු දෙනා තුලම අනිවාර්යයෙන් දකින්නට තිබුණු කරුණු අටක් හඳුනාගැනීමට හැකිවනවා. පහත දැක්වෙන්නේ එම කරුණු අටයි. ඔබටත් සාර්ථකත්වයට පත් වීමට දැඩි ආශාවක් තිබේ නම්, මේ කරුණු අට කියවා දැන්ම ඒ අනුව ක්‍රියාත්මක වීම අරඹන්න. ඔබ සාර්ථකත්වයට පත්වීම නිශ්චිතවම සිදු වනු ඇත.
1.       ඔබටම අවේනික නිශ්චිත ඉලක්කයක් සාදා ගන්න
ඔබට සාර්ථක වීමට අවැසි නම්, නිශ්චිත ඉලක්කයක් තබා ගැනීම අතිශය වැදගත් කරුණකි. එය ‘‘මට අවශ්‍ය සතුටින් ජීවත් වීමට‘‘ හෝ “මට අවශ්‍ය හොඳ සල්ලි කාරයෙක් වීමට“ නැත්නම් ‘‘ මට අවශ්‍ය හොඳ මිනිසෙක් වීමට‘‘  වැනි ඉලක්කයකට වඩා වැඩියමක් විය යුතුය. ඔබ සත්‍ය වශයෙන්ම ඔබට අවශ්‍ය මොනවා දැයි දැන සිටිය යුතුය. නිශ්චිත ඉලක්කයක් ඇතිනම් ඔබ පැවසිය යුත්තේ මෙවැනි දෙයක් ‘‘ මට අවශ්‍යයි තවත් අවුරුදු තුනකින් හොන්ඩා සිවික් වර්ගයේ මොටර් රථයක හමිකරුවකු වෙන්න‘‘ වැනි යමකි. එහි නිශ්චිත කාලයක් සහ ඔබ ලඟා කරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක ඉතා පැහැදිලිව දැක්වෙනවා.
ඔබේ ඉලක්කය වෙනුවෙන් ඔබ කළ යුතු දෑ ඉන්පසුව කෙටි ලැයිස්තුවකට ගන්න. එම ඉලක්කයට ඔබ යා යුත්තේ කුමන කාල සීමාවක් ඇතුළතදී ද  යන්නත් අනිවාර්යයෙන් එයට අතුල් කරන්න. සෑම උදෑසනකම ඔබ අවදි විය යුත්තේ එය සිහිපත් කරමිනි. එවිට ස්වල්ප දිනකින් එය ඔබේ මනසට කා වැදෙයි. ඔබේ මානසික ශක්තිය ඔබේ ඉලක්කය සඳහා නාභිගත වෙයි.

2.       නිතර ඉලක්ක පිළිබඳ සිතන්න.
විශාල වශයෙන් ඔබේ ඉලක්කය පිළිබඳ සිතිවිලි සිතේ රෝපණය වන තෙක් ඔබට එය අවංකවම අවශ්‍ය කර තිබෙතැයි කිසිවෙකුට පැවසිය නොහැක. ඇත්තෙන්ම සත්‍ය තත්වය ද එයයි. කෙසේ නමුත් දවල් සිහින සහ උත්කර්ෂවත් සිතුවිලි පමණක් ඒ සඳහා නොසෑහෙයි. ඉලක්ක පිළිබඳ නොයිවසිලිමත්, දැවෙන සිතුවිලි ඔබට තිබිය යුතුය. තම ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තීය සාර්ථකත්වයට පත් පුද්ගලයන්ගේ අතීත වෘත්තීය, ජීවිතය සොයා බලන්න. ඔවුන් උමතුවෙන් මෙන් තම සාර්ථකත්වය සඳහා වෙහෙස වූ අයුරු එවිට ඔබට දැනගත හැකිවනු ඇත.


