Saturday, April 23, 2016

අකාර්ශනීය බොන්සායි ගස් එකතුවක්

Bonsai කියන්නේ වසර දහස් ගණනට පෙර  සිට  සම්ප්‍රදායිකව පැවත එන  සුවිශේෂී ශාක වගා කිරීමේ ක්‍රමයක්. බොන්සායි කලාවේ උපත මීට වසර දහස් ගණනකට පෙර චීනයේ සිදුවු බව පිළිගැනෙනවා. "penzai" ලෙස චීනුන් විසින් හදුන්වා ඇති මෙම කලාව ජපානයට ව්‍යාප්ත වීමෙන් පසු Bonsai ලෙස භාවිතයට පැමිණ තිබෙනවා. Bonsai  සඳහා ඔවුන් යොදා ගන්නා විශේෂ තාක්ෂණයෙන්  ඉතා විශාලව වැඩෙන ශාකයක් කුඩා පොච්චියක වගාකිරීමට හැකි වන අතර ශාකයේ ප්‍රමාණයට සාපේක්ෂව බෙදුණු අතු, මල්, ගෙඩි ආදිය එම ගසේ හටගැනීම මේ තක්ෂණයේ ඇති විශ්මයක්. Bonsai ශාකයක් වගා කර ගැනීමට ඉතා සියුම් සහ කාලය වැය වන ක්‍රයාවලික් සිදුකල යුතුවනවා.
Bonsai ශාක  ගෘහ අංලකරණයට පමණක්ම නොව පැරණන්ගේ විශ්වාසයන්ට  අනුව  ඉවසීම හා කැපවීම වැඩි දියුණු කරීමටත්, මානසික අතතිය දුරු කරීමටත්, නිවස තුල වාතාශ්‍රය පරිසිදු කරීමටත් ආදී වාසි රැසක්ම හිමි කරදෙනවා.
පහත දැක්වෙන්නේ ඉතා ආකර්ශණීයම Bonsai ශාක එකතුවක්. ඒවා දකින විට ඇත්තෙන්ම මානසික සහනයක් ඔබටත් ඇතිවේවි.

බොන්සායි වනාන්තරයක්

අවුරුදු 800 ක් පැරණි බොන්සායි ගසක්

විස්ටීරියා ශාකයක්

හිරෝෂිමා ප්‍රහාරයෙන් ද විනාශ නොවූ වසර 390 පැරණි බොන්සායි ශාකයක්

ඇපල් බොන්සායි ගස්




බොන්සායි වනාන්තරයක්

අසේලියා ශාකයක්

රතු මේපල් ගස්

බොන්සායි ගසක් අසල හොබිට් නිවසක්

ස්වභාවිකව වැඩුණු අසාමාන්‍ය බොන්සායි ගසක්

බොන්සායි මිරිස් ගසක්

බොන්සායි සකුරා


මැග්නෝලියා

Pyracantha ශාකයක්


වසර 150ක් පැරණි බොන්සායි ශාකයක්

බෝගන්විලා

විස්ටේරියා

රෙඩ් වුඩ් ශාකයක්

බොන්සායි දෙළුම් ගසක්



No comments:

Post a Comment