Wednesday, March 2, 2016

ඩිකැප්රියෝගේ ඔස්කාර් සිහිනයේ ඔබ නොදුටු පැතිකඩ

ලියනාඩෝ ඩි කැප්රියෝ හොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක්. 2016 Oscar සිනමා උළෙලේ හොදම නළුවා ලෙස මෙවර ඔහු සම්මාන ලබා ගත්තේ The Revenant චිත්‍ර‍පටයේ ඔහුගේ රංගනයට උපහාරයක් ලෙසයි. ඔහු සම්මානය ලබා ගන්නට වේදිකාවට පැමිණෙන විට පැමිණ සිටි සියළුම කළා කරුවන් නැගී සිට ඔහුට සතුට පල කළා. හැම කළා කරුවෙක්ම ඔහු සම්මානය ලබා ගනිද්දී ඉතාමත් සතුටට පත්වුණා. ලොව ඉතාමත් ජනප්‍රියත්වටය පත්වූ Titanic චිත්‍ර‍ටයේ ඔහුගේ පෙම්වතිය ලෙස චරිත නිරූපනය කළ, සැබෑ ජීවිතයේ ඔහුගේ හොදම මිතුරිය වූ  Kate ගේ දෑස් වලින් කදුළු වැගිරුණා.


මුළු හොලිවුඩයම සතුටට පත් කිරීමට ඔහුගේ සම්මානයට හැකිවාය ලැබුණා. මෙසේ සිදුවූයේ ඔහු මීට පෙර 5 වරක්ම හොදම නළුවා ලෙස Oscar සම්මානයට නිර්දේශ වුවත් එය ඔහුට නොලැබීම නිසායි. එහෙත් අවසානයේ DiCaprio හොලිවුඩ් සිනමාවේ ඉහළම සම්මානය වන Oscar හිමිකරගත් සම්මානනීය හොලිවුඩ් තරුවක් බවට පත් වුණා.

 Leonardo Wilhelm DiCaprio උපත ලබන්නේ 1974 වර්ෂයේ නොවැම්බර් 11 වන දින ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදීයි.  රූපවාහිනී වෙළද දැන්වීම් වලින් රංගනයට පිවිසෙන ඔහු 80 දශකයේ අග භාගයේ රූපවාහනි ටෙලිනාට්‍ය රංගනයට එක් වෙනවා. Critters 3 නැමති අඩු වියදමින් නිර්මාණය කළ චිත්‍ර‍ටයේ Josh ගේ චරිතයට පන පොවමින් ඔහු හොලිවුඩ් සිනමාව තරණය කරන්නේ 1991 වර්ෂයේදීයි.

එතැන් සිට අද දක්වාම ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ චිත්‍ර‍පට රාශියකට ඔහුගේ දායකත්වය ලබා දී තිබෙනවා. බොහෝ විට ඔබ DiCaprio හදුනා ගන්නට ඇත්තේ සුප්‍රකට Titanic චිත්‍ර‍පටයේ jack ලෙසයි. Oscar සම්මාන 11 කින් Titanic චිත්‍ර‍ටපටය පිදුම් ලැබුවත් හොදම නළුවාට හිමි සම්මානය එහිදි ඔහුට හිමි වුණේ නැහැ. එතැන් සිට අද වන තුරු Oscar සිනමා උළෙලේදී ඔහුගේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්  හොදම නළුවාට හිමි සම්මානයට 5 වරක් ඔහු සුදුසුකම් ලැබුවත් එක් අවස්ථාවකවත් එය හිමිකර ගැනීමේ භාග්‍ය ඔහුට හිමි වුණේ නැහැ.

Oscar සම්මාන  උළෙලේදී DiCaprio සුදුසුකම් ලැබූ අවස්ථා මෙතනින් නරඹන්න
අවසානයේදී මේ විශිෂ්ඨ රංගන ශිල්පියාට Oscar සම්මානය හිමි වන්නේ තම රංගන ජීවිතයේ වසර 26ක් පමණ ගෙවීමෙන් පසුවයි. නිහතමානී ලෙස වේදිකාවට පැමිණ සම්මානය ලබා ගත් ඔහු The Revenant චිත්‍ර‍පටයේ සිදුවන පරිසර විනාශය, දේශගුණික විපර්යාසය මේ වන විටත් ලෝකයේ සිදුවෙමින් පවතින බවත්, සත්‍ය වශයෙන්ම එය සිදු වන බවත්, එය මුළු මහත් ජීවයටම තර්ජනයක් බවත්, එයින් ලෝකය බේරාගෙන මතු පරපුරට ආරක්ෂා කර ගැනීමට ලෝක නායකයින්ට අප සියළුදෙනා කථා කළ යුතු බවත් පැවසීය.

The Revenant චිත්‍ර‍පටයේ හොදම නළුවා ලෙස DiCaprio පිදුම් ලැබූ අවස්ථාව මෙතනින් නරඹන්න.

මේ අසහාය රංගන ශිල්පියාගේ රංගන කුසලතාවයට මෙන්ම පරිසර හිතකාමීත්වයටත් අප සැමගේ ගෞරවය හිමිවිය යුතුවේ. තව දුරටත් ලෝක සිනමා අහසේ තාරකවක් ලෙස බබළන්නට ඔහුට හැකිවේවායි DiCaprio හට ආදරය කරන රසික ඔබ සැම පවසනු නිසැකයි.

No comments:

Post a Comment