Tuesday, February 16, 2016

Google Loon බැලුනය දැන් ශ්‍රීලංකාවට ඉහළ අහසේ




දකුණු ආසියාවට පළමු වරට ජංගම දුරකථන තාක්ෂණය හදුන්වාදුන්නේ ශ්‍රී ලංකාවයි. ඒ 1989 වර්ෂයේදී. ඉන් පසු 2004 වර්ෂයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම වරට 3G තාක්ෂණය හදුන්වාදීමේ අභිමානයද හිමි වන්නේ ශ්‍රී ලාංකාවටයි. ඉන් නොනැවතී 2014 වර්ෂයේදී 4G තාක්ෂණය මුල් වරට හදුන්වා දී දකුණු ආසියාවේම සන්නිවේදන තාක්ෂණයේ පුරෝගාමියා බවට අප රට පත් විය. වාර්ථා වලට අනුව ශ්‍රී ලාකික ජනතාව මිලියන 4කට ආසන්න වශයෙන් අන්තර්ජාලය පරිහරණය කරන අතර 630,000ක් ස්ථාවර දුරකථන මාර්ග ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වේ. 
මේ සියල්ල මෙසේ වන විට මේ පිළිබද උනන්දුවෙන් පසු වූ Google සමාගම ඔවුන් ගේ Google "Loon Project" ව්‍යාපෘතිය හදුන්වාදීමටද මුල් තැන දී ඇත්තේ ශ්‍රී ලංකාවටයි. එය පසුගිය වසරේ නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි. මෙමගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ආවරණ කලාපය පුළුල් කර අඩු සම්ප්‍රේෂන වියදමකින් වැඩි ධාරිතාවක් සහිතව දත්ත හැසිරවිය හැකි වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම විශ්වාස කරන්නේ. හීලියම් පුරවන ලද වායු බැලුනයක් ඉහළ අහසේ රදවා තැබීමෙන් මෙය ක්‍රියාත්මක වේ. මෙම බැලුනයක සාමාන්‍ය ආයු කාලය දින 180 වේ.
සාමාන්‍යෙයන් ගුවන් යානා ගමන් කරන උස මෙන් දෙගුණයක් උසින් ඉහළ අහසේ රදවා තැබෙන නිසා පියවි ඇසට දැක ගත නොහැක. එමෙන්ම මෙමගින් ගුවන්යානා වලටද කිසිදු බාධාවක් සිදුනොවේ. මෙම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් දකුණු ඇමරිකාවේ සිට ගුවන්ගත කළ බැලුන 3කින් එකක් පසුගිය සදුදා (2016-02-15) ශ්‍රීලංකාවට ඉහළ අහස් තීරයට පැමිණි බව Google සමාගම නිවේදනයක් මගින් දක්වා ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවේ ආවරණ කලාප පුළුල් වී දත්ත සම්ප්‍රේශණ වේගය වැඩි වීමත් වැය වන මුදල් ප්‍රමාණය අඩු වීමත් සිදු වේ. එය ශ්‍රී ලංකාවේ සන්නිවේදන ආයතන මෙම ව්‍යාපෘතිය සමග එක්වීමෙන් පසුව සිදුවන බවයි Google ආයතනය පවසා සිටින්නේ. ශ්‍රී ලාංකේය අන්තර්ජාල පරිහණය කරනන්නන් හට මෙය ඉමහත් ප්‍රීතිජනක ආරංචියක් වේ. 
බැලුනය දැන් ශ්‍රීලංකාවට ඉහළ අහසේ

No comments:

Post a Comment