Sunday, February 21, 2016

HappyFeet චිත්‍රපටයට පාදක වූ පෙන්ගුවින් ජනාවාසයේ විනාශය

ඇන්ටාක්ටිකාව සිය නිජභූමිය බවට පත් කරගෙන සිටින අදේලි (Adelie) පෙන්ගුවින් විශේෂයට අයත් සතුන් 150,000 ක් පසුගිය වසර කිහිපය ඇතුළත දී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය පවසනවා.

 එම සතුන්ගේ වාසස්ථාන ප්‍රදේශය වන කේප් ඩෙනිසොන් තුඩුව ආසන්නයට පැමිණි දැවැන්ත අයිස් තට්ටුවක් නිසා මේ තත්ත්වය ඇතිවූ බව සඳහන්. තොරතුරු අනුව මෙම අයිස් තට්ටුව ඉතාලියේ රෝම නගරය තරම් විශාලත්වයක් ගන්නා අතර, එය එම ප්‍රදේශයේ වැදී එහි හිරවී තිබෙනවා. මේ තත්ත්වයත් සමගම මෙම පෙන්ගුවින් සතුන් සෑම දිශාවකින්ම අයිස්වලින් වටවී ඇති අතර ඔවුන් එතෙක් ආහාර සොයා ගත් මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබෙනවා. ඒ අනුව ආහාර සොයා ගැනීම සඳහා කිලෝමීටර් 60කට ආසන්න දුරක් ගමන් කිරීමේ තත්ත්වයක්ද හටගත් බවක්ද මෙහිදී අනාවරණය වෙනවා.

තොරතුරුවලට අනුව 2011 වසර වන විට මෙම අදේලි පෙන්ගුවින් ජනාවාසය සතුව සතුන් 160,000 කු ජීවත්ව ඇතැයි සඳහන්. එහෙත් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ දේශගුණික විපර්යාස පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද මේ අලුත්ම සමීක්ෂණයකදී එම ගහනය 10,000 ක් තරම් කුඩා වී ඇතැයි වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊ09ඊ ලෙස හඳුන්වා ඇති මේ දැවැන්ත අයිස් තට්ටුව කඩා ඉවත් නොකරන්නේ නම්, තවත් වසර 20කටත් අඩු කාලයකදී මේ අදේලි පෙන්ගුවින් ජනාවාසය මිහිමතින් තුරන් වී යනු ඇතැයිද ඔවුන් අනතුරු අඟවා සිටිනවා.


වාර්තා අනුව දැනට වසර 100කට අධික කාලයක් පුරා මෙම අදේලි පෙන්ගුවින් සතුන් අන්ටාක්ටිකාවේ මෙම ප්‍රදේශය තුළ වාසය කරනවා. ඒ අතරින් කේප් ඩෙනිසන් ප්‍රදේශය වැදගත් වන අතර, වැඩිම පිරිසක් වාසය කර ඇත්තේද එම ප්‍රදේශයේ බව සඳහන් වෙනවා. මෙම අයිස්තට්ටුව පවා අදාළ ප්‍රදේශයේ ගැටී එහි හිරවීමට පෙරාත්තුව වසර 20ක් පුරා ඒ ආසන්නය වෙත පාවෙමින් පැවති බවත් පර්යේෂකයන් පිරිසකියා සිටිනවා. සුප්‍රසිද්ධ හොලිවුඞ් ත්‍රිමාන සජීවීකරණ සිනමාපටයක් වූ HappyFeet සඳහා පාදක කරගැනුනේද මේ පෙන්ගුවින් ජනාවාසය බව පැවසෙනවා.

No comments:

Post a Comment