Thursday, February 16, 2017

මේ පුංචි නිවසේ අතුලත දැක්කොත් නම් ඔබ පුදුම වේවි


ඕනම දෙයක් දිහා පිටතින් බලලා තීරණය කරන්න එපා කියලා කියනවනේ. ඒ උනත් අපි ගොඩ දෙනෙක් බොහෝ වෙලාවට තීරණ වලට එළඹෙන්නේ පිටතින් දකින දේ අනුව තමයි.
ඒ විදහට පිටතින් බලලා යම් දෙයක් ගැන තීරණයක් ගන්න නොහැකි බව පෙන්වන අපූරු නිදසුනක් තමයි මේ පෙන්නන්න හදන්නේ. මේක ජපානයේ තියෙන පුංචි ගෙයක්. වර්ග අඩි 594ක පුංචි ඉඩකඩක නිර්මාණය කරලා තියෙන මේ පුංචි ගෙදර  Mizuishi  නම් ගෘහ නිර්මාණ ශිල්පයාගේ නිර්මාණයක්. මාර්ගයකට සහ දියපහරකට මැදිවූ ත්‍රිකෝණාකාර භූමියක නිර්මාණය කර ඇති මේ නිවස දිහා පිටත සිට බලන කොට නම් ඒ තරම් විශේෂත්වයක් දකින්න නැහැ.
ඒ උනත් මේ නිවස ඇතුලත දැක්කොත් නම් ඔබ පුදුමයට පත් වන එක ගැන අහන්න දෙයක් නැහැ. මේ ත්‍රිකෝණාකාර නිවස තට්ටු දෙකකින් යුක්තයි. එහි පළමු මහලේ නිදන කාමරයක් පිහිටා ඇති අතර දෙවන මහලේ කුස්සිය ,සාලය සහ නාන කාමරය ඉදිකර තිබෙනවා. දෙවන මහලේ සිට ඉනිමගක් මඟින් සම්බන්ධ වන තවත් රහස් තට්ටුවක කුඩා ළමුන්ට ක්‍රීඩා කිරීමට පහසුකම් ඇති ස්ථානයක්ද නිර්මාණය කර තිබෙනවා. මෙහි බිත්ති සියල්ලම සුදු පාටින් වර්ණ ගන්වා ඇති නිසා නිවස තුල ඉඩකඩ සහ ආලෝකය තවදුරටත් වැඩි කිරීමට හැකි වී තිබෙනවා.

 මේ නිවස ගෘහනිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය විදහා දක්වනවා වගේම පිටතින් බලලා යමක් ගැන තීරණ ගන්න එපා කියන පණිවිඩයත් අපට මතක් කරලා දෙනවා..












No comments:

Post a Comment