Sunday, July 31, 2016

ඉපැරණි දේහ ලක්ෂණ විද්‍යාවෙන් දුටු පමණින් කාන්තාවකගේ ගති ගුණ හදුනාගන්නා හැටි

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ සැබෑ චරිත ලක්ෂණ වසර ගණනක් ඔවුන් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියත් සමහරවිටක හදුනාගැනීම පහසු කටයුත්තක් නොවන බව ඔබ අත්දැකීමෙන්ම දන්නා කරුණක්. නමුත් අතීතයේ දී ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දුටු පමණින් ඔවුන්ගේ ගතිගුණ චරිත ස්වභාවය හදුනාගැනිමට හැකි පුද්ගලයන් සිටි බව සමහරවිට ඔබ දන්නවා ඇති. මෙලෙස යම් පුද්ගලයෙකුගේ ශරීරයේ අවයව වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙන් එම පුද්ගලයාගේ චරිත ස්වභාව පිළිබඳ අවබෝධයක් ලබාගැනීම දේහ ලක්ෂණ විද්‍යාව ලෙස හදුන්වයි. ඉතා ඉපැරණි විද්‍යාවක් ලෙස සැලකෙන මෙය යම් පුද්ගලයෙක් පිළිබද ඉතා නිවැරදි හෙලිදරව් කිරිමක් සිදුකරන බව පිරිසක් තරයේ විශ්වාස කරනවා.  නමුත් තවත් සමහරක් දෙනා මෙය අසත්‍යක් ලෙස බැහැර කරනවා.
පහත දැක්වෙන්නේ ඉපැරණි දේහ ලක්ෂණ විද්‍යාවෙන් ස්ත්‍රියකගේ ශරිර ස්වභාවයට අනුව ඇගේ ගතිගුණ හෙලි කර ගන්නා ආකාර කීපයක්.

දිගු ගෙලක් පිහිටන කාන්තාව උපායශීලීය. තීක්ෂණ බුද්ධියක් ඇති තැනැත්තියකි. පුරුෂයන් වසඟයට ගැනීමට දක්ෂය. තම සිතැඟි වලට මුල් තැන දෙන්නීය.

මුව කුඩා අය ලැජ්ජාශීලී කතුන්ය. එහෙත් ඔවුන් ගුප්ත ගතිගුණ ඇති අයයි.

විශාල මුවක් ඇති අය වියදම්කාරියන් ය. කෑමට මෙන්ම කතාවට ද ගිජුය. කල්පනා නොකර කටට එන දේ කීමෙන් නිතර පාඩු සිදුකර ගනී.
දිගු අතඟිලි ඇති කාන්තාව කලාවට ලැඳිය. අදහස් කලාකාමීය, සුන්දරය, හිතවත්කම්වලට ප්‍රිය කරයි. විරුද්ධ පක්ෂයේ අය හා දුර ඇසුරෙන් ආරක්ෂා වෙයි.





පපුවේ රෝම ඇති කාන්තාව කටකාරියකි. සැමියා සමඟ රණ්ඩු කරයි. මුරණ්ඩු ගතිගුණ සහිතයි.
දකුණු පියයුරෙහි සිහින් ලප ඇති තැනැත්තිය කිසියම් හෝ දෙයකින් ප්‍රසිද්ධියට පත්වේ.
පියයුරු අතර මැද තිලකයක් වැනි ලපයක් ඇති කත ඉහළ තනතුරු දැරීමට ද වාසනාව ලබයි.
තද ඝනනීල කෙස්කළඔක් ඇති ස්ත්‍රිය ජනප්‍රිය වේ. සැපසම්පත්  ලබයි. ධනය මෙන් දිගායුෂද හිමිවේ.
දෙතොල ඉතා සමබරව පිහිටන්නිය සැබෑ ආලවන්තියකි.
සිනාසෙන විට කම්මුල වළ ගැසෙන ස්ත්‍රිය විනෝදකාමීය. පුරුෂ සැපයට වැඩි ලොල් බවක් දක්වයි.
උඩු ඇන්දේ ප්‍රධාන දත් දෙක මැද හිඩැසක් ඇති ළඳකගේ මුල් සැමියා අකාලයේ මිය යයි. නැතිනම් පළමු විවාහය අසාර්ථක වේ. පුරුෂයන් වසඟකර ගැනීමට දක්ෂය.
උදරයේ රැළි තුනක් හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියකි. උපතින්ම ඈ කිසියම් ශිල්පයක මනා නපුන බවක් පෙන්වයි.
පාදයක සුළැගිල්ලක් හෝ ඊළඟ ඇඟිල්ල පොළවේ ස්පර්ශ නොවේ නම් ඇය වරදට පෙළඹන ඊට කැමති එකියකි.
පාදයේ මහපට ඇඟිල්ල දිගු ස්ත්‍රිය ස්වාමියාට ගරු නොකරන මුත් එඩිතර ගති ඇත්තියකි.
ගමන් කිරීමේදී පාදවලින් පැහැදිලි ශබ්දයක් නැගෙන්නිය, සැමියාට නිතර අපල ගෙන දෙයි. ආශාවන්ගෙන් පෙළෙයි.
ඉතා පැහැපත් ඇස් ඇත්තිය සැමියාට වාසනාව උදා කරයි.
තොල්පෙති රෝස පැහැති කාන්තාව භාග්‍යවන්තය.
උකුල සමව පිහිටන ස්ත්‍රිය සැප සම්පත් ලබයි. වාසනාවන්ත දරුවන්ගේ මවකි.
දෑතේ ඇඟිලි කෙටි මහත ඒවා නම් ඈ කම්සැපට ලොල් ය.
පියයුරු අතර පරතරය පුළුල් ව පිහිටයි නම් ඇය අවාසනාව දෝතින් ගෙනා ස්ත්‍රියකි.
අඩවන් වූ දෙනෙත් ඇත්තිය තම සැමියාට බෙහෙවින් ආදරය දක්වන්නියක් බව පෙන්වයි.
ගෙලෙහි ඉරි තුනක් දැක්වෙන ස්ත්‍රිය නම්බුනාම ලබයි. උසස් තනතුරු  දරයි. වාසනාව උපතින්ම ගෙනා  තැනැත්තියකි.
වටකුරු ඇතැඟිලි ඇත්තිය ව්‍යාපාර සඳහා දක්ෂකම් දක්වයි. සැමියා හා දරුවන් වෙනුවෙන් දවිපුරා කැපවෙයි.
සිනාසෙන විට දත් වැඩිපුර පෙනෙන තැනැත්තිය සමාජශීලිය. එඬිතර හා සෘජු ගති ඇත්තියකි.
උදරයේ සිට පෙකණිය දක්වා සිහින් ඉරක් හෝ රෝම පිහිටි කත ගෞරවනීය චරිතයක් ඇත්තියකි. සැපසම්පත් උරුමය. වාසනාවන්තය.
උරහිස කොට අය, සැප සම්පත් ලබන්නේ අඩුවෙනි කනස්සල්ලෙනි.



No comments:

Post a Comment