Monday, November 23, 2015

larun gar











ලොව විශාලතම බෞද්ධ භික්ෂු ජනාවාසය

චීනයේ Larun Gar මිටියාවතේ පිහිටා ඇති දර්ශණීය කදුවැටියකින් වටවූ භූමියක මෙය පිහිටා ඇත. Larun Gar Buddhist Academi (ලාරුන් ගා බෞද්ධ ශාස්ත්‍රාලය) ලෙසින් හදුන්වන මෙය ලොව විශාලතම බෞද්ධ අධ්‍යාපන ආයතනයකි. එම නිසා එම ප්‍රදේශයේ වාසය කරන 40000කටත් අධික භික්ෂූන් සදහා මිටියාවත පුරා දහස් ගණන් රතු පැහැති දැවයෙන් නිර්මාණය කෙරුනු නිවාස ඉදි කර ඇත. ඒවා එකිනෙකට ළංව ඉදිකර ඇති නිසා කදු මුදුනේ සිට බලන විට දිස්වන්නේ මනරම් දර්ශණයකි.

ටිබෙටියානු බුදු දහම ඉගැන්වීම සදහා මෙම ස්ථානය නිර්මාණය වී  ඇත්තේ 1980 වසරේ සිටය. චීනයේ මුහුදු මට්ටමේ සිට අඩි 12500ක් ඉහළින් පිහිටා ඇති මෙහි අධ්‍යාපනය ලැබීම සදහා තායිවානය, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් වලින් පැමිණෙති. මෙම ප්‍රදේශය පුරා රූපවාහිනී භාවිතා කිරීම තහනම් කර ඇති අතර විශේෂිත iPhone දුරකතන පමනක් භාවිතා කිරීමට අවසර ලබා දී ඇත.

අරුම පුදුම අවමංගල්‍ය චාරිත්‍රය
Larun Gar වැසියෙක් මියගිය පසු සිදු කරනු ලබන අවමංගල්‍ය චාරිත්‍රය පෞරාණික ටිබෙට් චාරිත්‍ර වලින් පැවත එන්නකි. පළමුව මියගිය තැනැත්තාගේ මළසිරුර කදුමුදුනට ගෙන ගොස් ආගමික වතාවත් සිදුකරනු ලබයි. ඒවා අවසානයේ "Sky Burial Master" නමින් හදුන්වන පුද්ගලයා විසින් මළ සිරුර කැබලි වලට කපනු ලැබේ. ඉන් පසු සිදුවන්නේ එම කැබලි ආහාරයට ගැනීම සදහා අවට සිටින රාජාලියන් පැමිණීමයි. ඔවුන් විශ්වාස කරන පරිදි එම කොටස් සම්පූර්ණයෙන්ම ආහාරයට ගනු ලැබුවේ නම් මියගිය පුද්ගලයා යහපත් අයෙක්වන අතර ඉතිරි වී ඇත්නම් එම පුද්ගලයා අයහපත් අයෙක් ලෙසද සැලකේ.

No comments:

Post a Comment