Saturday, December 3, 2016

චීනයේ සුපිරිම ධනවතාගේ පෙනුමට සමාන කුඩා දරුවෙක් නිසා චීනය කැළඹෙයි



චීනයේ සුපිරිම ධනවතුන් අතර ඉහළින්ම වැජඹෙන අලිබබා සමාගමේ හිමිකරු ජැක් මා ගේ පෙනුමට සමාන අට හැවිරිදි කුඩා දරුවෙක් චීනය පුරා අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටිනවා. චීනයේ සමාජජාල වෙබ් අඩිවි හරහා මේ දරුවාට ලැබුණු ප්‍රසිද්ධියත් සමඟ ඔහුව දැකගැනීම පිණිස පසුගිය සති දෙක ඇතුලත දිනකට පනස් දෙනකු පමණ ඔහුගේ නිවසට පැමිණෙන බව සඳහන්.

චීනයේ Jiangxi පළාතේ ජීවත් වන මේ Fan Xiaoqi නම් දරුවා රජයේ සහනාධාර මත යැපෙන ඉතා දිළිදු පවුලකට අයත් දරුවෙක්. ඔහුගේ පියා ආබාධිතයකු වන අතර, මව පෝලියෝ රෝගයෙන් පෙලෙන කාන්තාවකි. අසූ හැවිරිදි මිත්තණිය  Alzheimer's නම් රෝගයට ගොදුරුවී සිටයි.
"මිනි ජැක් මා" ලෙසින් 2015 වර්ෂයේ දී  මුලින්ම මෙම දරුවා ගැන අවධානයට යොමු  වූ අතර කෝටිපති ව්‍යාපාරික ජැක් මා විසින්, දරුවාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අවශ්‍ය සියලු වියදම් දැරීමට කටයුතු කරන බවට රාවයක් සමාජජාල වෙබ් අඩිවි ඔස්සේ පැතිර යාම නිසා නැවතත් චීන වැසියන්ගේ අවධානයට ලක්වී තිබෙනවා.

මාධ්‍යවේදීන් අලිබබා සමාගමෙන් මේ පිළිබඳ විමසූවිට එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ඔවුන් ප්‍රකාශකර තිබෙනවා. මෙවැනි එක් දරුවෙකුගේ අධ්‍යාපනයට අධාර කිරීමට ගැටළුවක් නොතිබුණත් ,මෙවැනි මිලියන ගණනක් තවත් දරුවන්  සිටින නිසා. ඔවුන්ට ආධාර කිරිමට තවත් බොහෝ සම්පත් අවශ්‍ය බව සමාගම  මාධ්‍යට අදහස් දක්වා තිබුණා.
කෙසේවෙතත් තවත් බොහෝ පිරිසක් විවිධ අයුරින් මේ දරුවාට උදව් කිරිමට සුදානම්ව සිටින අතර  දරුවා චිත්‍රපට හා වෙළඳ දැන්වීම් වලට යොදා ගැනීම සඳහා ද දෙමව්පියන් වෙත යෝජනා ඉදිරිපත්  කර තිබෙනවා.


එහෙත් තම දරුවා සිනමා කර්මාන්තයට එක් වීම පිළිබදව පියා එතරම් කැමැත්තක් නොදක්වන බවයි වාර්තාවෙන්නේ . ඔහු පවසන්නේ  දරුවාගේ අනාගතය පවතින්නේ ඔහු ලබන අධ්‍යාපනය මත බවයි. පියාගේ කැමැත්ත අනුව මේ දරුවාගේ අධ්‍යාපනයට උදව් කිරීමට  Zhang Chengliang නම් චීන ජාතිකයෙක් ඉදිරිපත් වී සිටිනවා.

No comments:

Post a Comment