Wednesday, January 20, 2016

හදිසි ගුවන් අනතුරකදී මගීන් සියළු දෙනාගේම ජීවිත බේරාගත හැකි නව ක්‍රමයක්

ලෝකයේ ආරක්ෂාකාරීම ප්‍රවාහන මාධ්‍ය ලෙස ගුවන් ගමන් සැලකුවත් යානාවේ හදිසි දෝෂයක් නිසා යානය අනතුරට ලක්වුනොත් ගමන් ගන්නා සියළුම මගීන්ගේ ජිවිත අනතුරට ලක්වීමට ඇති ඉඩකඩ ඉතා විශාලයි. එවැනි ගුවන් අනතුරකදී මගීන් සියළු දෙනාගේම ජීවිතය ගලවාගන්න ක්‍රමයක් තියනවාද? යුක්රේන ඉන්ජිනේරුවෙක් වන Vladimir Tatarenko මේ ගැටළුවට වසර තුනක් තිස්සේ විසදුම් සෙව්වා. අන්තිමේදී ඔහු එයට සාර්ථක විසදුමක් සොයාගෙන තිබෙනවා. ගුවන් අනතුරකිදී මගීන් සියළු දෙනාගේම ජීවිත බේරාගත හැකි වන අයුරින් ඔහු යානයෙන් වෙන්කල හැකි මගීන් ගමන් කරන කුටියක් නිර්මාණය කර තිබෙනවා. හදිසි අවස්ථාවකදී තත්පර කීපයක් තුල මගීන් ගමන් කරන කොටස ගුවන් යානයෙන් ඉවත් කරිමට හැකිවන අයුරින් එය නිපදවා තිබෙනවා.
 ගුවන් යානයෙන් ඉවත් වු කුටිය එහි වහලයේ සම්බන්ධ කර ඇති පැරෂූට් මගින් ආරක්ෂිතව ගොඩබෑම සිදුකරන අතර කුටියේ යටි පැත්තේ ඇති හුලං පිරවු රබර් ටියුබ් නිසා අවශ්‍ය වුවහොත් ජලය මත වුවත්  ගොඩබෑමේ හැකියාව තිබෙනවා.
ලොව පුරා ගුවන් යානා ඉන්ජිනේරුවන් ගුවන් යානා ආරක්ෂිතව නිපදවීමට උත්සාහ කළත්, ඔවුන් ගුවන් මගීන් වෙනුවෙන් යමක් නොකල බව Vladimir පවසනවා. එහෙත් දැන් ගුවන් අනතුරකදී මගී ජිවිත බේරා ගැනීමට හැකියාව ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
නමුත් ගුවන් යානය පුපුරායාමක දී හෝ රොකට් අවියකින් පහරදීමක දී මගීන්ගේ ජිවිත බේරා ගැනීමට මෙම නව සොයාගැනීමට හැකිවන්නේ නැහැ. ඒ වගේම මේ පිළිබඳ අසහස් දැක්වු පුද්ගලයින් ප්‍රකාශ කර සිටියේ වෙන්කල හැකි කුටි ගුවන් යානයට සවිකිරීමට නම් යානයේ ව්‍යුහයේ විශාල වෙනස් කිරිමක් සිදු කිරීමට වන නිසා විශාල විදමක් දරන්නට සිදුවන බවත් ගුවන් නියමුවන් ගැන මෙහිදී සැලකිල්ලට ගෙන නොමැති බවත්ය. තවත් අයෙක් ප්‍රකාශ කර සිටියේ වසරකදි මිලියන ගණනක් ගුවන් ගමන් සිදු වුවත් ගුවන් අනතුරු වලින් අහිමි වන්නේ 500කටත් අඩු ජීවිත ප්‍රමාණයක් බවයි.
කෙසේ වුවත් නිර්මාණකරු විසින් සිදුකල සමීක්ෂණයකට අනුව 95% දෙනා මෙවැනි ආරක්ෂාකාරි ගුවන් ගමනක් සඳහා වැඩිපුර මුදලක් ගෙවීමට කැමත්තක් දක්වන බව හෙළිව් තිබෙනවා.


යානයෙන් මගී කුටිය වෙන් කරන ආකාරය

යානයෙන් ඉවත් වූ මගි කුටිය පොළවට පතිත වීමේ වේගය  වෙඩි බෙහෙත් එන්ජින් දෙකක් මගින් අඩු කරන අතර පැරෂුට් දිගහැරීම ද සිදුවේ

මගීන් ඉතා ආරක්ෂාකාරී ලෙස පොළව මත ගොඩබෑම සිදුකරයි.


හුලං පිරවු රබර් ටියුබ් නිසා මගී කුටියට ජලය මත පාවීමේ හැකියාව ඇත.


මගී කුටියේම මගීන්ගේ ගමන් මළු ගබඩා කරන කොටසත් ඇති නිසා ඒවාද ආරක්ෂා කර ගැනීමට හැකිවේ.


ගුවන් ගත කරීමක දී, ගුවනේ දී හෝ ගොඩබෑමේ දි මගීන් ගමන් කරන කුටිය ඉවත් කිරීමේ හැකියාව ඇත.



 

No comments:

Post a Comment