Thursday, November 26, 2015

plague




කළු මරණය හෙවත් මහාමාරිය
කළුමරණය (Black Death) යන නමින් හැදින්වුණ මහාමාරිය (Plague) මධ්‍යතන යුගයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් මහම ව්‍යසනයයි. එයින් යුරෝපයේ සහ ආසියාවේ මිලියන සංඛ්‍යාත ජනයා මිය ගියහ. මෙම වසංගත රෝගය යුරෝපයට ගෙන යන ලද්දේ ආසියාවේ සිට එහි ලිය ඉතාලි ජාතික නැවියන් විසින් යැයි පැවසේ. මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන්ගේ සිරුරේ වසන මැක්කන් මිනිසුන්ට දෂ්ට කළ විට මැක්කන් තුළ වූ රෝග බීජ මිනිස් සිරුරට ඇතුළු වී මිනිසාද රෝගී කරයි. මීට කළු මරණය යන නම ලැබුනේ රෝගීන්ගේ සිරුර පුරා කළු මරණය යන නම ලැබුණේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසයි. මධයතන යුගවේ විසූ වෛද්‍යවරයෙකු වෙත රෝගය පිළිබද අවබෝදයක් හෝ ඊට ප්‍රතිකාර පිළිබද දැනුමක් නොවීය.

කිසියම් නිවසක කෙනෙකුට මෙම රෝගය වැලදුන විට එහි සෙසු නිවැසියන් කළේ නැසැකවම මරණය උරුම කරගත් රෝගියා නිවස තුළ අත්හැර දමා පලායාමයි. රෝගීන් සිටි සහ සිටින නිවෙස්වල ලොකු කුරුසියක් ඇද තැබීමේ සිරිතක් ද විය. ළග ළග තබා තිබූ මුඩුක්කු බදු කුඩා අපිරිසිදු ගෙවල්වලින් සමන්විත වූ යුරෝපීය නගරවල මේ රෝගය මහත් වේගයෙන් පැතිර ගියේය. නගරවල සිට පිටිසරට පලාගිය අය මගින් ඒ ප්‍රෙදේශවලට ද රෝගය දායාද විය. මේ රෝගයෙන් යුරෝපයේ මිලියන 20ක් පමණ මිය ගිය බැව් වාර්තා වී ඇත. මළකදන් පැටවූ කරත්ත සොහොන් බිම් කරා ගෙනයන දසුන් එකල යුරෝපයේ හැම නගරයකම සුලභ දසුනක් විය. ලන්ඩන් නුවර මේ රෝගයෙන් පීඩිතව සිටියදී අහම්බෙන් එහි හටගත් මහා ගින්නකින් එහි වූ ගෙවල් මුළුමනින්ම වාගේ දැවී විනාශ විය. ඉන්පසු ඒ නගරයේ රෝග භීතිය අඩු වී ගියේය. එවකට විසූ අයට නොවැටහුණ ද එය සිදු වූයේ නගරයේ ගෙවල් හා අන්‍ය ගොඩනැගිලි ආදියේ වාසය කළ විශාල මී රංචු ගින්නෙන් විනාශ වීම නිසයි. යුරෝපයට එම ලන්ඩන් ගින්න වෙස්වලාගත් ආශීර්වාදයක් විය.


No comments:

Post a Comment