Tuesday, March 1, 2016

Assassin's Creed Syndicate

Assassin's Creed Syndicate 
2015
වසරේ සිව්වන කාර්තුවේ ලොව දෙවනියට ජනප්‍රියතම පරිගණක ක්‍රීඩාව ලෙස වෙළෙඳපොළට නිකුත් කල Assassin's Creed Syndicate පරිගණක ක්‍රීඩාව Ubisoft සමාගම විසින් ලොව පුරා බෙදාහරින ලද පරිගණක ක්‍රීඩාවක්.
මෙහි කතා පුවත දිගහැරෙන්නේ වික්ටෝරියා රැජිනගේ පාලන කාලයේ, එනම් 1868දී ලන්ඩන් වල සිදු වූ සැලසුම් සහගත අපරාධ ප්‍රකාරවයි.
Evie Frye,
තමාට වඩා මිනිත්තු 9ක් බාල තම නිවුන් සොයුරා වන Jacob Frye සමග ලන්ඩන් නගරයට පැමිණෙන්නේ තම මියගිය පියාගේ බලාපොරොත්තුව වූ templers නැමැති බලවත් රහස් සංවිධානයෙන් ලන්ඩන් නගරය බේරා ගැනීම ඉටු කිරීමටයි. එම සංවිධානයේ නායකයා වන Crewferth Starick ඝාතනය කොට නගරය පුරා විහිදී ඇති අපරාධ රැල්ල නැවැත්වීමට නිවුනුන් දෙපල කටයුතු කරයි. Starick ගේ කල්ලි නායකයන් ඝාතනය කරමින් Jacob තම අරමුණ වෙත ලගා වන අතරතුර ඔහුගේ නිවුන් සොයුරිය ලන්ඩන් නගරයේ සගවා ඇති පුරාණ බලවත් ආයුධක් පසුපස හබා යයි.
මෙහිදී Alexander Graham Bell, Charles Darwin , Karl Markx, Charles Dickens වැනි සුප්‍රසිද්ධ චරිත සමග කටයුතු කිරීමට අපට සිදු වේ. තවද මෙම පරිගණක ක්‍රීඩාව තුල තමා කැමති චරිතයක් ,Evie හෝ Jacob ගෙන ලන්ඩන් නගරය පුරාම නිදහසේ සැරිසැරීමේ අවස්ථාව ක්‍රීඩකයා සතුය.
තම සොයුරාට මග පෙන්වමින් කරුණාවෙන් සොයුරාව රැක බලා ගන්න සහෝදරියක හා තම සොයුරියව ආදරයෙන් ආරක්ෂා කරනා සහෝදරයෙකු වටා ගෙතී ඇති මෙම කතා පුවත මේ වනතුරු පැමිණි Assassin's Creed කතා මාලාවේ විශිෂ්ටතම කතාව ලෙස කිව හැකිය.

අතිශය ජනප්‍රිය වු Assassin's Creed නවතම පරිඝනක ක්‍රීඩාව
ත්‍රාස්‍යජනක පරිඝනක ක්‍රීඩාවලට කැමති ඔබට මෙන්න අළුත්ම පරිඝණක ක්‍රීඩාවක්
භයානක කල්ලියකින් ලන්ඩන් නගරය බේරාගන්න ඔබටත් පුළුවන්වෙයිද?








No comments:

Post a Comment