Thursday, March 23, 2017

අතුරු අබාධ නැතිව ලිංගික ශක්තිය වැඩි කරන පෙරදිග වෛද්‍ය ක්‍රමවල එන දිව ඔසු


ලිංගික ශක්තිය වැඩි කරගැනීම සඳහා විවිධ ස්වභාවික ඖෂධයන් භාවිතා කිරීමට මිනිසුන් පෙළඹී තිබෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර සිටයි. ලෝකයේ පැරණිතම වෛද්‍ය ක්‍රමයන් ලෙස සැලකෙන ආයුර්වේදයේ සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයන් හි ලිංගික ශක්තිය වර්ධනය සඳහා භාවිතා කිරීමට නිර්දේශ කර ඇති ස්වභාවික ආහාරයන් කිහිපයක්ම තිබෙනවා.
වසර දහස් ගණනකට පෙර සිට භාවිතා කල මෙම ස්වභාවික ලිංගික උත්තේජන ඖෂධ වර්තමානයේදීත් ලිංගික ගැටළු සඳහා භාවිතා කිරීම දැන් වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති ලිංගික ශක්තිය වැඩි කරන ඖෂධයන් දිගු කාලීනව  භාවිතා කිරීමෙන් ඇති වන අතුරු ආබාධ මෙම ස්වභාවික ඖෂධයන් භාවිතයෙන් ඇති නොවීම, මේසේ ඉපැරණි ඖෂධ නැවත භාවිතය පැමිණීමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.
පහත දැක්වෙන්නේ පෙරදිග වෛද්‍ය ක්‍රමවල ඉතා ප්‍රචලිත ලිංගික උත්තේජක ස්වභාවික ඖෂධයන් කිහිපයක්.

විතානියා (අමුක්කරා,අශ්වගන්ධ, ඉන්දියානු ජින්සෙන්)

වසර 3000ක් පමණ තිස්සේ භාවිතා වන ඉතා ප්‍රභල ඖෂධයක් වන මෙය අශ්වයෙකුගේ හා සමාන ප්‍රාණවත් බවක් හා ශක්තිමත් බවක් ලබා දෙන බැවින් අශ්වගන්ධ ලෙස ආයුර්වේදයේ දී හඳුන්වා තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වෙන ශක්තිය හා ප්‍රාණවත් බව ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රධානතම පැළෑටිය මෙයයි. බටහිර ජාතීන්  ‘‘විතානියා“ ලෙස හඳුන්වන මෙම පැළෑටිය මඟින් ශරීරයේ නියිට්‍රික් ඔක්සයඩ් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර ඉන් ලිංගික අවයව වෙත රුධිරය සැපයෙන රුධිර නාල විස්තාරණය කිරීම සිදුවේ. එමෙන්ම ලිංගික හැගීම් උද්දීපනය කිරීමේ හැකියාවද මෙම ශාකය සතුව පවතිනවා.
චීන වෛද්‍ය ක්‍රමයේ භාවිතා වන ඉතා ප්‍රභල ලිංගික උත්තේජන ඖෂධයක් වන ජින්සෙන් හා සමාන ශක්තියක් විතානියා තුල ඇති බැවින් මෙය ඉන්දියානු ජින්සෙන් ලෙසින් ද හඳුන්වනවා.
දිනකට විතානියා ග්‍රෑම් 2ක් පමණ, දින කීපයක් භාවිතයට ගැනීමෙන් මෙහි ප්‍රතිඵල අත්විදිය හැකි බව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා මේවන විට හෙළිකර ගෙන තිබෙනවා. ගැහැණු හා පිරිමි දෙපාර්ශවයේම ලිංගික ගැටළු සඳහා මෙය ආයුර්වේදයේ දී භාවිතායට ගෙන තිබෙනවා.
විතානියා පෙති සහ කරල් වශයෙන් නවීන තාක්ෂණය අනුව නිපදවා මේ වන විට වෙළඳපලට නිකුත් කර තිබෙන අතර 100% ස්වභාවික මෙම නිෂ්පාදනයන් භාවිතයෙන් අතුරු ආබාධවලින් තොරව ඔබේ ලිංගික ශක්තිය වර්ධනය කරගැනීමට හැකියාව ලබා දෙනවා.


හාතාවාරිය

හාතාවාරිය කාන්තාවන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීමේ ඖෂධයක් ලෙස බොහෝ විට ආයුර්වේදයේ දී භාවිතයට ගැනෙනවා. එය තුල ශක්තිය වර්ධනය කිරීමේ මෙන්ම සන්සිදුවීමේ ගුණාංගද අඩංගුවනවා. මෙය කාන්තාවන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරන අතරම හෝමෝන ක්‍රියාකාරීත්වය ක්‍රිමවත් කිරීමද සිදුකරනවා. කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමටද මෙය ඉතා යෝග්‍ය ඖෂධයක් ලෙස සැලකෙනවා. අයුර්වේදයේ දී මෙය කාන්තාවන් සඳහා වැඩි වශයෙන් භාවිතා වුවද පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරීමට ද මෙය යොදා ගත හැකි බව සඳහන්.
හාතාවාරිය ගසේ මුල් ජල බඳුනකට දමා මද ගින්නේ මිනිත්තු කීපයක් තම්බා සකසා ගන්නා කසාය පානය කිරීම සාමාන්‍යයෙන් මෙය භාවිතයට ගන්නා පහසුම ක්‍රමයයි.

