Tuesday, February 21, 2017

වසර 4500කට පෙර මෙලොවින් තුරන් වූ මැමත් අලින්ට යළි පණ දෙයි


මීට වසර 4500කට පෙර, අවසන් අයිස් යුගයේ දී මිහිමතින් තුරන් වී ගිය යෝධ මැමත් සත්වයින් නැවතත් බිහි කිරීම ඉතා නුදුරේදීම සිදුකල හැකිවෙතැයි හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් පවසනවා.

සයිබීරියාවේ අයිස් තට්ටුවකින් සොයා ගන්නා ලද මැමත් සත්වයකුගේ අස්ථි කොටසකින් සහ හම් කැබැල්ලකින් ලබාගත් DNA අනු මඟින් කලලයක් නිර්මාණය කර,  එය කෘතිමව සකසන ලද ගර්භාෂයක් තුල වර්ධනය කිරීම ඔවුන්ගේ සැලසුමයි. මීට පෙර කලලය වර්ධනය කිරිම සඳහා වර්තමානයේ ජීවත් වන අලියෙකු යොදා ගැනීමට ඔවුන් සැලසුම් කලත්, එම සතුන්ට දැඩි වේදනා විදීමට සිදුවනු ඇතැයි එල්ල වූ දැඩි විවේචන නිසා එය අත්හැර දැමීමට ඔවුන්ට සිදුවිය.

2015 වර්ෂයේ සිට මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, වර්තමානයේ ජීවත් වන අලි ඇතුන් හතළිස් පස් දෙනෙකුගෙන් පමණ ලබාගත් DNA අනු සමඟ සංයෝග කර මැමත් DNA අනුවෙහි සංස්කරණයන් අද දක්වාම සිදු කරමින් පවතිනවා.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය  George Church පවසන අන්දමට මෙසේ සිදුකරන ලද  DNA සංස්කරණයන් තුලින් බිහි වන මැමත් සත්වයින් වර්තමානයේ පවතින දේශගුණික තත්වයන්ට ගැලපෙන ලෙස නිර්මාණය කල හැකි බවයි. නමුත් ඔවුන් තවමත් එම තත්වයට පැමිණ නැති බව පවසන ඔහු තවත් අවුරුදු දෙකකින් පමණ මෙය සිදුකල හැකිවනු ඇති බවත් පවසනවා.


කෙසේ වුවද මැමත් සත්වයින්ගේ  ශරීර වර්තමානයට ගැළපෙන පරිදි නිම කිරීම සඳහා සහ අතීතයේ සිටි මැමත් සත්වයින්ට 100% සමාන වන අයුරින් මැමත් සත්වයින් බිහි කිරීමට තවදුරටත් පර්යේෂණ සිදුකරන බව මහාචාර්ය George Church වැඩිදුරටත් පවසා සිටියා.

No comments:

Post a Comment