Friday, November 6, 2015

beard







රැවුලන්ගේ ඉතිහාසය සහ වර්තමානය
අතීතයේ සිට අද දක්වා මිනිසාගේ ශරීරාංග වලින් කැපී පෙනෙන ඒවා අතරින් රැවුල සහ කොණ්ඩයට හිමි වන්නේ ප්‍රධාන තැනක්. මෙම ලිපියෙන් කියවෙන්නේ රැවුලේ ඉතිහාසය හා ඒ සම්බන්ධ වැදගත් කරුණු කිහිපයකි.පර්යේෂකයින් ප්‍රකාශ කර සිටින ආකාරයට ප්‍රාග් ඓතිහාසික මානවයා රැවුල භාවිතා කර ඇත්තේ පහත සාදක වලටය.
01. උණුසුම් වීම සදහා.
02. අන් අය තැතිගැන්වීම සදහා.
03. මුහුණේ සමට සිදුවිය හැකි බාහිර උපද්‍රව වලින් ආරක්ෂා වීම සදහා.

අතීතයේ ශිෂ්ටාචාර වල ගෞරවය හිමිකරගැනීමට රැවුල භාවිතා වූ අතර එවැනි ශිෂ්ඨාචාර වලදී රැවුල කැපීම දඩුවම් දීමක් ලෙස සලකා ඇත. නමුත් ක්‍රි.පූ 345 දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සිය සොල්දාදුවන්ට රැවුල වැවීම තහනම් කිරීමත් සමග රැවුලේ තිබූ අභිමාණය හීන විය.

මධ්‍යතන යුගයේ අනෙකෙකුගේ රැවුලෙන් ඇල්ලීම අපහාසයක් ලෙස සැලකුණු අතර එවැනි අවස්ථාවල දඩුවම් දීමක් ද ක්‍රියාත්මක වී ඇත.

19 වන සියවස වන විට රැවුල වැවීම නැවතත් රැල්ලක් බවට පත් කලේ ඇමරිකානු ජනාධිපති වරයකු වූ ඒබ්‍රහම් ලින්කන් විසිනි. අද වන විට ඇමරිකාවේ ජනගහනයෙන් 33%ක් රැවුල වවා ඇති අතර ලෝක ජනගහනයෙන් 55%ක් විවිද ප්‍රමාණයන්ගෙන් රැවුල වවා ඇත.
සාර්ථකත්වයේ සාදකයක් ලෙස රැවුලට ඇත්තේ එතරම් යහපත් තත්වයක් නොවේ.
ෆෝබ්ස් සගරාව වාර්ෂිකව නම් කරන ලොව ධනවත්ම මිනිසුන් 100 දෙනාගෙන් 98%ක්ම සම්පූරණයෙන්ම රැවුල බා ඇත. ලෝක විරුවන්, කම්කරුවන් සහ අපරාධ කරුවන් 98%ක්ම රැවුල වවා සිටීම එයට සාක්ෂි සපයයි.
එහෙත් රැවුල වවා සිටින අය 100%ක්ම අපරාධකරුවන් හෝ දරුණු පුද්ගලයන් නොවේ. අද වන විට බොහෝ දෙනා රැවුල විලාසිතාවක් ලෙස හා අනන්‍යතාවය රැක ගැනීමේ සාදකයක් ලෙස භාවිතා කරයි.
ලොව පුරා ගුවන් නියමුවන්ට රැවුල වැවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර ඒ ඔවුන්ගේ ඔක්සිජන් ආවරණ මුහුණේ නිසියාකාරව සම්බන්ධ කිරීමට අවශ්‍ය වන නිසාවෙනි. ගිනි නිවන භටයන් හටද මෙම නීතිය එලෙසම ක්‍රියාත්මක වේ.

හමුදා නිලදාරීන් සදහා මෙම නීතිය රටින් රටට විවිද ආකාරයෙන් ක්‍රියාත්මක වේ. සමහර රටවල නිල ඇදුමේම කොටසක් ලෙස රැවුල සැලකෙන අතර. සමහර රටවල අනිවාර්ය නොවේ.

Hans Langseth සිය අඩි 17ක් දිගැති රැවුල සමග/

No comments:

Post a Comment