Tuesday, July 5, 2016

ටැටූ එක්ක ගහන්න හිතනවාද? එහෙනම් මේක අනිවාර්යෙන් කියවන්න

ටැටූ එහෙමත් නැත්නම් ‘පච්ච‘ කලාව කියෙන්නේ ඉතාමත් පැරණි කලාවක්. ටැටූ කලාවට කොතරම් දිගු ඉතිහාසයක් තියෙනවාද කිව්වොත් එය ඊජිප්තු ශිෂ්ඨාචාරයටත් පෙර සිට මිනිසුන් තම ශරීරය අලංකාර කරගන්න යොදා ගෙන තිබෙන බවට සාක්ෂි පවතිනවා.








ලෝකයේ හැම රටකම වගේ කාන්තා පිරිමි දෙපාර්ශවයම ටැටූ වලින් තමන්ගේ ශරීරය ලස්සන කරගන්නවා. අපේ රටේ මෑත ඉතිහාසයේ නම් පච්ච නැත්නම් ටැටූ සිරුරේ කොටා ගත්තේ චන්ඩි කියලා මතයක් තමයි සමාජයේ පැතිරිලා තිබුණේ. ඒත් දැන් ඒක ගොඩක් වෙනස් වෙලා අපේ රටෙත් දැන් කාන්තා පිරිමි දෙපාර්ශවයේම මේ ටැටූ කලාවට ලොකු උනන්දුවක් තියෙනවා.

ලස්සන වෙන්න විතරක් නෙමෙයි තමන් මොන වගේ සිතුම් පැතුම් තියෙන කෙනෙක්ද කියලා සමාජයට පෙන්න හොඳ ක්‍රමයක් තමයි මේ ටැටූ කලාව. හැබැයි මේක තමන්ගේ ශරීරය මත කරන් ස්ථිරව පවතින දෙයක් නිසා නිවැරදිව, ලස්සනට කර ගත්තෙ නැත්තම් ඔයාට ලොකු අමාරු ගොඩක වැටෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ටැටූ එකක් ගහන්න අදහසක් තියෙනවා නම් මේ දේවල් ගැන ඔයාගේ අවධානය යොමු කරන එක ගොඩක් හොඳයි.
1. මූලිකම දේ තමයි ටෑටූ එකක් ගහනකොට පළපුරුදු කෙනක් ලගින් ඒක කරගන්න එක. ටැටූ එක ගහන්න ඕනි හම උඩ ඒක වැරදියට කළොත් ටැටූ එක Emboss වෙලා එහි හැඩය වර්ණය වෙනස් වෙන්න ගන්නවා. එහෙම උනොත් ඔයාගේ ටැටූ එක මතගෑවුන චිත්‍රයක් වෙගේ වේවි.
2. ටැටූ අඳින්න ගන්න වර්ණක ගැනත් සැලකිලිමත් වෙන එක ගොඩක් වැදගත්. හොඳ වර්ණ පාවිචි කරන්න ඕනි. USA වගේ රටවලින් එන වර්ණක ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතයි වගේම ඇලජික් වෙනවත් අඩුයි. කොයි වර්ණක උනත් ලංකාවේ හමට ගැලපෙන එකක් වෙන්න ඕනි.
ටැටූ එකේ Shadings එන තැන් වලට පාවිච්චි කරන්න වෙනම වර්ණක තියෙනවා. ඔයා ගහන්න යන Design එකේ shadings තියෙනවා නම් එම වර්ණක පාවිච්චි කරණ එකත් වැදගත්.

