Monday, March 20, 2017

Wireless චාර්ජින් ඇතුළු පුදුම හිතෙන විශේෂාංග රැසක් සමඟ එන අළුත්ම iPhone 8

ස්මාර්ට්  දුරකථන ලෝකයේ පෙරලියක් සිදුකල  Apple iPhone දුරකථන මාදිලිය හඳුන්වා දී  වසර 10ක් සපිරීම වෙනුවෙන් එලිදක්වන, apple සමාගමේ  නවතම දුරකථනය 'iPhone 8' මේ වසර අගදී නිකුත් කිරීමට නියමිත බව වාර්තාවෙනවා.
දසවන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන මෙම නව මාදිලියට සුවිශේෂී වෙනස්කම් රැසක් එක්වනු ඇති බවට ලොවපුරා සිටින iPhone දුරකථන ලෝලීන් මහත් බලාපොරොත්තු තබා සිටියා. ඔවුන් බලාපොරාත්තු වූ අයුරින්ම 'iPhone 8' දුරකථනය සුවිශේෂී තාක්ෂණික වෙනස්කම් රැසක් සමගින් එළිදැක්විමට නියමිත අතර මෙම නිෂ්පාදනයත් සමඟ ස්මාර්ට් දුරකථන වෙළඳපලේ ප්‍රමුඛස්ථානය නැවතත්  apple සමාගම සතුවනු ඇති බව බොහෝ දෙනා මත පල කරනවා.

iPhone 8 හි වඩාත් ආකර්ශණීයම අංගය වී ඇත්තේ Wireless Charging හැකියාවයි. ස්මාර්ට් දුරකථන වල තිබෙන ප්‍රධානම ගැටළුවක් වන බැටරියේ ආයුකාලය හා සම්බන්ධ ගැටළුවට පිළිතුරක් ලෙස මෙම Wireless Charging ක්‍රමය මෙහි හඳුන්වා දී තිබෙනවා. මෙම Wireless තාක්ෂණය නිසා විදුලි සැපයුමෙන් මීටර් කීපයක් දුරස්ව සිට චාර්ජින් පෑඩ් එකක් මඟින් දුරකථයනය චාර්ජ් කර ගැනීමට හැකියාව ලබා දෙනවා.


මෙහි එක් කර තිබෙන තවත් සුවිශේෂී වෙනස් කමක් වන්නේ දුරකථනයේ පිටත සම්පූර්ණයෙන්ම වීදුරු නිමාවකින් යුක්ත වීමයි. මීට පෙර නිකුත් වූ  iPhone 7 දුරකථනයේ පිටත  කවරය ලෝහ නිමාවකින් යුක්ත වූ අතර මෙවර වීදුරු නිමාවක් යොදා ගැනීමට හේතු වී ඇත්තේ Wireless Charging තාක්ෂණයට වඩා යෝග්‍ය වීම සහ උපාංගයේ ඇන්ටනාවට සංඥා ලැබීම  මෙමඟින් වර්ධනය වීමයි..

ඇපල් iPhone දුරකථනවල වසර 10 පුරාම දක්නට ලැබුණු Home button එක iPhone 8 ඇතුලත් නොවීම තවත් විශේෂත්වයක්.  Home button එක ඉවත් කර නව දුරකථනට විශාල  screen එකක් ලබා දී ඇති අතර එය දුරකථනයේ අග්‍ර වලින් වක්‍රව වන ලෙස නිෂ්පාදනය කිරීමට නියමිතයි. ඒ නිසා මෙහි කිසිදු button එකක් හෝ  touch pad එකක් එක්නොවෙනු ඇති.



iPhone 8 හි ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මෙහි හඳුන්වා දෙන Iris Scanning technology මඟින් භාවිතා කරන්නාගේ ඇසේ iris ප්‍රමාණය scan කිරීමේ හැකියාව තිබෙනවා. මෙම තාක්ෂණය fingerprint තාක්ෂණයට වඩා දහස් ගුණයකින් ආරක්ෂාකාරී වන අතර දුරකථනයේ හිමිකරුට හැරෙන්නට වෙනත් කෙනෙකුට උපංගයට අනවසරයෙන් අතුල්වීමට නොහැකිවනවා සේම එසේ අතුළුවන්නට උත්සාහ කරන පුද්ගලයන් ඉතා පහසුවෙන් හඳුනාගැනීමටත් මෙමඟින් හැකිවනවා.
iPhone 8 දුරකථනයේ ඩුවල් කැමරා භාවිතා නොවන අතර 4K resolution සහිත කැමරාවක් එක්වන බව සඳහන්. එමෙන්ම මෙය නම්‍යශීලි දුරකථනයක් ලෙස නිර්මාණය වීමද විශේෂත්වයක්.


No comments:

Post a Comment