Wednesday, February 15, 2017

ඔබ ගොඩක් ආදරය කල Nokia 3310 වසර 17කට පසු නැවතත් වෙළදපලට

2000 වසරේ Nokia සමාගම නිකුත් කල 3310 ජංගම දුරකථනය  ලොවපුරා අතිශය ජනප්‍රිය වූ දුරකථන මාදිලයක් බවට පත් වුණා. 3310 දුරකථන මිලියන 126  පමණ ලොව පුරා අලවි වූ අතර ජංගම දුරකථන කර්මාන්තයේ දැවැන්ත වෙනසක් ඇති කිරීමට මෙය සමත් වුණා.

3310 දුරකථනය බොහෝ දෙනා අතර ජනප්‍රිය වීමට එහි බැටරියේ  ආයු කාලය, භාවිතයේ පහසුව සහ රළු භාවිතයට යෝග්‍ය වීම වැනි කරුණු හේතු වුණා.

වසර 17කට පසු,  පෙරලිකාර Nokia 3310 ජංගම දුරකථන මාදිලිය නැවතත් වෙළඳපලට ඉදිරිපත් කිරීමට Nokia සමාගම සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා. පෙබරවාරි 27 වන දා බාසිලෝනා හි පැවැත්වෙන Mobile World Congress  හිදී මෙම දුරකථනය නැවතත් වෙළඳපලට නිකුත් කිරීමට සමාගම කටයුතු යොදා තිබෙනවා.

නැවත වෙළඳපලට නිකුත් කරන 3310  දුරකථනය යුරෝ 59කට (රු.9300)  මිල කර ඇති අතර  එය මුල් දුරකථනයට මුළුමනින්ම සමාන වේවිද, නැතිනම් අළුත් විශේෂාංග සහිතව නිකුත් කරයිද යන්න පිළිබඳ තවමත් වාර්තාවී නැහැ.



No comments:

Post a Comment