Saturday, December 3, 2016

සංගාගේ රුව විදෙස් රටවල් දෙකක මුද්දර වල

ලංකාවෙන් බිහි වු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරගේ රුව ඇතුලත් කරමින් විදේශ රටවල් දෙකක් විසින් මුද්දර දෙකක් නිකුත් කර තිබෙනවා.  මෙලෙස සංගක්කාරගේ රුව සහිත මුද්දර නිකුත් කර ඇත්තේ සොලමන් දූපත් රාජ්‍ය සහ ගිනිබිසව් රජ්‍යයන්ය.  එහෙත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම රටවල් දෙක තුලම ක්‍රිකට් ක්‍රීඩාව එතරම් ප්‍රචලිත නොවීමයි.

කුමර් සංගාක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සහ ඔහුගේ මහත්මා ගුණයට ගෞරව දැක්වීමක් ලෙස ඔහුගේ රුව සහිත මුද්දර නිකුත් කල බව වාර්තාවෙනවා. පළමු වරට 2012 වසරේ දී ගිනිබිසව් රාජ්‍ය සංගාගේ රුව සහිත පෙසෝ 3000 ක වටිනාකමකින් යුතු මුද්දරය නිකතු කල අතර සොලමන් රාජ්‍ය 2013 දී ඩොලර් 07 වටිනා මුද්දරයක් නිකුත් කර තිබෙනවා.  විදෙස් රටක් විසින් මීට පෙර සුපිරි පිතිකරු සනත් ජයසූරිය වෙනුවෙන් මෙවැනි සමරු මුද්දරයක් නිකුත් කර තිබෙනවා.


කෙසේවෙතත් සොලමන් දූපත් සහ ගිනිබිසිව් රාජ්‍ය විසින් සංගාට අමතරව ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේම මුද්දර නිකතුකර ඇති බව වාර්තාවෙනවා.

No comments:

Post a Comment