Monday, June 6, 2016

මෙලොවින් සමුගත් මොහොමඩ් අලි නම් වූ අසහාය සටන්කරුවා


දේශපාලනික හා සමාජයීය ක්‍රියාකාරකම් නිසාම උත්තරීතර චරිතයක් වූ බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි උපත ලබන්නේ 1942 ජනවාරි මාසයේය.  ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්යේ ළමා දිවිය ගත කරන ඔහු පසු කරන්නේ කළු සුදු භේදය ඉතා දරුණුවට පැවතුනු කාලයකි. පසුකාලීනව නම වෙනස් කරගත්තත් ඔහුගේ උපන් නාමය වන්නේ Cassius Clay ය. 1960 වසරේ රෝමයේ පැවති ඔලිම්පික් උළෙලට සහභාගී වීමට ඔහු සමත්වන්නේ වයස අවුරුදු 18ක් තරම් කුඩා අවදියේය. පළමු තරගාවලියේදීම රන් පදක්කමක් හිමිකරගනිමින් අලි දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ යොවුන් වියේදීම පෙන්නුම් කළේය.
"සමණළයෙක් වගේ පාවෙන්න, මීමැස්සෙක් වගේ දෂ්ට කරන්න"(Float like a butterfly, sting like a bee.) ඔහුගේ ප්‍රසිද්ධ කියමනකි. වියට්නාමයත් සමග ඇමරිකාව යුධ කරන සමයේ එනම් 1967 මැද භාගයේ ඇමරිකානු හමුදාවට එක් වන ලෙස ආරාධනා කරමින් ඇමරිකානු රජය විසින් මොහොමඩ් අලි වෙත ලිපියක් යොමු කළ අතර අලි විසින් එම ආරාධනාව ප්‍රසිද්ධියේ නිර්ධය ලෙස විවේචනය කරමින් ප්‍රතික්ශේප කරන ලදි.  ඒ හේතුවෙන් වසර 5ක අත්හිටවූ සිරදඩුවමක් සහ ඇමරිකානු ඩොලර් 10000ක දඩ මුදලක් ඔහුට නියම විය. එමෙන්ම වසර 3කට බොක්සින් ක්‍රීඩා කිරීමද තහනම් කරන ලදි.
( ඒ ගැන කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ෆේස්බුක් සටහනකින් උපුටා ගත් කොටසක් පහත දැක්වේ)



“දිනක් මට දැරියක් හමුවුණා. ඇය හමුවුණේ පුවත්පත් ඡායාරූපයකින්. ඡායාරූපයේ තිබුණේ මියගිය වියට්නාම් ජාතිකයින් කිහිප දෙනෙකුගෙ මළ සිරුරු ගණන් කරමින් සිටින ඇමරිකන් සෙබළුන් පිරිසක්. මේ දැරිය ඒ දෙස බලාගෙන හඬා වැටෙනවා. මේ සංවේගජනක සිද්ධිය දැකගන්න එතැන ඉතිරි වෙලා තියෙන්නෙ මේ අහිංසක දැරියයි, පින්තූරය ගත්ත ඡායාරූප ශිල්පියයි පමණයි. මම ඒ ඡායාරූපය කපලා පොතක අලවගත්තා. ඒ දැරියගෙ අසරණ අහිංසක මුහුණ මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.”

එදාම මාව හමුදාවට බඳවාගන්න තීරණය කරලා තිබුණා. හැම තැනදිම පුවත්පත් වාර්තාකාරයො වගේම ටෙලිවිෂන්කාරයො මාව වටකරගත්තා. හමුදාව මොන තීරණය ගත්තත් මම මගේ තීරණය ප්‍රසිද්ධියෙම ප්‍රකාශ කළා.

මම සාමයට කැමතියි. මට සාමය ඕනෑ. මුළුමහත් ලෝකයටත් සාමය ඕනෑ. වියට්කොං භටයොත් එක්ක මගෙ කිසිම තරහක් නැහැ. මම හමුදාවට බැඳෙන්නෙ නැහැ!

No comments:

Post a Comment