Wednesday, April 6, 2016

පුද්ගලයෙකුගේ මානසික පීඩාකාරී තත්වය සිතට ඇතුල්වී කලක් ගතවූ පසු ඒවා අවිඥානිකව ලිංගික එකතු වීමට බලපෑ හැකි බව පර්යේෂකයන් වන ගොට්ලිවේ සහ හැම්මාන් විසින් පෙන්වා දී තිබේ.
පුද්ගලයෙකුගේ සිත තුල ශෝකය හා බිය සමහර විට දින කිහිපයක් පැවතී ඉවත්වී යයි. ඇතැම් පුද්ගලයන් තුල සති, මාස ගණන් පමණක් නොව අවුරුදු ගණන් පවතින ශෝකී තත්වයන් දැකිය හැකි බවට මනෝ වෛද්‍යවරු පවසති. විශාදය මානසික අක්‍රමික තා අතර බහුලව දැකිය හැකි රෝග තත්වයයි.
විශාදයට පත්වූ තැනැත්තා තම පීඩනකාරී පරිසරයෙන් මිදීමට කිසිදු උත්සායක් නොදරයි. විශාදයෙන් පෙලෙන ඇතැම් කාන්තාවන්ගේ ආර්තව චක්‍රයේ සංකූලතා දැකිය හැකිය. පිරිමින් තුල ලිංගික කටයුත්තකට කැමැත්තක් නොවීමද, ශාරීරික ශක්තිය හීනබව හා මහන්සි බව දැනීමද දැකිය හැක. තමන්ගේ ලිංගික දුබලතාවයට හේතුව කායික රෝගයක් ලෙස සිතා ගොඩ බෙහෙත් කිරීමටද සමහරු පුරුදුව සිටිති.
අඹු සැමියන් අතර මතුවන සිත් රිදීම් දුර දිග යන්නේ එකිනෙකා තුළ පවත්නා අශුභවාදී හැගීම් නිසාය. ඇතැම් විට මේ සුළු අමනාපයන් පවා අවසන් වන්නේ පැය ගණනක නොමනාපයකිනි. මානසික පීඩා වලට ගොදුරු වූ රෝගීන් පිළිබඳව සලකා බැලීමේදී පිරිමින්ට වඩා කාන්තාවෝ ඊට වැඩියෙන් ගොදුරු වෙති. කිසියම් දුකක්, කණගාටුවකින් කරදර විඳින බිරියන් පිළිබඳව ඇතැම් පිරඅිමි කිසිත් නොවිමසා ගොළුවත රකිති. මේ නිසා ගැහැණියගේ මානසික පීඩනය වර්ධනය වීමේ ප්‍රවණතාවය වැඩිය.
අප රටේ ශෝකී තත්ව වලින් පෙළෙන බොහෝ දෙනෙක් කාන්තාවෝ වෙති. ගැහැනුන්ගේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයන් අවප්‍රමාණ වීම නිසා ඔවුන් තුළ මානසික රෝග ඇතිවිය හැකි බව වාර්තා වී තිබේ. බටහිර රටවල් ඇසුරේන් කරන ලද සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ කාන්තා ජනගහනයෙන් 43%ක් යම් ආකාරයක ලිංගික දුබලතා වලින් පෙළන බවයි. ලංගික එක්වීමේදී ඇතිවන වේදනාව (dysparunia) පමණක් නොව සුරාන්තය ලබා ගැනීමේ ගැටළු පවා මොවුන් තුළ දැකීමට ලැබේ.
පිරිමින් තුළ තදබල ශෝකී තත්වය පැවතුණු විට ඒවා ප්‍රචණ්ඩත්වය, මධුලෝලීතාව, ආත්ම හිංසනය වැනි කරණු ඔස්සේ ප්‍රකාශ වීමට ඉඩ තිබේ. මානසික පීඩා වලින් ඔද්දල් වූ විට ඇතම් පුරුෂයන්ගේ පරපීඩා චිත්තය වැඩිවිය හැකිය. කුමන හෝ වරදක් පටලවාගෙන බිරිඳට පහර දීමට පෙළඹෙන්නේ මෙවිටය.
කායික රෝග තත්ව නිසාද විශාදය නම් වූ මානසික රෝගය ඇතිවය හැකි බව මනෝ වෛද්‍ය වරු පවසති. රක්තහීනතාවය, මොළයේ අර්බුද, අග්නාෂයේ පිළිකා, ඩෙංගු වෛරස් උණ නිසාද කල්පවත්නා ශෝකී බව ඇතිවිය හැකිය. පාලනය නොකළ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් සුළු පිරිසක්ද විශාදයෙන් පෙලීමට ඉඩ ඇති බව හෙළිවේ. පාලනය නොකල රුධිර සීනි මට්ටම් ඇත්තන් කල්ගිය පසු ලිංගික දුර්වලතා ප්‍රකට කිරීම මෙයට හේතුවිය හැකිය.
