Saturday, July 16, 2016

මහනුවර බැංකු සයිබර් ප්ර හාරය අල්ලන්න විශේෂඥ කණ්ඩායමක් යොදවයි.

බැංකුවට සයිබර් ප්‍රහාරය එල්ල වෙලා දවස් දෙකක් යන්න කලින් CID සහ Interpol එකෙන් නුවර වට කලා වගේ. කොහොම වුණත් ඒ ආපු අයට එයාලගෙ පරීක්ෂණ කටයුතු කරන්න නුවර networking ගැන හොද දැනුමක් තියන පරිගණක විශේෂඥයන්ගෙ උදව් අවශ්‍ය වෙලා තිබ්බා. ඒකට එයාල දවස් 4ක් යන්න කලින් නුවරම පීරල මෘදුකාංග ඉන්ජිනේරුවො, ගණිත විශේෂඥයන්, ගුරුවරුන් ආදී පිරිසක් එකතු කරල කණ්ඩායමක් හැදුවා. ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න මටත් අවස්ථාව හම්බුණා. අපෙ කණ්ඩායමේ කවුරුත් පෞද්ගලිකව අදුරන්නෙ නෑ. අදුරගන්න වුවමනා වුණෙත් නෑ. අපිට ඉක්මනටම වැඩ එන්න ගත්තා. වැඩි කාලයක් යන්නම කලින් අපි තේරුම්ගත්ත බැංකු ප්‍රහාරය අපෙ අපරාධකාරයන්ගෙ පළවෙනි ප්‍රහාරය නෙමෙයි කියලා. බැංකුවට ප්‍රහාරය එල්ල වුණ දවසෙ කවුරු හරි කෙනෙක් බැංකුවෙ සවර් එක ලගට ගිහිල්ල තිබ්බා. ඒත් කිසිම CCTV කැමරාවක හෝ කිසිම Motion senser වල සදහන් වෙලා තිබ්බෙ නෑ. අපි CCTV දවස් ගානක් අධ්‍යනය කලාට පස්සෙ හොයාගත්ත ඒව auto loop වෙලා කියලා. ඒ කියන්නෙ අපේ සැකකාරය කැමරාවට පෙනී සිටින කාලය කිසිම තැනක record වෙලා නෑ. ඒ වෙනුවට දත්ත ගබඩාවෙ ඊට හරියටම පැයකට කලින් record වෙලා තිතිබ CCTV දර්ශන ආය play වෙලා. එයාල ඇතුලට එන්න කලින් motion sensers පවා deactivate කරලා. මෙයාල නිකම්ම හැකර්ස්ල නෙමෙයි. Security ඔක්කොම අයින් කලත් බැංකුවක් ඇතුලට හොරෙන් ඇතුලට යන්න හොද හැකියාවක් තියෙන්න ඕනෙ. ඉදිරි දින කීපයක් තුල අමුතු ප්‍රහාර කීපයක් එල්ල වෙලා තිබ්බා. කෑම කඩ, ආගමික ස්ථාන, රෝහල් වගේ කොහෙටවත් නැති ස්ථාන. ඒත් කිසිම හොරකමක් වෙලා තිබ්බෙ නෑ. ඒ හැම එකකම CCTV දර්ශන පරික්ෂා කරද්දි අපිට කිසිම දෙයක් හොයාගන්න ලැබුණෙ නෑ. හැම එකක්ම auto loop වෙලා. ඒත් රෝහලේ CCTV දර්ශන වල අමුතු දෙයක් මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. දිග කොරිඩෝවක දෙපැත්තෙ තිබ්බ CCTV කැමරා දෙකක දර්ශන මම හොදට නිරීක්ෂණය කලා. පළවෙනි කැමරාව auto-loop වෙන්න පටන් ගත්තෙ හරියටම 20:43:26, දෙවෙනි කැමරාව auto-loop වෙන්න ගත්තෙ 20:43:33ට. තත්පර 7ක පරතරයක්. ඒ කියන්නෙ පයින් එන කෙනෙක්ට කොරිඩෝව හරහා යන්න ගතවෙන කාලය. ඒක ගැන හිතද්දි තමා මට තේරුම් ගියේ අපේ හැකර්කරුවො ටිකක් අමාරුකාරයො කියලා. එයාල කැමරා loop කරන්නෙ එන්න කලින් නෙමෙයි. එයාල ඇත්තටම loop කරන්නෙ නෑ


එයාල ගාව තියන phone එකක් වගේ උපකරණයකින් එයාල ලග පාත තියන හැම CCTV එකක්ම auto-loop වෙනවා. ඒ කියන්නෙ අපේ හැකර්කරුවන් කවදාවත් CCTV එකකට අහු වෙලා නෑ කියන එක. මම පහුගිය දවස් ටිකේ නුවර මට හොයාගන්න පුළුවන් හැමතැනකම CCTV දර්ශන පොලිසිය මාර්ගයෙන් හොයා ගත්තා. නුවර ප්‍රසිද්ධ ස්ථාන කීපයකම මට auto-loop වුණ දර්ශන හම්බුණා. නියමයි එයාලව හොයාගන්න එක දැන් පිදුරු ගොඩක ඉදිකටටක් හොයනව වගේ වැඩක්. ඒත් කාන්දමක් තිබ්බොත් වැඩේ ලේසි කියල මට තේරුනා. ඉතින් මමත් අපේ යාළුවො අල්ලන්න කාන්දමක් හැදුවා!!

-මතු සම්බන්ධයි-

No comments:

Post a Comment