Sunday, November 22, 2015

විද්‍යාඥයින් මවිත කළ ප්ලාස්ටික් කොම්පෝස්ට් කරන අරුම පුදුම සත්වයා

දිරාපත් නොවන කෘතිම අපද්‍රව්‍ය මේ වන විටත් ලෝකයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා අපි හැමෝටම හොදින් වැටහෙනවා. හිතන්න, ඔයාගේ ගෙදරින් දවසකට මේ වගේ දිරාපත් නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කොතරම් බැහැර කරනවාද කියලා.
විශේෂයෙන්ම අපි වැඩි වශයෙන් භාවිතා කරන polystyrene foam උපයෝගී කරගෙන නිපදවන එක් වරක් පමණක් පාවිච්චි කර ඉවත ලන කෝපි කෝප්ප, කෑම ඇසුරුම්, යෝගට් කෝප්ප, විවිධ උපකරණ ඇසුරැම් කිරීමට ගන්නා ආක්ෂක පෙට්ටි වැනි ප්ලාස්ටික් නිෂ්පාදන නිසා පරිසරය ගොඩක් දූෂණය වෙනවා. ඇමරිකාවේ පමණක් වසරකට එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන කෝපි කෝප්ප බිලියන 2.5ක් ඉවත දමනවා. මෙහි ඇති විශාලම ප්‍රශ්නය වෙන්නේ මෙම අපද්‍රව්‍ය වසර මිලියන ගණන් දිරා පත් නොවී පරිසරයට හානි පැමිණවීමයි. ඒ විතරක් නොවෙයි ස්භාවික පරිසර වලට බැහැර කිරීමෙන් මේවා ආහාරයට ගන්න සතුන්ද විශාල වශයෙන් මිය යනවා.



ඒත් තව දුරටත් මේ කරදරය ලෝකයට විදින්න වෙන්නේ නැති විදියේ නවතම සොයාගැනීමක් කරන්න විද්‍යාඥයින් පිරිසක් සමත් වෙලා තියෙනවා. බීජිං නුවර Beihang University සහ කැලිෆෝනියාවේ Stanford University කියන විශ්වවිද්‍යාල දෙක එක්ව සොයා ගත් මේ අරුම පුදුම ප්ලාස්ටික් දිරා පත් කරන ක්‍රමය මොකක් කියලද ඔයාට හිතෙන්නේ.
ඇත්තටම ඒ පුංචි පණුවෙක්. Mealworm කියාල හදුන්වන සෙන්ටිමීටරයක් විතර දිග මේ පණුවා ඉදිරියේදි මුළු ලෝකයේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රශ්නය විසදාවි. ඒක කරන්නේ මෙන්න මේ විදියට, මේ පණුවට පුළුවන් polystyrene foam එහෙම නැත්නම් ඔයාල හොදින්ම දන්න Styrofoam වලින් හදන සයළුම දේවල් ආහාරයට ගන්න. විශේෂම දේ තමයි මෙයා ආහාරයට ගන්න මේ ප්ලාස්ටික්, මල ද්‍රව්‍ය විදියට එයා බැහැර කරන්නේ පරිසරයට ඉතාමත් හිතකර කාබනික අපද්‍රව්‍ය විදියට වීම. මේ පණුවගේ බඩේ ඉන්න විශේෂ බැක්ටීරියා විශේෂයක් විසින් තමයි මේ ජීරණ ක්‍රියාවලිය සිදු කරන්නේ.

පරීක්ෂණ වලදී මේ පණුවන් 100කට දිනකට Styrofoam මිලි ග්‍රෑම් 34 – 39 පමණ ආහාරයට ලබා දීල තියෙනවා. මේ විදියට මාසයක්ම මේ පණුවන්ට Styrofoam ආහාරයට දීල, විද්‍යාඥයින් සොයාගෙන තියෙන්නේ, මේවා ආහාරට ගෙන  පැය 24 ක් ගත වන විට එයින් අඩක් විතර කාබන් ඩයොක්සිඩ් ලෙසත් ඉතිරි කොටස් පරිසරයට හිතකර කොම්පෝස්ට් ලෙසත් ශරීරයෙන් බැහැර කරන බවයි.
මේ බැක්ටීරියා විශේෂය මුල් වරට 2009 වසරේදී තායිවානයේ උසස් පාසලක සිසුවෙකු විසින් සොයාගෙන තිබුණත් Mealworm  පණුවන්ගේ උදරය තුලදී ප්ලාස්ටික් දිරාපත් කිරීමේ හැකියාව පිළිබඳව හඳුනාගෙන තිබුණේ නැහැ. මේ නව සොයාගැනීමේන් විද්‍යාඥයින් ඉතාමත් මවිතයට පත්වී ඇති අතර  Dr. Wei-Min Wu පවසා ඇත්තේ මෙය පසුගිය වසර දහය තුල පරිසර වෙනුවෙන් කල හොදම සොයාගැනීම බවයි. 

No comments:

Post a Comment