මානසිකව බිඳ වැටුනු විටදී ගැහැනුන් තරමක් ආවේගශීලි සේම හිතුවක්කාර ගතිගුණ පෙන්නුම් කෙරේ. තම සහකරුවා සමග බැරි මරගාතේ වුවද සටන් කරන්නේ එවිටය. මානසික කරුණු වලින් හෙම්බත් වූ පිරිමියාට තම බිරිඳ පෙනෙන්නේ සැක පහළ වන අන්දමටය. තම බිරිඳගේ කන්‍යාභාවය පිළිබඳ ගැටළු ඇතැයි සැක පහළ කරගන්නා පිරිමි අනන්තවත් සිටිති. ඔවුන්ගේ ලිංගික විද්‍යාව දැනුම බින්දුවට වැටී ඇති නිසා තම ගැටළුව විසඳන තෙක් වසන්ව හිඳීමට ඔවුහු ප්‍රිය කරති. ඇතැම් ගැහැනුන් තුල කන්‍යා පටලය ගණකම්ව පිහිටීමත් තවත් සමහරුන්ගේ කන්‍යා පටලය ඇදෙන සුළු ස්වභාවය නිසා නොබිදී පැවතීමත් මෙයට හේතුව වී තිබේ.
බොහෝ පවුල් අර්බුද වල මූලික හේතුව අළුයට සැගවුණු ගිනි පුපුරක් මෙන් සැගවී සිටියි. විශාදයෙන් පෙළෙන විවාහක ජෝඩු තුළ වැඩි වශයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දැකිය හැකිය බව හෙළිවී තිබේ. ඇතැම් අඹු සැමියන් දබර කරගන්නේ පුරුද්දට මෙනි. හේතු ඇතුවත් නැතුවත් ඔවුන් දබර කරගන්නේ ලංගිකත්වය පදනම් කරගෙන මිස අනිකට නොවන බව මනෝ වෛද්‍යවරු පවසති. පිරිමි වඩාත් කම්පාවන්නේ තමන්ගේ අභිමාන හෑල්ලු වන ලිංගික කාර්යන්ගේ ගැටළු මතුවූ විටය. තමන්ගේ ලිංගික කල්ක්‍රියාව අසුන්දර යැයි යාන්තමට හෝ දැනුනහොත් ඔහුගේ සැක සංකාව මතුවන්නේ තම බිරිද කෙරෙහිය. කිසිදු හේතුවක් නැතිව බිරිඳ සැක කිරීම බොහෝ පිරිමින් අවිඥාණිකව කරන වරදකි. ඇතැම් පවුල් තුල තම සහකරු හෝ සහකාරිය පිළිබඳව කිසිත් හේතු නොමැතිව සැක පහළ කිරීම් පවතී. මෙබදු සැකකිරීම් සිත් තුල හිරකර තබා ගැනීම ඔතෙලෝ සින්ඩ්‍රෝමය යනුවෙන් හදුන්වනු ලැබේ. මෙම රෝගය පාරම්පරිකවද පැවත එන බව පැවසේ.
කිසිම වැඩකට නැති සිතුවිල්ලක් මනස ආක්‍රමණය කර වෙනත් සිතුවිලි අභිබවා දවසේ වැඩි කාලයක් රඳා පැවතීම ග්‍රස්ථිය ආකාරයේ සිදුවීමකි. මෙබඳුම ග්‍රස්ථිය ආකාරයේ ලිංගික චර්යා ඇතිව බව මනෝ වෛද්‍යවරු දක්වති. තම පුරුදු සයනය, කාමරය, කාල හෝරාව, වෙනස් වූ විට ලංගික හැසිරීමට නොහැකි වූවන් පිළිබඳව කියවෙන වාර්තා මේ අදහස සනාථ කරයි.
සිතේ ඇතිවන සාංකාව, බිය, ශෝකය වැනි කරුණු නිසා ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගය අවට පේෂි ඉහිල් නොවීමේ ගැටළු ඇතිවේ. සංසර්ගය වේදනාකාරී හෝ අප්‍රසන්න දෙයක් වන්නේ මෙවියටය. වේදනාකාරී ලිංගික එක්වීම්, ලිංගික අතවර, බරපතල පහරදීම්, නිසාද ලිංගික දුර්වලතා ඇතිවිය හැකිය. මෙවැනි අක්‍රමතා වලට ගොදුරු වූ පුද්ගලයන් තුළ එම ව්‍යසනකාරී අත්දැකීම් මනස් චිත්‍ර ලෙස නැවත මතකයට ඒමක් දැක්නට ලැබේ.
මනෝ විද්‍යාඥ ආචාර්ය ස්ටෙපාන් ජේසප් පවසන පරිදි පීඩාකාරී දරු ප්‍රසූත වලට මුහුණ දුන් කාන්තාවන් තුල ලිංගිකව එක්වීමේ ගැටළු ඇතිවේ. මේ හැරෙන්නට ළමා කාලයේදී නොයෙක් හිංසනයන්ට හා අපයෝජනයන්ට ලක්වූවන් තුලද ලිංගික අකර්මණ්‍යතා ඇතිවිය හැකිය.
ලිංගික වශයෙන් එකතුවීමේදී, තෘප්තිය ලබා ගැනීෆම් ගැටළු වඩාත් වැඩි වන්නේ බොත්තමක් එබුවාක් මෙන් එය යාන්ත්‍රික වූ විටය. බෙහෝ දෙනා මානසික එකඟතාවය පිළිබඳව සංයමය පුහුණුව නොලබන නිසා සුරාන්තය ලැබීමේ ගැටළු දක්වති. ලිංගික එකතුවීමකට පෙර දක්වන ක්‍රීඩා පිළිබදව අකමැත්තක් දැක්වීමද ලිංගික ගැටළු අතර මුල් තැනක් ගන්නා බව හෙළිවී තිබේ.
මනෝ වෛද්‍ය

මුණිදාස අතුකොරළ


No comments:

Post a Comment