Sunday, July 3, 2016

ලොව විශාලතම බුද්ධ ප්‍රතිමා


ලොව පුරා විවිධ ආගමික නායකයින්, විවිධ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් සිහිවීම පිණිස විශාල ප්‍රතිමා රාශියක් නිර්මාණය කර තිබේ. මේ අතරින් ලොව විශාලම හා උසින් වැඩිම ප්‍රතිමා තුනම බුදුරාජාණන් වහන්සේගේ ප්‍රතිමාවන් බව අප්‍රකට කරුණක්. මීට අමතරව ලෝකයේ ඇති උසම ප්‍රතිමා 10ම බෞද්ධ දර්ශනය පදනම් කරගෙන නිර්මාණය වූ ප්‍රතිමා වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. පහතින් දැක්වෙන්නේ ලොව උසම බුද්ධ ප්‍රතිමා 5 පිළිබඳ ඔබ නොදත් කරුණු වල සාරාංශයකි.

1. වසන්ත විහාර බුද්ධ ප්‍රතිමාව - චීනය


ලොව විශාලම ප්‍රථිමාව ලෙස සැලකෙන්නේ The Spring Temple Buddha ලෙස නම් ඇති බුද්ධ ප්‍රතිමාවයි. උස අඩි 420ක් පමණ වන අතර මීටර් 20ක් පමණ උසැති නෙළුම් මලක් මත වැඩ සිටින සේ මේ පිළිම වහන්සේ නිර්මාණය කර ඇත. 1997 වර්ෂයේ ආරම්භ කිරීමෙන් පසු 2008 වර්ෂයේදී සම්පූර්ණයෙන් වැඩ නිම කළ මෙම ප්‍රතිමා වහන්සේ නිම කිරීමට ඩොලර් මිලියන 55ක් පමණ වැය වී තිබේ. මෙම ප්‍රතිමාව මුළුමනින්ම තඹ වලින් නිර්මාණය කර ඇති අතර ටොන් 1100ක බරකින් යුක්ත වේ. ප්‍රතිමාව, නෙළුම් මල සහ පහළම පිහිටි ගොඩනැගිල්ලත් සමඟ මෙහි උස අඩි 502ක් පමණ වේ.

2. ලේකියුන් සෙක්‍යා බුද්ධ ප්‍රතිමාව - මියන්මාරය

The Laykyun Sekkya Buddha  ලෙස නම් කර ඇති ප්‍රතිමාවහන්සේ උසින් ලොව දෙවැනි තැන ගනී. මෙහි සම්පූර්ණ උස අඩි 381කි. ප්‍රතිමාව වඩා හිඳුවා ඇති ආසනයේ උස අඩි 44කි. 1996 වර්ෂයේ අරඹා 2001 වසරේදී සාදා නිමක ඇති මෙම ප්‍රතිමාව රන් පැහැයෙන් යුක්ත වීමද විශේෂත්වයකි. මියන්මාරයේ ණය්ඒන්බ ඕමබට නැමති ගම්මානයේ පිහිටා තිබේ. 

3. උෂිකු ඩයිබුට්සු බුද්ධ ප්‍රතිමාව - ජපානය


ලොව තෙවැනියට උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ නම්කර ඇත්තේ Ushiku Daibutsu ලෙසයි. මෙහි උස අඩි 361ක් පමණ වන අතර නෙළුම් මල් ආසනයත් සමඟ උස අඩි 390කි. ලෝකඩ වලින් නිර්මාණය කර ඇති මෙම ප්‍රථිමාව තුල මහල් 4කන් සමන්විත කෞතුකාගාරයක් පිහිටා තිබේ. අඩි 279ක් උසට විදුලි සෝපනයක් මඟින් ගමන් කර නැරඹීමට හැකියාව තිබීම මෙහි විශේෂත්වයකි. 1993 වර්ෂයේ සාදා නිම කර තිබෙන මෙහි බර ටොන් 4003ක් පමණවේ. 

4. ශ්‍රේෂ්ඨ බුද්ධ ප්‍රතිමාව - තායිලන්තය

ලොව උසින් වැඩිම ප්‍රතිමා අතර 8වන ස්ථානයේ හිමි මෙය බුද්ධ ප්‍රතිමා අතරින් සිව් වැනි ස්ථානයට හිමිකම් කියයි. The Great Buddha of Thailand  ලෙස නම් කර ඇත. තායිලන්තයේ උසම බුද්ධ ප්‍රතිමාව වන මෙය ථේරවාදී සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමවකි. උස අඩි 300ක් සහ පළල අඩි 210ක් පමණ වන ලෙස සිමෙන්තියෙන් නිම කර ඇත. 1990 දී වැඩ අරඹා 2008 දී සම්පූර්ණ කර ඇති අතර රන් ආලේපිත ප්‍රතිමාවකි. තායිලන්තයේ Ang Thong m<df;a Wat Muang  අසපුවෙහි මෙය නිර්මාණය කර ඇත. 

ශ්‍රේෂ්ඨ බුද්ධ ප්‍රතිමාව - ජපානය

The Grand Buddha  ලෙස නම් කර ඇති මෙම ප්‍රතිමාව උසින් අඩි 288ක් පමණ වේ. ලොව විශාලම ප්‍රතිමා වලින් 9වන ස්ථානය හිමි මෙම ප්‍රතිමාව ජපානයේ ලොන්ග්ෂාන් කඳුකරයේ බටහිර කොටසේ පිහිටා ඇත. 1996 වැඩ අවසන් කර ඇති මෙම පතිමාව බරින් ටොන් 700ක් පමණ වේ. ප්‍රතිමාව ලෝකඩ වලින් නිර්මාණය කර ඇති අතර පඩි 217කින් යුත් විශාල පියගැට පෙළකින් ප්‍රතිමාව අසලට ගමන් කළ යුතු වීමද විශේෂත්වයකි.

No comments:

Post a Comment