Friday, January 15, 2016

අවුරුදු 1300ක සිට බලලුන් ලවා කොස්ඇට බාන චීනයේ අපූරු ධීවරයෝ

චිනයේ Lijiang ගංගාව කියන්නේ ඉතා පැහැදිලි ජලය සහිත සුන්දර ගංගාවක්. මේ ගංගාව අශ්‍රිතව  වසර 1300ක දිර්ඝ ඉතිහාසයක සිට මසුන් මරමින් ජීවිකාව ගෙන යන සුවිශේෂි වු ධීවරයන් පිරිසක් ජීවත් වෙනවා. ඹවුන් මසුන් ඇල්ලිම සදහා යොදා ගන්නේ ඉතා පාරම්පරික අපූරු ක්‍රමවේදයක්. එය තමයි, මසුන් මැරීම සදහා නිවෙස්වල ඇති කර  පුහුණු කල දියකාවුන් යොදා ගැනීම.
පුහුණු කල දියකාවුන් සමග උණ බටවලින් සදාගත් පාරුවක් මත නැගී පාන්දරින්ම හෝ සවස්වරුවේ මොවුන් මසුන් මැරීම සදහා පිටත්වෙනවා. මසුන් ගිල දැමීමට ඉතා රුචිකත්වයක් දක්වන මේ දියකාවුන්ගේ ගෙල නූලක් මගින් සිර කර බැදීම මුලින්ම සිදු කරනවා. එසේ සිර කිරීම නිසා දියකාවුන්ට මාළුවන් ගිල දැමීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ගෙල සිර කල දියකාවුන් ගංගාවට මුදා හැරිමෙන් පසු උන් මසුන් ඇල්ලීමට දරිගැන්වීම පිණිස ධීවරයන් පාරුව සෙලවීම හා ශබ්ද කිරීම පාරම්පරිකවම සිදුකරන ක්‍රියාවක්. ධිවරයන්ගේ දරි ගැන්විත් සමගම ජලය තුලට කිමිදෙන දියකාවුන් මසුන් පසුපස හබාගොස් ඩැහැ ගැනීම සිදුකරනවා. මසුන් අල්ලාගෙන මතුපිටිට පැමිණෙන දියකාවන් දිගු ලී මිටක් ආධාරයෙන් පාරුව මත සිට ධීවරයින් විසින් පාලනය කරිම සිදුකරනවා. ඌ අල්ලාගත් මාළුවත් සමග දිය මතුපිටට පැමිණි පසු ධීවරයින් විසින් දියකාවාට ගිල ගැනීමට නොහැකිව උගුරේ සිරවී ඇති මාළුවා එලියට ගෙන මසුන් එකතු කරන කූඩයට දාමා ගන්නවා. පසුව නැවතත් මසුන් ඇල්ලීමට ඌ උනන්දු කරනවා. මේ විදියට දියකාවුන් ධීවරයන්ගේ කූඩය පිරෙන තුරු මසුන් දඩයම් කර දුන් පසු ගෙලේ බැදි නූල ඉවත් කර දියකාවට මසුන් කීහිපදෙනෙක් තෑගි කරීම ඔවුන්ගේ සිරිතක්.
මේ අපූරු මසුන් ඇල්ලීමේ සම්ප්‍රදාය මේ වනවිට සංචාරකයින් අතරත් ඉතා ජනප්‍රියයි. Lijiang ගංගාව පැමිණෙන සංචාරකයින් දියකාවුන් ලවා මසුන් මැරීම අත්හදා බැලිමට අමතක කරන්නේ නැහැ. චීනයේ විතරක් නෙවෙයි ජපානයේත් මේ ආකාරයෙන් මසුන් මරන ධිවරයින් හමුවෙනවා.
පහත ඡායාරූපවලින් දියකාවුන්ගෙන් මසුන් අල්ලන අයුරු වඩා හොදින් පැහැදිලි කරගන්න පුළුවන්
ඔවුන්ගේ දියකාවුන් රැගෙන පාරුවෙන් මසුන් මැරීමට පිටත්වන Yongjia ප්‍රදේශයේ ධීවරයින්


ධීවරයින් විසින් ඔවුන්ගේ දියකාවුන්ට මාළුවෙක් අල්ලා ගත් පසු නැවත පාරුවට එන ආකාරය ඉගැන්වීමට වසර කීපයක් තිස්සේ පුහුණු කිරීම් සිදුකරනවා


අල්ලාගත් මසුන් ගිල දැමීමට නොහැකි වන ලෙස දියකාවුන්ගේ ගෙල හන වලින් සැදී නූලකින් වෙලීම සිදුකරනවා


 දිය යට කිමිදුනු දියකාවුන් මාළුවන් ලුහුබැද ඩැහැ ගන්නා ආකාරය


මාළුවන් අල්ලාගෙන දිය මතුපිටට පැමිණි දියකාවුන් ලී දණ්ඩක් ආධාරයෙන් ධීවරයින් පාලනය කරන අයුරු


දියකාවුන්ගේ මහන්සිය වෙනුවෙන්  කුඩා මසුන් ත්‍යාග කිරීම  සිදුකරනවා.



දියකාවුන්ගේ මහන්සියට සරිලන ලෙස කුඩා මසුන් ත්‍යාග ලෙස නොලැබුනොත්,  දියකාවුන් මසුන් ඇල්ලීම නතර කරන බවට ධීවරයින් විශ්වාස කරනවා.


No comments:

Post a Comment