Saturday, July 9, 2016

welcome to kandy

_welcome_to_{kandy} මහනුවර, අමුතුම නගරයක්. ආදරවන්තයන්ට පාරාදීසයක්. පාසල් යන අයට ඉගැනීම් කටයුතු කරන්න මහනුවර තරම් සුදුසු නගරයක් ලංකාවෙ නැති තරම්. ලස්සන සාමකාමී මිනිහෙක්ට ජීවත් වෙන්න ලංකාවෙ හොදම නගරය මොකද්ද කියල ඇහුවොත් මම කියන්නෙ මහනුවර කියලා. ඒත් ඒ හැමෝටම වඩා මහනුවර වැදගත් වෙන්නෙ මෘදුකාංග ඉංජිනේරුවන්ට. ලංකාවෙ පළවෙනි ඩිජිටල් නගරෙ මහනුවර කරන්න රජයෙන් ලොකු ව්‍යාපෘතියක් කලා අවුරුදු දෙකකට කලින්. දැන් මහනුවරම 5G 


අන්තර්ජාලයෙන් ආවරණය වෙලා. නුවර හැමදෙයක්ම වෙන්නෙ තාක්ෂණය හරහා. නුවර නගරය ඇතුලෙ හංගල තියන ස'වර් එකක නුවර නගරයට එන ඕන කෙනෙක්ගෙ විස්තර හොයා ගන්න පුළුවන්. කිසිම කෙනෙක් ඒ ස'වර් එක තියන තැන දැනගෙන හිටියෙ නෑ. ඒ වගෙර් තත්වයක් තියෙද්දි නුවර අපරාධ අඩු වුණේ බලාගෙන ඉද්දි. මගේ නම KV. මම මෘදුකාංග ඉංජිනේරුවෙක්. මම වැඩ කලේ ඇමරිකානු සමාගමක් විසින් මෙහෙයවන පෞද්ගලික සමාගමක. මගෙ රස්සාවෙ කවදාවත් අලුත් දෙයක් වෙලා තිබුණෙ නෑ. ඒත් මාස 6කට කලින් ලංකාවෙ හිතාගන්න බැරි වුණ දෙයක් වුණා කියල ඔයාල දන්නවනෙ. ලංකාවෙ ප්‍රධානතම බැංකුවෙන් රුපියල් ට්‍රිලියන 1.3ක් ලෝකෙ වටේ බැංකු වලට මාරු වෙලා ගිහින් තිබ්බා. මේකෙන් ලංකාවෙ ආර්ථිකය හිතාගන්න බැරි විදියට කඩා වැටිල, ලංකාව පුරා කලබල ඇති වෙලා, බැංකු අධ්‍යක්ෂකවරු සියදිවි නසාගෙන ලොකු සිද්ධි මාලාවක් වුණා. ඒත් හිතාගන්න බැරි විදියට දවස් දෙකකින් ආයෙත් ලෝකෙ වටේට transfer වෙලා තිබ්බ සල්ලි ලංකාවෙ බැංකුවට තිබ්බ විදියටම බැර වෙලා තිබ්බෙ කිසිම අඩුපාඩුවක් නැතිව. හැමෝම හිතුවෙ ඒක බැංකුවෙ පරිගණක පද්ධතියෙ අවුලක් කියල, ඒත් ඒක හැකර්කරුවන් පිරිසකගෙ වැඩක් කියල රහස් පොලිසියට තේරුම් ගන්න වැඩි කාලයක් ගියෙ නෑ. ඒකෙනුත් පුදුම සිද්ධිය වුණේ, හැකර්කරුවන් එයාලගෙ වීරක්‍රියාව කරල තියෙන්නෙ මහනුවර ඉදල කියල interpol පොලිසිය හොයා ගත්ත එක. කොහොම හරි මේක ගැන පරීක්ෂණ කරන්න පොලිසියට අමතරව CID, Interpol එකතු වෙලා හිටියා. ඒත් එයාලට එයාලගෙ පරීක්ෂණ කටයුතු කරන්න හිටපු ගොඩක් පරිගණක විශේෂඥයන්ට මහනුවර තියන Networking ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නෑ. ඒ නිසා එයාලට අපේ උදව් ඕන වුණා. -මතු සම්බන්ධයි-

No comments:

Post a Comment