Friday, February 17, 2017

දිනකට ප්රවමාණවත් නින්දක් නොලැබීම ඔබ හිතනවාටත් වඩා භයානකයි

දිනකට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කොතරම් බලපෑමක් සිදුකරනවා ද? යන්න පිළිබඳව සොයා බැලීමට ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ UW Medicine Sleep Center හි විද්‍යාඥයින් කණ්ඩාමයක් සිදුකල සමීක්ෂණයක තොරතුරු මාධ්‍යට හෙළිකර තිබෙනවා.

එම විද්‍යාඥයින් කණ්ඩායම මෙම සමික්ෂණය සඳහා නිවුන් පුද්ගලයින් 11 දෙනෙක් යොදා ගෙන ඇති අතර එක් එක් නිවුන් සහෝදරයින්ගෙන් එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට සලස්වා තිබෙනවා. ඉන්පසුව ඔවුන්ගෙන් ලබාගත් රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කර  තිබෙනවා.
එම රුධිර පරීක්ෂාවෙන් හෙළිවී ඇත්තේ දිනකට ප්‍රමාණවත් නින්දක් ලැබූ නිවුන් සහෝදරයන්ට වඩා නින්ද නොලැබූ අයගේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පවතින බවයි.
මේ අතර ප්‍රමාණවත් නින්ද නොලැබූ පුද්ගලයන් විවිධ රෝගී තත්වයන්ට ඉක්මනින් ගොදුරුවන අතර එම රෝග  සුව වීම කල්ගත වීමටත් මෙම තත්වය හේතුවන බව ඔවුන් ප්‍රකාශකරනවා. ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බවයි එම පර්යේෂකයින් තවදුරටත් පෙන්වා දෙන්නේ. එසේම ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතිනවා.


කෙසේ වෙතත් ඔවුන් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ සෑම පුද්ගලයෙකුම දිනකට අනිවාර්යෙන්ම පැය 7ත් 8ත් අතර ප්‍රමාණයක නින්දක් ලබාගතයුතු බවයි.

No comments:

Post a Comment