Monday, March 7, 2016

පරිගණක ක්‍රීඩා වලට ඔබත් දක්ෂ නම් ඔලිම්පික් යන්න දැන්ම ලෑස්තිවෙන්න

ඔලිම්පික් උළෙලට පරිගණක ක්‍රීඩා!! අද වන විට ලෝකෙ පරිගණක ක්‍රීඩා වල නිරත වෙන ගණන සීඝ්‍රයෙන් ඉහළ ගිහින්. මෙම තත්වය නිසාම දැන් පරිගණක ක්‍රීඩා කීපයක් ලොව පුරා ගොඩක් රටවල ලියාපදිංචි ක්‍රීඩා ඉසව් විදියට නම් කරල තියනවා. මේ තත්වය උඩදී තමයි 2015 වසරෙදි VALVe හි සභාපති හා කොරියානු ඔලිම්පික් කමිටුව, පරිගණක ක්‍රීඩා summer Olympics වල event එකක් විදියට දාන්න ඕනෙ කියල යෝජනා කරන්නේ. වසරෙන් වසර ඔලිම්පික් උළෙලවල් වලට අලුත් ක්‍රීඩා එකතු වීම සාමාන්‍ය දෙයක්. ඒත් ඔලිම්පික් වලට මොකක් හරි ක්‍රීඩා ඉස්සව්වක් එකතු කරන්න කලින් ඔලිම්පික් කමිටුව සලකා බලන දෙයක් තමයි එම ක්‍රීඩා ඉසව්වේ ගුණාත්මකබව හා ප්‍රේක්ෂක ආකර්ෂණය. 2014 වසරේදි League of Legends ලෝක කුසලානයේ අවසාන මහා තරගය ලොව පුරා මිලියන 27ක ප්‍රමාණයක් සජීවීව නරබල තියනවා. ඒ වගේම ඒක තමා ඇමරිකාවේ ජනප්‍රියතම පරිගණක ක්‍රීඩාව. ලොව පුරා ජනප්‍රියත්වයෙන් League of Legends දෙවෙනි වෙන්නෙ DOTA2 (Defense Of The Ancients) පරිගණක ක්‍රීඩාවට විතරයි. මෙවැනි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත නව තරග ඉසව් කීපයක් ඔලිම්පික් උළෙලට එක් කිරීම ඉතාම සාධනීය තත්වයක් විදියට තමා ඔලිම්පික් කමිටුව දකින්නෙ. ඒත් මේ වැඩේ වෙද්දි ප්‍රශ්න ගොඩක් එනවා. මොනවද ඇතුලත් කරන ගේම්? යෝජනා වුණේ නම් DOTA2, League of Legends, Street Fighter, Counter Strike Globle Offense හා Starcraft කියන පරිගණක ක්‍රීඩා ඇතුලත් කිරීමට. ඒ කියන්නෙ ඔලිම්පික් උළෙලෙ තව පදක්කම් 5ක් වැඩි වෙනවා.. ඒත් මේකට ජාත්‍යන්තර චෙස් සංගමයෙන් ප්‍රශ්න දානවා. මොකද චෙස්, දාම්, ෆයි ෂෝ කියන්නෙ ඔලිම්පික් ක්‍රීඩා නෙමෙයි. ඒ වගේ ක්‍රීඩා ඉසව් 16ක් එකතු කරල Mind Olympics කියල වෙනම තරගාවලියක් තියනවා. ඉතින් එයාල කියන්නෙ Summer Olympics වලට පරිගණක ක්‍රීඩා ඉසව් එක් කිරීම අසාධාරණයි කියලා. අනෙත් ප්‍රශ්නෙ තමයි Summer Olympics වලට පරිගණක ක්‍රීඩා ඉසව් එක් කරනව නම් එක් කරන්න පුළුවන් උපරිම 5ක් වගේ ප්‍රමාණයක්. එතකොට sports game, car game ගහන අයට පොඩ්ඩක් අසාධාරණයි. ඒ හේතුව නිසා League of legends හරි DOTA2 හරි දෙකෙන් එකක් අයින් කල යුතුයි කියල යෝජනාවක් ආව ඒ ගේම් දෙකම එක වගේ නිසා. ඒත් ඒ ගේම් දෙක තමා ලෝකෙ ජනප්‍රියතම online game දෙක. ඒ අතරෙ තවත් යෝජනාවක් ආව හැමෝටම සාධාරණයක් වෙන්න Mind Olympics වගේ ගේම් වලට විතරක් වෙනම ඔලිම්පික් උළෙලක් තියන්න. කොහොමින් කොහොම හරි 2016 Rio ඔලිම්පික් උළෙලට මේ ඉසව්ව ඇතුලත් නොවුණත් 2020 Tokyo ඔලිම්පික් උළෙලට නම් අනිවාර්යයෙන්ම පර්ගණක ක්‍රීඩා ඇතුලත් වෙවී!!




No comments:

Post a Comment