Monday, November 16, 2015

ඔබේ නාසයේ හැඩය අනුව ඔබ කොයි වගේ චරිතයක් හිමි පුද්ගලයෙක් දැයි දැනගන්න

ශරීරයේ අවයව වලින් එම අවයව හිමි පුද්ගලයා ගේ චරිත ලක්ෂණ හෙලිදරව් කර ගැනීම ඈත අතීයේ සිටිම භාවිතා කල විශේෂිත ශාස්ත්‍රයක්. ශරීර අවයව වලින් හෙලිකරන මේ තොරතුරුවල  නිරවද්‍යතාවය පිළිබද සමහරුන්ගේ නම් වැඩි පැහැදීමක් නෑ. ඒත් මේ තොරතුරු තමන්ගේ චරිත ලක්ෂණ සමග ඉතා හොදින් ගැලපෙන බව පිළිගන්නා බොහෝ පිරිසක් වර්තමානයේත් සිටිනවා.  ඔබේ නාසයේ හැඩයට අනුව හෙළිකරන තොරතුරු ඔබේ චරිත ලක්ෂණ සමග කොතරම් දුරට ගැලපෙනවාදැයි පහතින් ඔබටම බලාගන්න පුළුවන්

විශාල නාසය


විශාල නාසයෙන් බලය, නායකත්වය සහ තනිවම කටයුතු කිරීමේ දැඩි කැමත්ත පෙන්නුම් කරනවා. විශාල නාසයක් හිමි අය අන් අයගේ අණ පිලිපැදිමට කැමත්තක් නොදක්වයි. එම නිසා ඔවුන් වෙනත් කෙනෙකු යටතේ වැඩ කිරිමට කැමත්තක් නොදක්වයි. කුඩා ප්‍රමාණයේ කාර්යයන් සදහා දායක වීමට එතරම් කැමැත්තක් නොදක්වන මොවුන් තරමක මානයෙන් යුක්තයි'

කුඩා නාසය

කුඩා නාසයක් හිමි අය කණ්ඩායමක් සමග කටයුතු කිරීමට ඉතාමත් දක්ෂයි. මොවුන් නැවත නැවත කිරීමට සිදුවන කම්මැලි වැඩක් වුවත් අතහැර දාමා පලා නොයයි. මොවුන් සතු නිර්මාණාත්මක පරිකල්පන ශක්තියක් යොදා ගනිමින් තනිවම යම් යම් දේවල් කිරීමට හැකියාවත් ඇත. නමුත් ඔවුන්ගේ කිපෙන සුළු බව නිසා සමහර අවස්ථාවල කලකිරිමට පත්වේ.

දිගු නාසය

දිගු නාසයක් හිමි අය ව්‍යාපාර කටයුතු වලදි හොද දැනීමක් තිබෙන අතර දියුණු වීමට දැඩි කැමත්තක් දක්වනවා . ස්වාධීනව කටයුතු කිරීමට ප්‍රිය මොවුන් සතුව ඉතා හොද නායකත්ව කුසලතාවන් පවතිනවා.

දිගින් අඩු මහත නාසය

මේ ආකරයේ නාසයක් හිමි අය ගැටළුවකට විසදුම් සෙවීමේදී සෑම විටම  නව මානයන් සොයා ගනී.  මොවුන් විවෘත මනසක් යුක්ත වුවත් සමහර දේවල් ප්‍රකාශ කිරිම හැගිම්වලට අනුව යටපත් වේ.

රැල්ලක්  සහිත නාසය

රැල්ලක් සහිත නාසයක් හිමි අය නාසයේ හැඩය නිසාම ඉතා ඉක්මනින් මතකයේ රැදෙනවා. මොවුන් ස්භාවයෙන්ම විනෝදයට ලැදි විනෝදයෙන් කාලය ගත කරන්නට කැමති පිරිසකි.

ගැටයක් සහිත නාසය

නාසයේ මැද ගැටිත්තක් සහිත නම් එම පුද්ගලයන් ස්වභාවයෙන් හිතුවක්කාර ගතියෙන් යුතු, දියුණුවට දැඩි කැමැත්තක් දක්වන අයයි. මොවුන් ඉතා හොද පෞර්ෂයකින් යුක්ත අතරම නායකත්ව කුසලතා වලින් යුක්තයි. ඉවසීවෙමන් යුතුව යමක් සංවිධානය කිරීමේ හැකියා මොවුන් සතුව පවතින අතර කාර්යක්ෂමව එම කාර්යය සිදුකරයි.

ඉහලට හැරුණු නාසය

අග කොටසින් ඉහලට හැරුණු නාසයක් සහිත අය සර්වශුභවාදීන් වන අතර  කාරුණික හදවතක් සහිතයි. අන් අයට උදව් කිරීමට කැමැත්කත් දක්වන මොවුන් පවුලේ අය සහ යාළුවන් සමග හොද බැදීමක් පවත්වාගෙන යයි.

No comments:

Post a Comment