Monday, February 20, 2017

වෙඩි ප්රදහාරයකින් විකෘති වූ මුහුණට වෙනත් මුහුණක් බද්ධ කල විශ්මිත සැත්කම

ලෝකයේ අතිශය දුර්ලභ ශල්‍යකර්මයක් ලෙස සැලකෙන මුහුණු බද්ධ කිරීමේ සැත්කමක් ඉතා සාර්ථක ලෙස සිදුකිරීමට ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබෙනවා. මීට පෙර ලෝකයේ මෙවැනි අතිශය සංකීර්ණ මුහුණු බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදුකර තිබුණේ අවස්ථා කිහිපයකදී පමණයි.
2006 වසරේ නත්තල් උදාවට දින දෙකක පෙර Andy Sandness නම් තරුණයා, සියදිවි නසා ගැනීමේ අරමුණින් තම නිකට මත තබා ගත් රයිෆලයකින් සිදුකල වෙඩි තැබීමක් නිසා ඔහුගේ මුහුණට දැඩි හානි සිදු වුවත් ඔහුගේ දිවි බේරා ගැනීමට හැකිවුනා.

කෙසේවෙතත් මෙම වෙඩි පහර නිසා ඔහුගේ හකු ප්‍රදේශය සහ නාසය සම්පූර්ණයෙන්ම විනාශ වී, ඔහුගේ මුඛයට දැඩි හානි සිදු වූ අතර දත් දෙකක් ඉතිරි වන්නට අනෙක් දත් සියල්ල ගැලවී ගොස් තිබුණා. එසේම ඔහුගේ වම් ඇසේ පෙනීම ද අඩු වී ගොස් තිබුණා.


සියදිවි නසා ගැනීමට තැත් කිරීම නිසා තමා සිදුකර ගත්තේ වරදක් බව තේරුම් ගත් Andy ඔහුගේ විකෘති වූ මුහුණ නිසා වසර ගණනාවක් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වී තිබුණා. වෛද්‍යවරුන් මුහුණ බද්ධ කිරීමේ සැත්කමක් කල හැකි බව පවසා සිටියත් එයට අවශ්‍ය අවයව පරිත්‍යාග කරන්නෙකු හමු නොවීම නිසා සැත්කම ප්‍රමාද කිරීමට සිදුවුණා.
අවසානයේ දී , මේ අතිශය දුර්ලභ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය මුහුණ , තවත් සියදිවි හානිකර ගැනීමක් සිදුකළ කැලන් රොස් නමැති තරුණයෙකුගෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වුණා. ඔහු සිය ශරීර අවයව පරිත්‍යාග කිරීමට බැඳී සිටි නිසා සැත්කම සඳහා අවශ්‍ය අවයව ලබා ගත හැකි වුවත්  ඔහුගේ බිරිඳ තම සැමියාගේ මුහුණ වෙනත් අයෙකුගෙන් දැකීමට කැමත්තක් දැක්වූයේ නැහැ. නමුත්, මෙම මුහුණු බද්ධයේදී ශල්‍යකර්මයට බඳුන් වූ Andy ගේ නළල හා ඇස් මෙම නව මුහුණට ලැබෙන බැවින් එය සම්පූර්ණයෙන්ම තම මියගිය ස්වාමියාගේ (රොස්) මුහුණ නොවන බැවින් ඇය අවසානයේදී කැමැත්ත ලබාදී තිබුණා.

අවයව පරිත්‍යාග කරන්නාගේ කැමැත්ත ලැබීමෙන් පසු මෙවැනි දුර්ලභ සැත්කමක් සිදුකිරීම සඳහා වසර තුනකට අධික පුහුණුවක් ලබා සිටි විශේෂඥ වෛද්‍ය Samir Mardini අතුළු කණ්ඩායම ශල්‍යකර්මය ආරම්භ කළා.

එහිදී, මියගිය රොස් තරුණයාගේ නාසය, කම්මුල්, කට, තොල්, හක්ක, නිකට මෙන්ම දත් ඇන්දද Andy වෙත මෙම ශල්‍යකර්මයේ දී බද්ධ කර තිබෙනවා. ශල්‍යකර්මය අවසාන් වී යළි ප්‍රකෘති තත්ත්වයට පැමිණි සෑන්ඩ්නස් මුලින්ම කැඩපතක් ඉදිරියේ තම නව මුහුණ දකින විට පුදුමයට පත්ව ඇත්තේ තමා බලාපොරොත්තු වූවාටත් වඩා සුවිශේෂී මුහුණක් තමා වෙත ලැබී තිබූ බැවිනි.


ජීවිතය තොර කරගැනීමට ගත්, එක් වැරදි තීරණයක් නිසා වසර 10කට වැඩි කාලයක් දැඩි අපහසුතාවයට ලක් වු Andy Sandness නූතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාරයක් බඳු මුහුණ බද්ධ කිරීමේ සැත්කම නිසා නැවතත් ජීවය ලැබුවා. තම ජිවිතය තොර කරගැනීමට එදා ගත් තීරණය කොතරම් වැරදිද යන්න තමාට පසුගිය වසර කිහිපය පුරාවට දැනුණු බව Andy අද පවසනවා.

No comments:

Post a Comment