Monday, February 1, 2016

හදුන් කූරු ගැන මේ දේවල් දන්නවාද?



ලංකාවෙ අපට පූජා භූමියකට පිවිසෙනකොට දැනෙන විශේෂ සුවදක් තියනවා. බොහෝවිට ඒ දැනෙන සුවදට මුසුව තියෙන්නෙ හදුන්කූරු කියල අපි හදුන්වන සුවද කූරුයි. සුවද කූරේ ගුණාත්මක භාවය හා තත්වය අනුව වෙළදපොලේ විවිද සුවද කූරු ඔබ දැක ඇති.
සුවදු කූරු වල පළමු පැහැදිලි මූලාශ්‍රය ලෙස හැදින්වෙන්නේ ඉපැරණි ඊජිප්තු වැසියන් භාවිතා කළ 'Combustible bouquets' ලෙස හැදින්වෙන පහසුවෙන් දැවෙන සුවද විහිදුවන නිර්මාණයකටයි. ඉපැරණි ඊජිප්තු සොහොන් තුළ සුවද කූරු බහාලන තිබී සොයාගෙන ඇත. එමෙන්ම ඒ සමග දුම්මල බදුන්ද හමු වීමෙන් විද්‍යාඥයින් නිගමනය කරන්නේ මේවා කිසියම් ගුප්ත විද්‍යාත්මක කටයුත්තකට භාවිතා කරන්නට ඇත කියාය.
කෙසේ වුවද ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේද සුවද කූරු භාවිතා කර ඇති බවත් ඒවායේ ඉතිහාසය ක්‍රි.පූ. 3300 සිට 1300 දක්වා දිව යන බව ඉපැරණි මූලාශ්‍ර වලින් ඉතිහාසඥයන් සොයාගන ඇත.
ඉතිහාසයේ සිට අද දක්වා මේවායේ ප්‍රයෝජනය මනෝභාවය (Mood)ලිහිල් කර තබා ගැනීමටත් වන්දනා මාන කිරීමටත්ය. පහත දැක්වෙන්නේ රටවල් කිහිපයක් සුවද කූරු වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ආකාරයන්ය.

ඕස්ට්‍ර්ලියාව  - ඔස්ටේ්‍රලියානුවන් තමන්ගේ වාසස්තාන තුළ අවකාශය නිස්කලංක හා සාමකාමී හැගීම් වැඩිව දැනෙන නිසා සුවද කූරු දැල්වීම සිදු කරයි.

ජපානය - පුරාණ සමුරායි විරුවන් සටනට පෙර මනස සහ සිරුර සැහැල්ලු කර ගැනීම සදහා මේවා භාවිතා කොට ඇත. අද වනවිට ජපානයේ සුවද කූරු දැල්වීම නිර්භීත බව, ශක්තිය සහ ජයග්‍රහණයේ සංකේතයකි.

භූතානය - වැඩි වශයෙන් වන්දනාමාන කටයුතු සදහා සුවද කූරු භාවිතා කරන භූතාන වැසියන් මනස සහ සිරුර පරිශෝධනය (purification) කර ගැනීම සදහාත් ඒවා භාවිතා කරයි.

ඊජිප්තුව - අතීත ඊජිප්තු වෛද්‍ය විද්‍යාවේ භාවිතා කළ ඖෂධය ක්‍රමවේදයක් වුවද වර්ථමානයේ සෞන්ධර්යාත්මක සහ සාමකාමී පරිසරයක් තම නිවෙස් වල පවත්වා ගැනීමට මේවා භාවිතා කරයි.

චීනය - ඉන්දියාවටත් පෙර සුවද කූරු භාවිතා කර ඇත්තේ චීන ජාතිකයින් වන අතර වන්දනාමාන කිරීමේදී සුවද කූරු දැල්වීමට මුල්තැන දෙයි. එමෙන්ම චීනයටම ආවේනික වෛද්‍ය ක්‍රමයක රෝග නාශක පිළියමක් ලෙස ඖෂධ ගැල්වූ සුවද කූරු දැල්වීම අදටත් ක්‍රියාත්මක වේ.

No comments:

Post a Comment