Thursday, January 14, 2016

ඔයා ජිවත් කරවන ඔබේ ඇග ඇතුලේ ඉන්න පුංචි ජීවියා

බැක්ටීරියා කියල කව්වම අපිට එක වරම මතකයට එන්නේ මිනිසුන්ට හානිදායක, ලෙඩ රෝග ඇති කරන, පියවි  ඇසට නොපෙනෙන ජීවින් කොටසක් ලෙසයි. ඒත් මිනිසුන්ට ඉතාමත් හිතකර බැක්ටීරියා වර්ගත් මිනිස් ශරීරය තුල වගේම අපේ සමෙත් ජීවත් වෙනවා. එවැනි සමහර හිතකර බැක්ටීරියවන් නැතිව අපට ජීවත් වීමට පවා නොහැකි බව කිව්වොත් ඔබ විශ්වාස කරන්නෙත් නැතිවෙයි. ඔබ මොනව හිතුවත්, අපි කවදාවත් පියවි ඇසෙන් නොදැකපු මේ පුංචි ජිවින් අපේ ජීවිත පවත්වා ගන්න ලොකු මෙහෙයක් ඉටු කරනවා.
අපි ගන්නා ආහාර දිරවන්න වගේම පෝෂණ කොටස් ශරීරයට උරාගන්න එක අපේ ශරීරයේ සිදුවන වැදගත්ම ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලය සිදුකරන්න උදව් කරනේ අපි මුලින් කිව්වව අපිට හිතකර බැක්ටීරියාවක් මගින් . එයා හදුන්වන්නේ E coli කියලයි. මිනිසාගේ අන්ත්‍රයේ ජීවත් වන මෙයා අහාර බිද හෙලිමේදි විශාල කාර්යභාරයක් සිදුකරනවා. ඒ වගේම මිනිසාට වඩාත් ප්‍රයෝජනවත් විටමින් K2 නිපදවිමත් දේහයට හානිකර බැක්ටිරියාවන් අන්ත්‍රය තුල වර්ධනය වීම වැලැක්වීමත් මෙයා සිදු කරනවා. ආහාර දිරවීමේ ක්‍රියාවලියට උදව් දීමෙන් පසු මේ බැක්ටීරියා  මලපහත් සමග  ශරීරයෙන් ඉවත්ව යනවා. නමුත් සාමාන්‍ය පරිසරයේ දි එතරම් කාලයක් E coli ට ජීවත් වීමට නොහැකි වනවා.


අපේ අන්ත්‍රයේදී වැදගත් කාර්යයක් ඉටු කලත් අන්ත්‍රයෙන් පිටත දි මෙයා එතරම් හිතකර වන්නේ නෑ.  යම් විදහකින් මෙයා රුධිරයට ඇතුල් වුනොත් නම් ලෙඩ ගොඩකට හේතු වෙනවා. බඩේ අසාත්මකතාවයන්, වමනය වගේම පාචනය වැනි දරුණු තත්වක් දක්වා අපිව ලෙඩ කරන්න මෙයාට පුළුවන්. ඒ වගේම මෙනනිජයිටීස්, නිව්මෝනියා, කාඩයිටීස් වගේ රෝග තත්වයන් ඇති කරන්න රුධ්රයට ඇතුල් වු E coli ට පුළුවන්. ශරීරය තුල විෂ නිපදවන අහිතකර E coli බැක්ටීරියාවන් අපේ අන්ත්‍රයේ සිටින බව තහවුරු වුවත් ඒ ඉතා සුළු ප්‍රමාණයක් බවයි සැලකෙන්නේ.

අහාර විෂවීම් වලට E coli ගෙන් බලපෑම් සිදුවෙන්න පුළුවන්. ගමවස් වලත්, ගොම හෝ අසූචි මිශ්‍ර වු ජලයේත්,  E coli බහුල වශයෙන් ජීවත් වෙනවා. නමුත් රත් කිරීමෙන් මෙවැනි අහාරවල හෝ ජලයට එක් වු බැක්ටීරියාවන් විනාශ කරන්න පුළුවන්. 1890 සිට ජීව විද්‍යාත්මක දර්ශකයක් ලෙස ජලයේ පිරිසිදු බව මිනින්න E coli පරීක්ෂාව සිදුකරනවා. ඒ වගේම ආහරවලට සහ ජලයට  අසූචි මිශ්‍ර වි ඇත්දැයි දැන ගැනීම සදහා E coli පරීක්ෂාව මේ වනවිටත් ලංකාවේදී සිදුකරනවා.

සාමාන්‍ය පරිසරයේ දී ජිවත් නොවන E coli අළුත උපදින දරුවකුගේ ශරීරයට ඇතුල්වීම ඔහුගේ ජීවිතය පවත්වා ගැනීමට ඉතාම වැදගත් දෙයක්. ඒත් මේ බැක්ටීරියාව දරුවකුට ඇතුල් වෙන්නේ කෙහොමද? මේ පිළිබදව හරිහැටි නිගමනයට මෙතෙක් එලඹී නැතත්, දරු ප්‍රසූතියේ දී මවගෙන් බිලිදාට බැක්ටීරියාව හුවමාරුවන බව සමහර දෙනෙක් පිළගන්නවා. තවත් සමහරෙක් දරුවා ගන්නා අහාර හෝ ජලය මගින් බැක්ටිරියාව ඇතුල්වන බව විශ්වාස කරනවා. කෙසේවෙතත් පැය 40 තුල මොවුන් අළුත උපන් දරුවෙක්ගේ ශරීරයට අතුල් වී E coli ජනපදය නිර්මාණය කරගන්නා බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.


E coli ගැන මුල්ම වරට ලෝකට හෙලි කලේ 1890 දී ජර්මන් ජාතික විද්‍යාඥයෙක් විසින්. මෑතක දී E coli ගැන ලෝකය හදුනාගත්තත් මිනිසා බිහි වුණ දා පටන්ම මිනිස් ශරිරය තුල ඉතාම වැදගත් ක්‍රියාවලියක් ඉටුකරමින් මිනිසාගේ පැවැත්ම තහවුරු කරන්න  මේ ඇසට නොපෙනන ජීවී කාණ්ඩය සමත්වී තිබෙනවා.

No comments:

Post a Comment