3.       අස්වැන්න ලැබෙන්නේ වපුරන දේ අනුවය
දැන් ඉතින් ඔබ ඉලක්කය වපුරා ගැනීම සඳහා වෙහෙස වී වැඩ කටයුතු කල යුතුමය. එසේ නොමැතිව සිහින සැබෑ කරගත නොහැක. තල වපුරන්නා තල ද, මුං වපුරන්නා මුං ද නෙලා ගන්නිතැයි ප්‍රසිද්ධ කියමනක් පවතින්නේ මේ නිසාවෙනි. මුං වපුරන්නෙකු තල අස්වැන්න බලාපොරොත්තු වන්නේ නම්, එම සිතුවිල්ලෙන් කල්ගෙවීම පවා ඔහු ඔහුටම කර ගන්නා අති විශාල වරදකි. විශාල කාලය කා දැමීමකි.

 අයාලේ දුවන සිතට නිවැරදි සංඥාවක් ලබාදෙන්න


සිත අයාලේ දුවන කළ එය ශක්තිය නිස්ති කරවන ඩයිනමෝවක් වැනිය. එහෙත් අයාලේ නොදුවන සිත හොඳින් ක්‍රියාකරන පරිගණකයක් ද වෙයි. බිය, අප්‍රසාදය, දුක සහ වැරදි සිතිවිලි මගින්, එම පරිගණකයේ වැඩ සටහන් අවුල් සහගත කර දමයි. සැලසුම්, ඉලක්ක සහ අලුත් අද්දැකීම් එයට ප්‍රතිවිරුද්ධ දෙයම සිදු කරයි. ඒවා ඉලක්කය පිළිබඳ නිවැරදි සංඥා වේ.
5.       අසමත්වන්නට බිය නොවන්න
සාර්ථකත්වයේ හිනි පෙත්තටම නැගි බොහෝ සාර්ථක මිනිසුන් තම ජීවිතයේ වැඩිපුරම මුහුණ දී ඇත්තේ අසමත්වීම් වලටය. උදාහරණයක් ලෙස තොමස් අල්වා එඩිසන් විදුලි බබුළු නිපදවීමට සිදුකල පරීක්ෂණ 10000 වාරයක් අසාර්ථක වූ බව කියන ඉතා ප්‍රකට කතාව ගත හැකිය.
සාර්ථකත්වයේ දිගුගමනකට මුලපුරා ඇති පුද්ගලයෝ පවා ඇතැම් විට අතරමගදී වරක් දෙකක් අසමත් වූ සැණෙන් බිඳ වැටෙති. එය ඉතාමත් හානිදායකය. එමෙන්ම එය බරපතල වරදකි. එයින් සිදුවන්නේ ඔබේ යටි සිත අධෛර්යමත් වීම පමණි. එහි ප්‍රතිඵලය ඔබේ ඉලක්කයෙන් ඔබ බොහෝ ඈතට ගමන් කිරීමයි.
අසමත් වීම ගැන තවත් කථාවක්
එක්තරා මිනිසෙක් තම ව්‍යාපාර කටයුතු වලින් තිස් එක් වැනි වියේදී අසමත් විය. යළිත් තිස්හතර වැනි වියේ දී ද එයම සිදුවිය. හතළිස් එක්වන වියට එළඹෙන විට ඔහු අසාර්ථකත්වය පිළිබඳ සිතුවිලි නිසා උපන් ස්නායු දුර්වලකමකින්ද පීඩා විඳින්නට විය. ඔහු ඔහුගේ පක්ෂය වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තත් හතළිස් තුන් හැවිරිදි වියේදී එයද අසාර්ථක විය. සෙනෙට් සභාවට ගිය පනස් පස් වැනි වියේදි ඔහු අන්ත පරාජයක් ලබා එයින් ඉවත් විය. එහෙත් වෙරයොදා පනස් අට හැවිරිදි වියේ දි යළිත් ඔහු සෙනෙට් සභාවට අතුළත් විය. ඔහු අතිශය බංකොලොත් වූවෙකු ලෙස හැඳින් වූ ඔහුගේම සමකාලීනයෝ ද සිටියහ. එහෙත් 1890 දී ඇමරිකාවේ ජනාධිපති වූ කල පරාජය වීම තුළින් ඔහු ලබා තිබූ පන්නරය කෙතරම් දැයි කාහටත් පැහැදිලි විය. ඒබ්‍රහම් ලින්කන් නම් වූ ඔහු එම අසමත් වීම් වලින් පන්නරය නොලබන්නට ඇමරිකා එක්සත් ජනපදයෙන් බිහි වූ කීර්තිමත් නායකයා ඔවුන්ට අහිමිවන්නට ද ඉඩ තිබුණා.