3. ටැටූ ගහන්න පාවිච්චි කරන මැෂින් එකත් ගොඩක් වැදගත්, ඒවා ඉහළම තත්වයේ තියෙන්න ඕනි. USA, Germen මැෂින් වල තත්වය ඉතාමත් ඉහළයි. විවිධ හැඩ මතු කරගන්න යොදා ගන්න කටු වර්ගත් එකිනෙකට වෙනස් වෙනවා. විශේෂම දේ තමයි එකම කටු ගොඩක් අයගේ ටැටූ ගහන්න පාවිච්චි කරන එක හරිම භායානක දෙයක්. මේ වැරදි වැඩේ නිසා ඒඩ්ස් වගේ භයානක රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ටැටූ එක ගහද්දි ඔබ ඉදිරියේම අළුත් කටු වල ආරක්ෂක ආවරණ ඉවත් කරන ලෙස නිර්මාණ ශිල්පියාගෙන් ඉල්ලන්න. එය ඉතාමත් වැදගත් කරුණක් ඒවා අළුත් කටුද යන්න සැක හැර දැන්ගන්න. සමහර අය පාවිච්චි කරපු කටු තම්බලා ජීවානුහරණය කරලා නැවත පාවිච්චියට ගන්නවා. එහෙම කරන්නේ ඔයාට අඩු මුදලට ටැටූ ගහන්න වෙන්න පුළුවන් ඒත් ඒක හරිම භයානකයි වගේම නොකළ යුතු දෙයක්

4. අනිත් වැදගත් දේ තමයි ටැටූ එක ගහන කෙනාගේ කලාත්මක හැකියාව හා පළපුරුද්ද. ඔයා ටැටූ එකක් ගහන්නේ මුළු ජීවිතකාලෙටම තියාගන්න. ඒ වගේ එකක් පළපුරුද්දක් නැති නිර්මාණ ශීලීත්වයක් නැති කෙනෙකුට කියලා කරගත්තොත් ලස්සන වෙන්න කියලා හිතල කරපු දෙයින් ඔයාට ලොකු අවලස්සක් ලැබෙන්නත් පුළුවන්. ටැටූ එක ගහන්න කලින් ඒක ගහන කෙනාගේ නිර්මාණ ශීලිත්වය ගැන හොදට අධ්‍යයනය කරන්න. පළපුරුදු කෙනෙක් ටැටූ එකක් ගහද්දි වේදනාව දැනෙන්නේ ගොඩක් අඩුවෙන්. සමහර විට ඔයාට වේදනාවක් දැනෙන එකකුත් නැහැ.

5. පළපුරුදු කෙනෙක් ඔයාගේ ටැටූ එක කළාම තියෙන අනිත් වාසිය තමයි පසු කාලෙක ඔබට ටැටූ එක ඉවත් කරගන්න උණොත් එය ලේසර් තාක්ෂණයෙන් ඉවත් කරගන්න පුළුවන් වීම. ඒත් අත්දැකීම් අඩු කෙනෙක් හම තුළටම ටෑටු එක කරලා තිබ්බොත් ඉවත් කරගන්න එක කරන්න අමාරුයි.
මේ කරුණු ගැන සැලකිලිමත් වුණොත් ඔයාට හොඳ ටැටූ එකක් ගහගන්න එක එතරම් ආමාරු දෙයක් නෙවෙයි.

මේ ලිපියෙ තියෙන සියළුම ටැටූ ඡායාරූප මහනුවර Ola Tatoo කියන නිර්මාණ ශිල්පියා විසින් කරපු ඒවා. ඔහුට නිර්මාණශීලි ටැටූ කලාව ගැන තියෙන්න උපන් හපන් කමක්. විදේශිකයින් පවා ඔහුගේ ටැටූ නිර්මාණ වලට ගොඩක් ප්‍රිය කරනවා. අත්දැකීම් අඩු කෙනෙක් කරපු ටැටූ එක වහල ඒ මත කළාත්මක නිරමාණයක් කරන්නත් ඔහුට තියෙන්නෙ පුදුම හැකියාවක්. ගැහැණු පිරිමි දෙපාර්ශවයේම ටැටූ ගහන්න ඔහුට ඉතා හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම ඔයා කැමති ඕනෙම නිර්මාණයක් ටැටූ එකකට නඟන්නත් ඔහුට තියෙන්න අපූරුම හැකියාවක්.



ටැටූ ගැන වැඩි දුර විස්තර ඔයාට දැනගන්න ඕනි නම් Ola Tatooට කතා කරන්න. එයා ඔයාව ඒ ගැන හොඳින් දැනුවත් කරයි. ඔයාට ටැටූ එකක් ගහන්න අදහසක් තියෙනවා නම් srilife.lk එකෙන් Number එක ගත්තේ කියන්න, ඔයාට විශේෂ වට්ටමක් ගන්න පුළුවන් වේවි.

No comments:

Post a Comment