Saturday, September 24, 2016

මුහුදු පත්ලෙන් හමු වූ ඩොලර් කෝටි ගණනක් වටිනා රන් රිදී නිධානය

කැරිබියානු මුහුදේ ඉපැරණි වරායක් වන කොලෙම්බියාවට අයත් කැටරිනාඩ් ඉනිඩියාස් හි වෙරළාසන්න මුහුදු පත්ලේ ගිලාබත්ව තිබූ ඩොලර් කෝටි සිය ගණනක් වටිනා රන් රිදී පිරවූ නැවක් සොයාගැනීමට කොලෙම්බියානු ගවේෂකයින් පරිසක් සමත් වී තිබෙනවා. ස්පාඤ්ඤය සමග යුද්ධය පැවති සමයේ දී බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් සැන්ජොස් නැමති මෙම නැව අල්ලා ගැනීමට සිදුකල මෙහෙයුමේ දී ප්‍රහාරයට ලක් වීම නිසා මෙම නැව 1708දී මුහුදු බත් වූ බව ඉතිහාස වර්තාවල ස‍දහන්වනවා.

ස්පාඤ්ඤයේ පස්වන පිලිප් රජුට අයත් බොලීවියාවේ හා පේරු දේශයේ පතල්වලින් ලබාගන්නා ලද රන් හා රිදී ප්‍රවාහනය කල සැන්ජොස් නව්කාව මෙතෙක් ගවේෂකයන්ගේ ඇස නොගැටුණු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී හමුවූ බව ගවේෂකයින් පවසනවා.

මේ වටිනා රන් රිදී නිධානයේ හිමකාරීත්වය ලබා ගැනීමට ස්පාඤ්ඤය හා කොලොබ්බියාව අතර ගැටුමක් මේ වන විට නිර්මාණය වි තිබෙනවා. සාගර පාලන පිළිබඳ එක්සත්ජාතීන්ගේ නීතිරීතිවලට අනුව ස්පාඤ්ඤය තම හමිකම් ඉදිරිපත් කර තිබුණත්, එම නීති රීති වලට එකඟවන බවට කොලෙම්බියාව අත්සන් කර නොමැති නිසා මෙම වස්තුවේ අයිතිය පිළිබඳ නීතිමය ගැටළුවක් මතුවී තිබෙනවා.

කෙසේවෙතත් අමරිකානු අධිකරණයක් විසින් මේ පිළිබඳව පවත්වන ලද නඩු විභාගයකදී එම වස්තුවේ අයිතිය කොලෙම්බියාවට හිමි විය යුතු බව තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment