Wednesday, March 30, 2016

සියදිවි නසාගැනීමට ගිය ජීවිත 160ක් බේරූ ප්‍රපාතයේ දේවදූතයා

Don Ritchie ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය 'Gap' Cliff ප්‍රපාතය ආසන්නයේ නිවසකයි. අතීතයේ සිට මෙම ස්ථානය සියදිවි හානිකරගන්නා අයගේ තෝරාගැනීමක් ලෙස අදටත් පවතී. එමෙන්ම මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ද බොහෝය. සෑම දිනකම උදෑසන සිට සවස් වන තුරු Don Ritchie මෙම ස්ථානයට වී කරන්නේ මෙයට පැමිණෙන පුද්ගලයින්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමයි.

කෙසේ හෝ ඔහුගේ ඇසට හසුවන කළකිරුනු පෙනුමැති ආයෙක් දුටු විට ඔහු කරන්නේ ඔවුන් සමග කතාබහකට එකතුවීමයි. ඉන් පසු ඒ පුද්ගලයාට තම නිවසට ආරාධනා කොට තේ පැන් සංග්‍රහයක්ද ලබා දී තවදුරටත් මිතුරුවන Don Ritchie ඉන් අනතුරුව ඔවුන්ට අවවාද අනුශාසනා ලබා දී සියදිවි නසාගැනීමේ චින්තනය වෙනස් කිරීමට උත්සාහ කරන බවයි ඔහු පවසන්නේ. එම නිසාම එම ප්‍රදේශයේ ඔහු ජනප්‍රිය වී ඇත්තේ "ප්‍රපාතයේ දේවදූතයා"(Angel of the Gap) යන නමිනි.

විශ්‍රාම ගැනීමට පෙර රක්ෂණ නියෝජිතයෙක් ලෙස සේවය කළ Don Ritchie පවසන්නේ " මම වෙළෙන්දෙක් තමයි. ඒත් මම එයාලට විකුණුවේ ජීවිත"
1964 වසරේ සිට මේ දක්වා එලෙස සියදිවි හානිකර ගැනීමට ගිය අය 160ක් බේරාදීමට සමත් වූ Don Ritchie 2011 වසරේ ජාතික වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය. එමෙන්ම වසරේ පුරවැසියෝ ලෙස 2010 වසරේ ඔහු සහ ඔහුගේ බිරිද සම්මාන ලැබීය. 2012 වසරේ ඔහු මෙලොවින් සමුගන්නා විට වයස අවුරුදු 85කි.




No comments:

Post a Comment