Friday, April 22, 2016

වැඩ  ගොඩ ගැසෙන විට වැඩි කාලයක් වැඩ කිරීමට සිදුවීම නොවැලැක්විය හැකිය. එහෙත් එය ඔබට සුදුසු නැත. ඇමරිකාවේ සිදු කළ පරීක්ෂණයකින් පෙන්වා දී ඇත්තේ පමණ ඉක්මවා වැඩි කාලයක් වැඩ කරන්නන් වෘත්තීය අනතුරු හා රෝගාබාධ වලට මුහුණ පෑමේ අවධානම 61% කින් පමණ ඉහළ බවයි.
ඔබගේ වැඩ කටයුතු වැඩි කාලයක් වැය නොකර නිම කිරීමට ක්‍රමවේදයක් එම පරීක්ෂණ කණ්ඩායම විසින් දක්වා තිබෙනවා. මේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් ඔබගේ වැඩ කටයුතු වඩා කර්යක්ෂමව නිම කළ හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ එම ක්‍රමවේදයයි.
·         එක වාතාවෙන්ම වැඩක් නිම කර ගැනීම සඳහා වඩා ඵලදායී ලෙස සන්නිවේදනයේ යෙදෙන්න.
·         වරකට එක් කටයුත්තක් නිම කරන්න. දෙවනුව අනෙකට යන්න.
·         යළි යළිත් කළයුතු කටයුතු හිදී නැවත නැවත් කල්පනා කිරීමෙන් වළකින්න.
·         ඔබගේ ශක්ති මට්ටම උපරිමව ඇති වේලාවන් හඳුනා ගෙන දුෂ්කර කාර්යයන් ඒ අවස්ථාවේ ඉටු කරන්න.
·         දහවල් කෑම වේලාවේ දී කාර්යාලයෙන් බැහැරට යන්න.

ඔබත් වැඩ අධික වීම ගැන කනස්සල්ලෙන් පසුවෙනවා නම් මේ ක්‍රමවේදය අනුගමනය කර බලන්න. ඔබේ ගැටළුවට මෙයින් හොඳ විසදුමක් ලබා ගන්න හැකිවේවි.


No comments:

Post a Comment