Tuesday, November 10, 2015

කෙනෙකුගේ උපන් දිනය අනුව කියවෙන, ඔහුගේ පෞර්ෂත්වය සහ චරිත ලක්ෂණ ගැන හරියටම දැනගන්න

කෙනෙක් ඉපදුණු දිනය දැනගෙන එයාගේ පෞර්ෂත්වය, චරිත ලක්ෂණ ගැන කල් තියාම දැන ගන්න පුළුවන් විදියක් තියෙනවා නම් ඔයා ගොඩක් කැමති වෙයි නේද? මෙන්න ඒකට හොද ක්‍රමයක්. අවුරුද්දේ කුමන මාසයක ඉපදුණත් ප්‍රශ්නයක් නැහැ, දිනයට අදාල විස්තරය කියවන්න. මුලින්ම ඔයාගේ දිනයට අදාල විස්තරය බලවිට මේකේ නිවරද්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන්.

මාසයේ 1,10, 19, 28 දිනයන්හි උපන් අය

ඔබගේ උපන්දිනය මේ දිනයන් වල නම්, ඔබ ඉපදී ඇත්තේ නායකයකු වීමටමයි. ඔබට හොද නායකයකු වීමේ හැකියාවන් ගොඩක් ඇති. සමහර විට දැනටමත් නායකත්වය ඔබට හිමි වෙලත් ඇති. නැතිනම් හැකි ඉක්මනින් නායකයක් වෙන්න.

මාසයේ 2, 11, 20, 29  දිනයන්හි උපන් අය

ඔයා ඉතාමත් සංවේදී කෙනෙක්. ඔයාටම හිතෙනවා ඇති ‘‘ඇයි මම මෙතරම් සංවේදී‘‘ කියලා. ඒ වගේම ඔයාට උපායශීලීත්වය සහ සහජ ඥානයකිනුත් යුතු කෙනෙක්. පවුලේ අය සමගත් ඔයා ගොඩක් හොදින් ජීවත් වෙන කෙනෙක්.

මාසයේ 3, 12, 21, 30 දිනයන්හි උපන් අය

ඔයාගේ නිර්මානශීලීත්වය නම් හිතාගන්නවත් බැරි තරම් විශාලයි. ගොඩක් දේවල් ඉතාමත් නිර්මාණශීලී විදියට කරන්න ඔයාට පුළුවන්. ඇත්තටම ඔයා කලාකරුවෙක් කීවොත් නිවැරදියි. කලාවට සම්බන්ධ වෘත්තියකට එළඹුනොත් ඔයාගේ ජීවිතය ගොඩක් සාර්ථකත්වයට පත්වේවි.

මාසයේ 4, 13, 22, 31  දිනයන්හි උපන් අය

ඔයා ගොඩක් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන කෙනෙක්. ගොඩක් අයගෙන් ඔයාගේ මේ වැඩ වලට වර්ණනාවන්, ප්‍රශංසාවන් අහන්නත් ඔයාට පුළුවන්.

මාසයේ 5, 14, 23,  දිනයන්හි උපන් අය

ඔයා ගොඩක් නිර්භීත කෙනෙක්. ඔයාට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙත් මේ නිර්භීත කම නිසාමයි. ඔයාව බය කරන්න පූළුවන් දෙයක් නම් මේ ලෝකේ නැතිව ඇති.

මාසයේ 6, 15, 24,  දිනයන්හි උපන් අය

ඔයා ගොඩක් බුද්ධිමත්. ඔයාට තාර්කිකව සිතීමේ හැකියාව තියෙනවා. හැම විටම ඔයා කරන්නේ මොකක්ද කියලා හොද අවබෝධයකින් තමයි වැඩ කරන්නේ. ඒ වගේම ඔයාගේ කණ්ඩායමේ ඉන්න බුද්ධිමත්ම කෙනා ඔයාම තමයි.

මාසයේ 7, 16, 25,  දිනයන්හි උපන් අය

ඔයා ආධ්‍යාත්මික කෙනෙක්. ඔයා ගොඩක් වෙලාවට හිතන්නේ දාර්ශනික දේවල් ගැන, විශ්වය හැදුනේ කොහෙමද වගේ අමුතු දේවල්. ඔයා ඉස්කොලෙදිත් ගොඩක් කැමති වෙන්න් ඇත්තේ දර්ශනවාදය වගේ විශයන් වලටයි.

මාසයේ 8, 17, 26,  දිනයන්හි උපන් අය

හරියටම කීවොත් ඔයා හොදම ව්‍යාපාරිකයෙක්. මුදල් සම්බන්ධ කටයුතු වලට ඔයා ගොඩක් දක්ෂයි. ඔයා මේ දවස් වල ඉපදුණු කෙනෙක් නම් හොදම දේ තමයි කැමති ව්‍යාපාරයක් තෝරාගෙන එයින් ඉදිරියට යන එක.

මාසයේ 9, 18, 27,  දිනයන්හි උපන් අය

ඔයා පවුලේ අයත් එක්ක ඉන්න කෙනෙක්. ඔයාගේ පවුලේ අයට ගොඩක් ආදරේ කරන ඔයා හැම විටම පවුලේ අය එක්ක ඉන්න තමයි කැමති.

මේ කරුණුත් එක්ක ඔයාගේ චරිත ලක්ෂණ ගොඩක් වෙලාවට සමාන වේවි. ඒ විතරක් නෙවෙයි ඔයා සර්ථක කෙනෙක් වෙන්න නම් ඔයාට හරියටම ගැලපෙන අංශය තෝරාගන්නත් මේකෙන් උදව්වක් ගන්න පුළුවන්. යාළුවන්ගේ චරිත ලක්ෂණත් මීට අදාලද කියලා බලන්න. දැන් ඔයාට පුළුවන් කෙනෙකුගේ උපන්දිනය දැනගත්තොත් එයා කොයි වගේ කෙනෙක්ද කියලා මුලින්ම යම් අදහසක් ගන්න.

කෙනෙකුගේ උපන් දිනය අනුව කියවෙන, ඔහුගේ පෞර්ෂත්වය සහ චරිත ලක්ෂණ ගැන හරියටම දැනගන්න



No comments:

Post a Comment