6.       සිතිවිලි වලට ඇති බලය පිළිබඳව විශ්වාස කරන්න
මිනිසෙකුගේ සිතෙන් උපදින සිතිවිලි වලට ඉතා විශාල බලයක් ඇතිබව පිළිගැනීමට බොහෝ අය මැලි වෙති. එහෙත් සත්‍ය එයමය. ධනාත්මක සිතුවිලි සාර්ථකත්වයටත් සෘණාත්මක සිතුවිලි අසාර්ථකත්වයටත් හේතුවන මූලික සාධකය බව දැන් ලෝකයේ බොහෝ මිනිසුන් අවබෝධ කරගෙන ඇති ප්‍රභල මූල ධර්මයකි.  ඔබට යමක් කල හැකි යැයි ඔබ දැඩිව විශ්වාස කරන්නේ නම් ඇත්තෙන්ම ඔබට එය කල හැකිය.


7.       කිසිවිටෙක ඔබ ඔබට එරෙහි නොවන්න.
‘‘මම වෙළෙන්දෙක් උපයන මුදල මට ජීවත් වීමටවත් සෑහෙන්නේ නැහැ. මම මානසිකව බිඳ වැටිලා.. මේ රැකියාව වැදගත් එකක් නෙවෙයි.‘‘
‘‘මට උදව් කරන්න ඔබට පුළුවන්ද?‘‘
එයට ඇති සෘජු පිළිතුර ‘බැහැ‘ යන්නයි. ඔබ ඔබේ වෘත්තීය කුමක් හෝ වේවා සෘණාත්මක සිතිවිලි සිතේ දරාගෙන එහි නිරතවන තාක්කල් ඔබට වෘත්තීය සාර්ථකත්වයක් ළඟා කරගත නොහැක.
ඔබේ  ඉලක්කයට ගැලපෙන අයුරින් මානිසක මට්ටම සකස් කර නොගන්නේ නම් ඔබට කිසදා සාර්ථක වීමට නොහැකිය.


8.       කෙටි ක්‍රම වලින් ඉලක්කය කරා ළඟා වීම නවත්තන්න.

‘‘ මට මුදල් නැහැ“ හෝ ‘‘මට තව ටිකක් ඉගෙන ගෙන තිබුණා නම් මා හිතන තැනට යන්න පුළුවන්“ ‘‘ මට ලොතරැයි දිනුමක් ඇදුනා නම්‘‘ වැනි දේවල් කම්මැලියන්ගේ අදහස් ලෙසට හඳින්වීමෙහි වරදක් නැත. ‘‘මම අවස්ථා පිළිබඳ විශ්වාස කරන්නේ නෑ“ දාර්ශනික බර්නාඩ් ෂෝ වරෙක පැවසීය. ‘‘ ලෝකයේ බොහෝ මිනිසුන් අවස්ථාවාදීයි. එහි වරදක් නැහැ. නමුත් සුදුසු අවස්ථාවන් නිර්මාණය කර ගැනීම ඔවුන් සතු කර්යයක් “ ඒ හැර කෙටි ක්‍රම හෝ කෙටි මාර්ග හඹාගොස් ඉලක්ක ඉටුකර ගැනීමට යාමෙන් සිදුවන්නේ ඔබ තවත් අසාර්ථක මිනිසෙකු බවට පත්වීම පමණි.

“සාර්ථකත්වය කරා යන කෙටි මඟක් නොමැත“ මෙය හොඳින් මතක තබාගන්න. ඔබ සොයාගෙන අවස්ථාව එන තුරු නොසිට අවස්ථාවන් නිර්මාණය කර ගැනීම සාර්ථකත්වය ලඟා කරගැනීමට ඇති වේගවත්ම මාර්ගයයි. 

No comments:

Post a Comment