Thursday, March 3, 2016

හැමදාටම හෙම්බිරස්සාවෙන් බේරෙන්න ඕනද? මේ සරල ක්රමම 5 අනුගමනය කරන්න

සෙම්ප්‍රතික්ෂ්‍යාව නැත්නම් ‘හෙම්බිරිස්සාව‘ කියන්නේ අපි හැමෝටම සුලභව වැළදෙන රෝගයක්.  සෙම්ප්‍රතික්ෂ්‍යාව වෛරසයක් නිසා වැළඳෙන අතර නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ පෙන්වනවා. ඇමරිකාවේ සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ වසරකට පාසල් ළමුන්ට 6 – 10 අතර වාර ගණනක් මෙම රෝගය වැළඳෙන බවයි. සුලභ රෝගයක් සහ ඉක්මනින්  සුව කර ගත හැකි රෝගයක් නිසා මේ පිළිබඳව ඔබ වැඩි සැලකිල්ලක් නොදැක්වුවත් වසරක් ඇතුළත වාර ගණනාවක් වැළදීමෙන් ඔබගේ කාලය සහ මුදල් විශාල වශයෙන් අපතේ යන බව සැලකිය යුතු කරුණක් වෙනවා.
මෙම පර්යේෂණ කණ්ඩායම සෙම්ප්‍රතික්ෂාවෙන් වැලකීසිටීමට හැකි සරල උපක්‍රම 5ක් හඳුන්වාදී තිබෙනවා. මේ ක්‍රම නිවැරදිව අනුගමනය කිරීමෙන් ඔබටත් සෙම්ප්‍රතික්ෂ්‍යාවෙන් වැලකී සිටීමේ හැකියාව ලැබේවි.

1. දෑත් පිරිසිදුව තබා ගන්න



බොහෝ විට ඔබගේ මුඛය, නාසය, ඇස් වෙත රෝග කාරක වෛරස් රැගෙන යන්නේ ඔබගේ දෑත් විසින්මයි. නියපොතු කපා අත් පිරිසිදුව තබා ගැනීමෙන් සෙම්ප්‍රතිකෂ්‍යාව වැළදීමේ අවධානමෙන් 20% අඩු කර ගැනීමට හැකි වෙනවා.

2. දෑතින් මුහුණ අතපත ගෑමේ වාර ගණන හැකිතාක් අඩු කරගන්න.

අත් පිරිසිදුව තබා ගැනීම සැම විටම ඔබට කළ නොහැකි දෙයක්. මේ නිසා ඔබ කළ යුතු හොඳම දෙය වන්නේ නිතර මුහුණ අත ගෑමෙන් වැලකී සිටීමයි. විශේෂයෙන් ඔබේ දෑත් අපිරිසිදු අවස්ථාවල මුහුණ අතගෑමෙන් වැලකී සිටීමත් ඉතා වැදගත් වෙනවා.

3. එළි මහනේ ක්‍රීඩා වල යෙදෙන්න.
බැලු බැල්මට මෙය සෙම්ප්‍රතික්ෂාව වැලදීමට මඟක් ලෙස ඔබට පෙනුනත් සමීක්ෂකයින් සොයාගෙන ඇත්තේ එය රෝගයෙන් මිදීමට හේතු වන බවයි. පොද වැස්ස පවතින අවස්ථාවල වුවත් එළි මහනේ කටයුතු කිරීමේන් සෙම්ප්‍රතික්ෂාව වැළඳීමේ අවධානම අඩු වන බව ඔවුන් පවසයි. නිතර කාර්යාලයේ, පංති කාමරයේ හෝ නිවෙසක් තුළ සිටින අයට රෝගය වැළදීමේ හැකියාව වැඩි බවත් ඔවුන් පවසයි.

4. සුව නින්දක් ලබාගන්න
ප්‍රමාණවත් නින්දක් නොලැබීමද සෙම්ප්‍රතික්ෂ්‍යාව වැලඳීමට හේතුවක් වෙනවා. හැකි සෑම විටකම සුව නින්දක් ලැබීමෙන් සෙම්ප්‍රතික්ෂ්‍යා අවධානම අඩුකර ගැනීමේ හැකියාව ලැබෙනවා.

5. සෙම්ප්‍රතික්ෂ්‍යා රෝගීන්ගෙන් හැකිතාක් ඈත් වන්න.
සෙම්ප්‍රතික්ෂ්‍යාව වැළදෙන්නේ එම වෛරසය ආසාධිත කෙනෙකුගෙන් වාතයට මුසුවන වෛරසය ඔබට ආග්‍රහනය වීම නිසයි. සෙම්ප්‍රතික්ෂ්‍යා රෝගියකු කිවිසීමෙන් පිටවන බිඳිති, සහ සොටු දියර වල ආසාධිත වෛරසය ඇති අතර එය ඔබගේ නාසයට ඇතුල්වීමෙන් රෝගය වැළදේ.
මෙම සරල ක්‍රම 5 අනුගමනය කර වසර පුරා සෙම්ප්‍රතික්ෂ්‍යා රෝගය වැළඳීමෙන් වැලකී සුවබර දිවියක් අත් කරගෙන, ඔබේ කාලයත් මුදලුත් ඉතිරි ගන්න.

ඇමරිකානු පරීක්ෂණ කණ්ඩායමක් හෙලි කළ සෙම්ප්‍රතික්ෂ්‍යාවෙන් බේරී ඉන්න පුළුවන් සරල ක්‍රම 5ක් ඔබත් අනුගමනය කර බලන්න.

No comments:

Post a Comment