Monday, March 28, 2016

තෙත් වූ කොණ්ඩය පිටින් නිදාගන්න එපා. හේතුව දැනගන්න

 ඔබ රාත්‍රී කාලයේ දී නාන කෙනෙක් නම් බොහෝ විට තෙත් වූ හිසකෙස් සහිතව නින්දට යනවා වෙන්න පුළුවන්. තෙත කොණ්ඩය සමග නින්දට වැටීම එතරම් සැලකිය යුතු නැති දෙයක් ලෙස සිතුවත්, මේ ඔබට කියන්න යන්නේ නැවතත් තෙත කොණ්ඩය පිටින් නින්දට නොයන්න තරම් හොද හේතු කීපයක්. තෙත කොණ්ඩය නිසා ඔබට විය හැකි මේ අතුරු අබාධ ගැන ඔබ දැනුවත් වීමෙන් පසුව වෙනදට වඩා තරමක් හෝ හොදින් හිසකෙස් වේලාගෙන නින්දට යාම වඩාත් හොදයි කියල ඔබම තීරණය කරයි.
කෙස් අග පැලීම
ඔබ නින්දේ සිටින අතර, හිස කොට්ට මත එහා මෙහා කිරීමේදී, කෙස් හා කොට්ට උරය එකට ඇතල්ලීමෙන් බෙහෝ විට තෙත කොණ්ඩයේ අග පැලීම් සිදුවිය හැකිය.
අනවශ්‍ය ලෙස බැක්ටීරියා අසාදනයන්ට ලක්වීම
ඔබගේ දහඩි, සමෙන් නිකුත්වන තෙල් හා මැරුණු සෛල කොට්ට උරය මත තැවරෙන නිසා කොට්ටය කියන්නේ බැක්ටීරියා වර්ධනයට ඉතා හොද පරිසරයක්. එයට ඔබගේ තෙත් වූ හිසකෙස් එකතුවීමෙන් බැක්ටීරියා වර්ධනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. මේ හේතුවෙන් ඔබගේ හිස බැක්ටීරියා ආසාදන්ට ලක්වීමේ ඉඩකඩ බොහෝ සෙයින් වර්ධනය කරනවා.
රාත්‍රිය මැද දී  හිසරදය  ඇතිවීම
තෙත කොණ්ඩය සමග නින්දට යාමේ දී සමහර අවස්ථාවල දැඩි හිසරදයක් ඇතිවෙන්න පුළුවන්. එසේ සිදුවන්නේ, ඔබ නින්දේ මුල් අවධියේ සිටින විට ඔබගේ කාමරයේ උෂ්ණත්වයට සරිලන ලෙස ශරීරයේ උෂ්ණත්වය අඩු වී, නැවතත් නින්දේ මීලග අදියර වන විට ශරීර උෂ්ණත්වය ස්වභාවිකව වැඩිවිමයි. ඔබගේ ශරීර උෂ්ණත්වයේ සිදුවන මෙම වෙනසට අනුව තෙත් වූ හිසේ උෂ්ණත්වය වෙනස්වීම සිදු නොවන නිසා රාත්‍රිය පුරාම දැඩි හිසරදයකට ලක්වීමට වැඩි ඉඩක් තිබෙනවා.
රාත්‍රියේ නෑමෙන් පසුව හිස හොදින් වේලාගෙන නින්දට යන්න පුළුවන්නම් මේ වගේ අනවශ්‍ය සෞඛ්‍ය ගැටළුවලට ලක් නොවී ඉන්න ඔබට පුළුවන්


No comments:

Post a Comment