Sunday, July 24, 2016

මහනුවර බැංකු සයිබර් ප්‍රහාරයේ හැකර්කරුවන් ඇල්ලිම අවුලෙන් අවුලට

හැකර්කරුවන් කැමරා auto-loop කරන්නෙ තමන්ගෙ ලගම තියන උපකරණයකින් කියල මම තේරුම් ගත්තා. බොහෝවිට ඒක වෙන්නෙ එයාලගෙ phone වල තියන කලින් programm කරල තියන software එකකින් වෙන්න ඕන. software එකකින් අදාල උපකරණය වටේ තියන CCTV අදුරගෙන CCTV වල hard drive වලට ඇතුළු වෙලා පැයක් පරණ video එක අරගෙන ඒක ආයෙමත් play වෙන්න හදනව කියන්නෙ phone එකකට දරාගන්න බැරි වැඩක්. වෙන device එකකින් ඒක කලත් ඉතාම වේගෙන් වගේ වැඩක් කරන්න වේගවත් මතක ධාරිතාවක් තියෙන්න ඕනෙ.
නැත්නම්,,,
එයාල වෙනම 'වර් එකක් පවත්වාගෙන යන්න ඕනෙ කාටවත් ඇතුළු වෙන්න බැරි විදියට, 5G connetion එකක් එක්ක 'වර් එකයි, එයාල ලග තියන phone එකයි, CCTV පද්ධතියයි සම්බන්ධ කරන්න තත්පර ගානක්වත් යන්නෙ නෑ. වගේ බලවත් 'වර් එකක් පවත්වගෙන යන්න නම් ලොකු විදුලියක් යනවා. අනිවාර්යයෙන්ම 'වර් එක නුවර නගරයට ලගින් තියෙන්නත් ඕනෙ. ආය අන්තර්ජාල සේවා සපයන ආයතනයකින් අන්තර්ජාල පහසුකම ලබා ගන්නත් ඕනෙ. වගේ 'වර් එකකට සෑහෙන්න ලොකු බිලක් එන්න ඕනෙ.
මේ කාරණා ටික අපේ රහස් පරීක්ෂකවරුන්ට දැනුම් දෙන්න මම පොලිස් මෙහෙයුම් කාර්යාලයට ඇමතුමක් ගත්තා. මේ අපරාධය ගැන කරන පරීක්ෂණයෙ විශේෂත්වය වුණේ මේකට සම්බන්ධ ප්රධාන රහස් පරීක්ෂකවරු කවුද කියල කවුරුවත්ම දැනගෙන හිටපු නැති එක. එහෙන් මෙහෙන් ආපු ආරංචි වලට අනුව නම් මේක මෙහෙයවන්නෙ රහස් පරීක්ෂකයන් දෙන්නෙක් විසින්.
ඇමතුම සම්බන්ධ වුණාට පස්සෙ මම ජේෂ්ඨ නිලධාරියෙකුට කතා කරන්න අවශ් බව දැන්වුවා.
"KV නේද? වැදගත් දෙයක් කියන්න තියනවද? " රිසීවරයෙ අනිත් පැත්තෙන් ඇහුනෙ ලස්සන ගෑණු කටහඩක්.

ඉතින් මම හොයාගත්ත දේවල් කියාගෙන යද්දි ඇය මගෙ කතාවට බාධා කලා.
"අපි දැනටමත් නුවර නගරෙ ඉදල හැතැම්ම 20 අරයක් තියන හැම තැනම හොයල ඉවරයි. කිසිම අසාමාන් විදුලි පරිහරණයක්, අසාමාන් ජාලකරණයක් වෙලා නෑ. මීට වඩා හොද දෙයක් හොයා ගත්තොත් ආය කතා කරන්න" කියල ඇය දුරකථනය විසන්දි කලා.

නියමයි! එයාල දැන් තමා ඒව අපිට කියන්නෙ. වෙලාව 22:13යි. මම විතරයි office එකේ. එක පාරටම මගෙ phone එකට මැසේජ් එකක් ආවා. මගේ බිරිද තරූෂිගෙන්.
"අදවත් කලින් ගෙදර එන්නකො, මම ඊයෙ ඔයා මට අරන් දුන්න ඇදුම ඇදගෙන ඉන්නෙ."

"මම ඊයෙ ඔයාට ඇදුමක් අරන් දුන්නෙ නෑනෙ" මම reply කලා.

"හරියට හරි 😉" ඇගෙ reply එක ආවෙ හැරෙන තැපෑලෙන්.

දැන් ඉතින් මට ගෙදර යන්න හේතුවක් තියනවා.


මම PC එක shut down කරල එළියට යන්න එනකොට නහය කඩාගෙන යන කාන්තා විලවුන් සුවදක් දැනුනා. ඒත් මගේ ඔළුවෙ ඒක ගැන හිතන්න නිශ්චලව තිබ්බෙ නෑ. Office එකෙන් එළියෙ security එකෙන් පේන්න හිටියෙත් නෑ. එයා කවුරු හරි කෙල්ලෙක් එක්කරගෙන එන්න ඇති කියල හිතල මම කාරෙකට නැගල ගෙදර ගියා.
ඊළග දවසෙ උදේ මම ඇහැරුණේ දොරට ගහන සද්දෙකින්.
"KV, පොලීසියෙන් ඇවිත්" තරූෂි කීව.

මම දොර ලගට ගියා.
"KV විනෝද්, පරිගණක පද්ධතියකින් හොරෙන් දත්ත හොරා ගැනීමේ වරදට ඔබතුමාව අතඩංගුවට ගන්නවා"

ප්රධාන පොලිස් නිලධාරියා කීව.

-මතු සම්බන්ධයි-

No comments:

Post a Comment