Sunday, January 31, 2016

ජවයෙන් යුතුව දවස පටන් ගන්න ඔබ අනුගමනය කළ යුතුම සරල පියවර තුනක්

දවසේ වඩා වැදගත් වගේම වැඩකටයුතු ආරම්භ කිරීම සදහා වඩාත් සුදුසුම කාලය වන්නේ උදෑසන කාලයයි. අවදිවීමෙන් පසු උදෑසන කාලය ක්‍රියශිලීය හා ජවසම්පන්නව ගත කල හැකිනම් මුළු දවසම සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා.  ඔබත් කැමතිද? දවසේ ආරම්භය ක්‍රියාශීලීව හා ජවසම්පන්නව ගත කරමින් මුළු දවසම සාර්ථක කරන සරල ක්‍රමයක් ගැන දැනගන්න.


පහත සරල පියවර තුන සෑම දිනකම ඔබ අනුගමනය කරනවා නම් උදෑසනට අවශ්‍ය ජවය හා ශක්තිය පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.
1.       සෑමවිටම පැය හතක රාත්‍රී නින්දක් ලබා ගන්න උත්සාහ කරන්න. එම පැය හතක කාලය සදහා දවසේ එකම වෙලාවක් තෝරාගන්න. එලෙස සෑම  දිනකම නින්දට වැටීමට හා අවදිවීමට එකම වේලාවක් තෝරාගැනිමෙන් ශරීරය ඒ සදහා අනුවර්තනය වි උදෑසන කාලයේ දී වඩාත් ජවසම්පන්න බවක් ඇති කරයි.
2.       ජලය පානය කරන්න.උදෑසන අවදි වු විටම වතුර වීදුරුවක් පානය කිරීමෙන් ජවසම්පන්න උදෑසනක් ලබා දෙනවා වගේම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසි ලෙස සිදුකිරීමටද උපකාරීවනවා. එය ඉතා වැදගත් දෙයක් ලෙස සලකා දින චර්යාවට එකතු කරගන්න.

3.       උදෑසන අහාරය ලබාගන්න. උදෑසන අහාර දවසේ වැදගත්ම ආහාර වේල වන බව බොහෝ දෙනෙක් දැනුවත් වී නැහැ. ඒ පිළබද දන්නා අයත් විවිධ හේතු නිසා එය මගහරිනවා. ජවසම්පන්නව දවස ආරම්භ කරන්න නම් උදෑසන ආහාරය අතිශය වැදගත්වනවා. ඔබ උදෑසන අහාරය මග හරින අයෙක් නම් අඩුම තරමේ සැහැල්ලු ආහාරයක් හෝ ලබාගැනිමට හුරු වෙන්න. උදෑසනට පෝෂ්‍යදායී සම්පූර්ණ ආහාර වේලක් ලබාගන්නවා නම් එය වඩාත් සුදුසුයි.


මේ සරල ක්‍රමවේද තුන ඇතුලත් වන අකාරයට ඔබේ දින චර්යාව සකස්කරගන්න හැකිනම් දවසේ ආරම්භය  ජවසම්පන්නව ගත කල හැකිවනවා. දවසේම සාර්ථකත්වය පවතින්නේ උදෑසනින් අප ලබා ගන්නා සාර්ථක ආරම්භය මත බව හොදින් මතක තබා ගන්න.  හැකි ඉක්මනින් මේ කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අරඹන්න.

No comments:

Post a Comment