Saturday, September 24, 2016

ලෝකයේ පළමු ටෙරා බයිට් 1ක SD කාඩ්පත SanDisk සමාගම නිපදවීමට සැරසෙයි

Photokina 2016 ඡායාරූප ප්‍රදර්ශනයේදී ලෝකයේ ප්‍රමුඛ memory card නිෂ්පාදන සමාගමක් වන SanDisk සමාගම ටෙරා බයිට් 1ක (1TB) ධාරිතාවෙන් යුත්  memory card එකක් නිපදවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කර සිටියා. ලෝකයේ පළමු ටෙරා බයිට් එකක දත්ත ප්‍රමාණයක් ගබඩා කලහැකි මතක කඩ්පත වන මෙය, SanDisk මව් සමාගමේ 16 වන  සංවත්සරය සැමරීම වෙනුවෙන් එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. SanDisk 64MB SD කාඩ්පත මුල්වරට සමාගම විසින් වෙළදපලට හදුන්වාදී ඇති අතර වසර 16ක් තුල දැවැන්ත ලෙස තම නිෂ්පාදනයන්ගේ මතක ධාරිතාව වැඩි කර ගැනිමට ඔවුන් සමත්වී තිබෙනවා.

මෙම නව හදුන්වාදීමත් සමඟ කැමරා භාවිතාකරන්නන්ට මතක ධාරිතාව පිළිබ‍ඳ කරදර වීමට අවශ්‍ය නොවන නිසා high-resolution වීඩියෝ සහ ඡායාරූප වගේම අංශක 360 වීඩියෝ දර්ශන වැනි නවීන තාක්ෂණයන්ගේ වර්ධනයක් ඇති වන බව සමාගම ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම මෙම අධි ධාරිතාවෙන් යුත් කාඩ්පත නිසා කැමරා භාවිතා කරන්න්ට වැඩි ඡායාරූප ප්‍රමාණයක් ගබඩා කරගත හැකිවනවා සේම  මතක ධාරිතාව ගැන වද නොවී තම කැමරාව රිසි සේ භාවිතා කිරීමට ඉඩ සැලසෙනවා.

මෙය තවමත් මූලාකෘතියක් පමණක් බැවින් එහි මිල ගණන් පිළිබඳව සමාගම විසින් කිසිවක් හෙලිකර නැහැ. කෙසේවෙතත් 2014 වසරේ දී වෙළදපලට නිකුත් වූ SanDisk 512GB කාඩ්පත  අලවි කර ඇත්තේ ඩොලර් 800ක පමණ මිලකට  බව සඳහන්වෙනවා. 

No comments:

Post a Comment