Thursday, February 16, 2017

Dog Visits Dying Owner In Hospital To Say The Final Goodbye


Ryan Jessen නම් 33 වියැති තරුණයා හදිසියේම රෝගතුර වුණා. වෛද්‍යවරු පැවසූරයේ ඔහුගේ මොලයේ ඇතුලත ලේ ගැලීමක් සිදු වී ඇති නිසා දින කිහිපයකින් ඔහු මරණයට පත්වන බවයි. මෙලෙස අවාසනාවන්ත ජීවිතයෙන් සමුදෙන අවස්ථාවේ අවසන් වරට ඔහු සමඟ කථා කරන්න ඔහුගේ යාළුවාටත් අවස්ථාවක් ලැබුණා. ඒ Ryan ගේ සුරතලිය වූ Molly නම් බල්ලාටයි.




Ryan සොයුරිය වන Michelle ඒ ගැන මෙසේ පවසා තිබුණා. ‘‘රෝහලේ කාර්ය මණ්ඩලය අපි වෙනුවෙන් කරපු හොඳම දේ තමයි මගේ සහෝදරයාගේ බල්ලාට අවසන් මොහොතේ ඔහුව බලන්න ඉඩ දීම. එයා ගොඩක් ආදරෙයි එයාගේ බල්ලට“

Ryanගේ බලු යාළුවා රෝහලට පැමිණි අවස්ථාවේ ඔහුගේ සොයුරිය කීවේ “Molly ගැන දුක් වෙන්න එපා, එයා අපි හොඳට බලාගන්නම්. එයත් අපේ පවුලේ කෙනෙක් වගේ“


රයන් මිය ගිය පසු 17 හැවිරිදි හදවත් රෝගියෙකුගේ ජීවිතය බේරාගැනීමට ඔහුගේ හදවත ලබා දීමටත් කටයුතු කර තිබුණා. 

No comments:

Post a Comment