Sunday, January 24, 2016

ගලක පිහිටි කුහරයක් ගස්කපන්නෙක් දුටුවා. දැන් එහි ඇතුලත ඇති දේ දිකන ලොවම පුදුමවනවා.

1991 වර්ෂයේ දී  Hồ Khanh  නම් වියට්නාමයේ නීති විරෝධී ගස් කපන්නෙක් වනයේ ගමන් කරන අතර තුර ගලක විශාල කුහරයක් නිරීක්ෂණය කරනු ලැබුවා. ගුහාවක අතුල්වීමේ දොරටුවක් වු එය තුලින් ගංගාවක් පිටතට ගලා ආ අතර ඔහු අත ලණුවක් හෝ වෙනත් අරක්ෂිත උපකරණ නොතිබූ නිසා එය තුලට ඇතුල් නොවීමට තීරණය කළා. නමුත් කෙදිනක හෝ මෙය තුලට ඇතුල් වීමේ අදහස ඇතිව ඔහු එතැනින් පිටවි ගියා.

2009 වර්ෂයේ දී වියට්නාමයට පැමිණි බ්‍රිතාන්‍ය ගුහා පිළිබද පරික්ෂණ කරන  කණ්ඩායමකට Khanh ගේ සෙයා ගැනීම පිළිබද දැනගන්නට ලැබුණා. මෙම ගුහාව නිරීක්ෂණය කිරීමට Khanh ගෙන් පරීක්ෂණ කණ්ඩායම උදව් ඉල්ලූ අතර ඔහු ඒ සදහා මග පෙන්වීමට කැමත්ත පළ කලා. ඔවුන් එක්ව කල පළමුවන ගවේෂණයේ දී ගුහා 11 සොයාගත් අතර Khanh මීට පෙර දුටු විශාල කුහරය සොයා ගැනීමට නොහැකි වුණා. ඉන් මාස කිපයකට පසු නැවතත් Khanh විසින් එම ගුහාව නැවත වරක් සොයාගන්නට සමත් වුණා. මේ පිළිබදව පරීක්ෂණ කණ්ඩායම දැනුවත් කල ඔහු 2010 අප්‍රේල් මාසයේ එම ගුහාවට අතුල් වුණා.

ඔවුන් එසේ අතුල් වුනේ සෙබා දහමේ අපූර්වතම නිර්මාණයක් වු ලොව විශාලතම ලෙන ලෙස සැලකෙන Son Doong ගුහාවටයි. මීටර් 150 පළලින් හා මීටර් 200ක් උසින් යුත් මෙම ගුහාව තුල තට්ටු 40 ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩකඩ ඇති බව පැවසෙනවා. මේ ගුහාව  තුල වනාන්තරයක් සහ ගංගාවක් ද වන අතර Son Doong යන නම් ලැබී අත්තේ ඒ නිසයි. වියට්නාමයේ Hanoi අගනුවරට සැතපුම් 280ක් දුරින් පිහිටි Phon Nha-Ke Bang ජාතික වනඋද්‍යානයට මේ ආශ්චර්යමත් ගුහාව අයත්වනවා.


වසර මිලියන 2ත් 5ත් අතර කාලයක දී මේ ලෙන නිර්මාණය වී ඇති බවත් මෙම පාෂාණයේ යට කොටසේ තිබූ හුණගල් ස්ථරය ගංගාවේ ජලය නිසා ඛාදනය වීමෙන් මේ විශාල ගුහාව නිර්මාණය වි ඇති බවත් විශේෂඥයින් පවසනවා.

මේ සම්පූර්ණ ලෙනම සැතපුම් 87ක් දිගින් යුක්ත බව ගණනන් බලා තිබෙනවා.


මේ ගුහාව තුල සතුන්, වැසි වනාන්තර, ජලාශ, වෙරළ සහ ගංගාවක් ද පිහිටා තිබෙනවා.
වෙනත් ප්‍රාග් ඓතිහාසික ලෙන් වල දී හමුවන ප්‍රතිමා සහ ලෙන් සිතුවම් මෙම ලෙන තුල දකින්නට නැහැ. අතීතයේ පටන්ම මෙම ලෙන නොයිදුල්ව පැවති බවට එය හොද සාධකයක්.



Son Doong ලෙන නැරඹීමට සංචාරකයන් පැමිණීම ආරම්භ වුණේ 2013 වසරේ සිටයි. මෙහි පැමිණෙ සංචාරකයෙකුට මාර්ගෝපදේශකයකුගේ සහය ඇතිව දින 7ක සංචාරයක්  සිදුකිරිමට හැකියාව තිබෙනවා. මෙහිදී රාත්‍රී පහක් ලෙන තුල කදවුරු බැද ගත කිරීමට අවස්ථාව සැලසෙන අතර  ඒ සදහා ඩොලර් 2300ක් පමණ අය කරනවා.




Son Doong  ලෙන තුල ඉතා දුර්ලභ මුතු වර්ගයක් හමුවනවා. ලෙනේ  හුනුගල් සහිත ඉහල කොටසින් වසර සිය ගණනක් තිස්සේ ජල බින්දු කාන්දු වීමෙන් මේවා නිර්මාණය වී තිබෙනවා.






වසර මිලියන ගණනාවක් තිස්සේ නොයිදුල්ව පැවති මේ සොබා දහමේ විශ්මිත නිර්මාණය ජීවිතයේ දී එක් වරක් හෝ දැක බලා ගැනීමට තිබෙනවා නම් එය සුන්දර අත්දැකීමක් වේවි. ඔබට Son Doong  ලෙන නරඹන්න අදහක් තියනව නම් මේ ලෙන සොයා ගැනීමේ ප්‍රමුඛයා Hồ Khanh  ගේ මාර්ගෝපදේශයකත්වය ලබා ගැනීමටත් අවස්ථාව තිබෙනවා.

No comments:

Post a Comment