ගොකටු/ සෙම්බු-නෙරෙන්චි

ගොකටු ශාකයේ ඇති ටෙස්ටෙස්ටරෝන්  හෝමොන ස්‍රාවය වර්ධනය කිරීමේ ගුණය නිසා ආයුර්වේදයේ දී ලිංගික උත්තේජන ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙනවා.  කාම වර්ධකයක් ලෙස කාන්තා හා පිරිමි දෙපාර්ශවය සඳහාම මෙය යෝග්‍ය බව අයුර්වේදයේ දැක්වෙනවා. ගොකටු ශාකය, ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් නිෂ්පාදනය වර්ධනය කරන අතර එමඟින් පිරිමින්ගේ ලිංගික අවයව දිගු වේලාවක් ප්‍රාණවත්ව තැබීමට හැකියාව ලබා දෙනවා. කාන්තාවන්ගේ ලිංගික ආශාවන් මර්ධනය කිරීමට හේතුවන ප්‍රොලැක්ටීන් හෝමෝනය නිපදවීම පාලනය කිරීමට මෙම ඖෂධයට හැකි නිසා කාන්තාවන් සඳහා ලිංගික උත්තේජන ඖෂධයක් ලෙස මෙය භාවිතයට ගැනෙනවා.

ගොකටු කුඩු වශයෙන් දිනකට ග්‍රෑම් 1ත් 3ත් අතර ප්‍රමාණයක් භාවිතයට ගැනීමෙන් දින කිහිපයක් තුල මෙහි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා.


Shilajit

ශ්‍රී ලංකාවේ දී හමු නොවන මෙම ඖෂධය ඉතා වටිනා ඖෂධීය ඛනිජ ද්‍රව්‍යයක් ලෙස සැලකෙනවා. හිමාලය හා ඒ ආශ්‍රිත කඳුකර පරිසරයන් හි දක්නට ලැබෙන මෙම ඖෂධය පොසිල මට්ටමේ පවතින ඖෂධීය පැළෑටියක් ලෙස හඳුන්වන් පුළුවන්. මෙහි අඩංගු fulvic acid රසායනය නිසා මෙය කාම වර්ධකයක් ලෙස පුරාණ වෛද්‍ය ක්‍රමයන් හි භාවිතයට ගෙන තිබෙනවා. මෙම ඖෂධීය ඛනිජය පිරිමින්ගේ ශුක්‍රාණුජනනය, ටෙස්ටෙස්ටරෝන් මට්ටම හා ශුක්‍රාණුවල ගුණාත්මක භාවය වර්ධනය කිරීමට හේතුවනවා.
කහ, රතු, නිල් සහ කළු පැහැයෙන් දක්නට ලැබෙන මෙම ඛනිජයේ කළු පැහැති ඛනිජ වඩාත් ප්‍රතිඵලදායක වන අතර දිනකට මිලිග්‍රෑම් 300 -500 ප්‍රමාණයක් ජලය සමඟ භාවිතයට ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයයි.


ජින්සෙන්

ජින්සෙන් මුල් චීන වෛද්‍ය විද්‍යාවේ දී බහුලව භාවිතයට ගැනෙන කාම වර්ධකයක් ලෙස සැලකෙනවා. වසර සිය ගණනක සිට චීන වැසියන් ලිංගික ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටළු වලට පිලියමක් වශයෙන් ජින්සෙන් භාවිතයට ගෙන තිබෙනවා. ජින්සෙන් ප්‍රජනන පද්ධතියේ මෙන්ම ස්නායු පද්ධතියේ ද ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට හේතුවන අතර එය කාම ශක්තිය වැඩි දියුණු කිරීමද සිදුකරනවා. ජින්සෙන් සතු මෙම ගුණාංග හේතුවෙන් ලිංගික අවයව වෙත රුධිර වහනය ක්‍රමවත් කරන අතර එමඟින් ලිගුව ප්‍රාණවත් බව වැඩි කරනවා. එමෙන්ම මෙහි අන්තර්ගත රසායනයන් මඟින් මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වන බැවින් එයද ලිංගික උත්තේජනය කෙරෙහි හේතුවනවා.
ජින්සෙන් සාරය පල්ප් , පවුඩර්  සහ කැප්සූල් වශයෙන් ලබා ගැනීමට හැකි අතර පවුඩර් වශයෙන් ලබා ගන්නේ නම් දිනකට ග්‍රෑම් 5ත් 10ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමෙන් දින කිහිපයක් තුල ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන බව සඳහන්.

වැල් පෙනෙල

දේශීය වෛද්‍ය විද්‍යාවේ දී, මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ පිණිස යොදා ගන්නා අතර මුත්‍රා කාරකයක්‌ වන මෙය ස්‌නායු රෝග සඳහා කරන ප්‍රතිකාරවලදී ද යොදා ගනී. එමෙන්ම  කැඩුම් බිඳුම් වෙදකමේ දී බිඳුණු අස්‌ථි සකස්‌ කිරීම සඳහා ද වැල් පෙනෙල යොදා ගනී. උදෑසන ආහාරයට වැල් පෙනෙල කැඳ ගැනීම ශරීර ශක්‌තිය වර්ධනයටත් ස්‌නායු වර්ධනයටත් හේතු වෙයි.  පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීමට මෙන්ම සරුබව වැඩි කිරීමට ඉතා ගුණදායක ඖෂධයක් වශයෙන් මෙය ආයුර්වේදයේ දී බහුලව යොදා ගනු ලබයි.

වැල්පෙනල පානයක් ලෙස භාවිතයට ගැනීමෙන් වගේම ගිතෙල් වලින් මලවා ආහාරයට ගැනීම මඟින් ද පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව ඇත.

No comments:

Post a Comment