Sunday, June 5, 2022

අහසින් වැටුණු අමුතුම විදිහේ වැසි ටිකක්


අයිස් කැට අහසින් වැටීම වගේ දේවල් නම් ලංකාවේ අපිත් අත්දැකල තියනවා. ඒ වුනත් ලෝකයේ සහමර රටවලට විශ්වාස කරන්නත් අපහසු ඇමුතු විදිහේ දේවල් අහසින් පාත් වුන අවස්ථා ගැන වාර්තා වෙනවා. මේ ඒ විදිහේ අමුතුම වැසි ටිකක් ගැන තොරුතුරුයි..

ගෙඹි වැස්ස



1873 දී ඇමෙරිකාවේ කැන්සාස් නුවරට, 1901 දී මිනසෝටා ප්‍රාන්තයට වගේම 1981 දී ග්‍රීසියටත් මෙවැනි ම ගෙඹි වැසි  ඇදහැලු‍ණ බව වර්තාවෙනවා. ග්‍රීසියට වැටුණු ගෙඹි වර්ෂාවේ විශේෂත්වය වන්නේ එම ගෙම්බන් විශේෂය උතුරු අප්‍රිකාවට ආවේණික විශේෂයක් වීම යි. මේ විදිහට ගෙම්බන් අහසින් වැටිමට විද්‍යාත්මක හේතුව වන්නේ ට්‍රොනෙඩා්වක් හෝ එවැනි ප්‍රබල සුළං ප්‍රවාහයක් ජලාශයකට ඉහළින් ඇතිවී එම ජලාශයේ ඇති කුඩා සතුන් ඉහළට ඇදී යාමයි. සුළගේ ප්‍රබලත්වය අඩුවන විට ඉහළට ගිය එම සතුන් නැවතත් වැස්සක් ලෙස පොළවට පතිත වීම සිදුවෙනවා.

මාළු වැස්ස



මාළුවන් අහසින් වැටීම ඉතිහාසය පුරාම වරින් වර වාර්තා වූ සිදුවීමක්. මේ අතර ඉන්දියාවට වැඩුණු මත්ස්‍ය වැස්සේ දී රාත්තල් 8 -10 බරැති මසුන් අහසින් වැටුණ බව පැවසෙනවා.  ඒ වගේම, ශ්‍රී ලංකාවට 2014 දී මත්ස්‍ය වැස්සක් වැටුණු අතර 1861 දී භූමිකම්පාවකින් අනතුරුව සිංගප්පූරුවෙත්, 1948 වසරේ එංගලන්තයෙනුත්, 1966 දී ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරිනුත් මත්ස්‍ය වර්ෂා වාර්තා වුණා. 1989 දී ඕස්ටේ්‍රලියාවේ ඉස්ප්විච් නුවරට තවත් මත්ස්‍ය වැස්සක් වැටුණා. ජලයට ඉහළින් ඇතිවන ප්‍රබල සුළං ප්‍රවාහය නිසා මත්ස්‍ය වැසි ඇතිවන අතර මසුන්ගේ අනාකූල හැඩය නිසා ඉහළට ඇදී යාම පහසු බැවින් ගෙඹි වර්ෂාවලට වඩා මේවා සුලභව සිදුවෙනවා

මකුළු වැස්ස





බ්‍රසීලයට වරක් මෙවැනි මකුළු වැස්සක් පතිත වී තිබෙනවා. බ්‍රසීල ජාතිකයෙකු වන එරික් රීස් මෙය රූපගත කර අන්තර්ජාලයට මුදා හැර තිබුණා. මෙම වර්ෂාවේ  ්බැකදිසපමි ැංසපසමි නම් කුඩා මකුළු විශේෂයක් අහසින් වැටුණු අතර උස් ගස්වල දැල් බඳින මෙම මකුළුවන් බ්‍රසීලයේ සමහර ප්‍රදේශවල සුලභව දකින්න පුළුවන්. එවැනි ප්‍රදේශයක් හරහා හමාගිය ප්‍රභල සුළඟක් නිසා මොවුන් අහසට ඇදී ගොස් නැවත පොළවට පතිත වන්නට ඇතිබව තමයි විශ්වාස කරන්න වෙන්නේ. 


මාංශ සහ රුධිර වැස්ස


1876 මාර්තු මස 3 වන දා ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ඔලිම්පියා ස්ප්‍රින්ග්ස් නම් කුඩා නගරයට මස් කැබලි වර්ෂාවක් ඇදහැලෙන්නට පටන්ගත්තා. මෙහි දී අඟල් 2-4 ප්‍රමාණයේ දිග පළලකින් යුතු මස් කැබලි රාශියක් ඇදවැටුණු අතර, ඒවා අශ්වයෙකුගේ පෙනහැල්ලක කොටස් බවට පසුව හඳුනාගැනුණා. මාංශ භක්ෂක කුරුළු රෑනක් විසින්  අශ්වයෙකුගෙ කොටස් රැගෙන යාමට තැත් කිරීමේ දී බලවත් සුළං ධාරාවකට හසු වී ගිලිහී යාම නිසා මෙම වර්ෂාව පතිත වී ඇති බව පසුව නිගමනය කෙරුණා.1890 වසරේ ඉතාලියෙන් පක්ෂි රුධිරය සහිත වර්ෂාවක් වාර්තා වුණා. 1869 දී කැලිෆෝනියාවෙන් ද, 1841 දී ටෙනිසි ප්‍රදේශයෙන් ද රුධිරය හා මාංශ මිශ්‍රිත වර්ෂා වාර්තා වුණා.

පණුවෝ වැස්ස



2001 මාර්තු මාසයේ දී එංගලන්තයෙන් මෙවැනි පණු වර්ෂාවක් වාර්තා වුණා. මෙහි දී බිම් පණුවන් කැදලි පිටින් පොළොවට පතිත වී තිබෙනවා. මෙම පණු වර්ෂාව පැහැබර කාලගුණයක් තිබූ එම දිනයේ එක්වරම පොළවට ළඟා වී තිබෙනවා. 2007 දී ඇමෙරිකාවේ ලු‍සියානා ප්‍රාන්තයෙන් ද මෙවැන්නක් වාර්තා වුණා. ප්‍රබල සුළං ධාරා බිම් පණුවන් වෙසෙන එළිමහන් තැනිතලා ඔස්සේ හමා යාම නිසා මෙවැනි වර්ෂා සිදුවන්නේයැ යි අනුමාන කරනමුත්, තවමත් එය හරිහැටි තහවුරු කරගෙන නැහැ.

සල්ලි වැස්ස



එක එක සත්තු අහසින් වැටෙනවට වඩා මේ විදිහේ වැසි නම් කොච්චර වැස්සසත් කවුරුත් එපා කියන එකක් නම් නැහැ.1957 දී ප්‍රංශයේ කුඩා නගරයකට මුදල් නෝට්ටු වර්ෂාවක් වැස්සා. මේ සියල්ල ම පාහේ ෆ්‍රෑන්ක් 1000 නෝට්ටු වුණා. මේ ආකාරයට ම චිකාගෝ නුවරට ඇමෙරිකන් ඩොලරයේ නෝට්ටු වර්ෂාවක් 1975 දී ඇදහැලු‍ණා. 1968 දී එංගලන්තයේ රැම්ස්ගේට් ප්‍රදේශයට පැන්ස වැස්සක් වැටුණා. නැවතත් එරටින්ම 1981 දී මෙවැන්නක් වාර්තා වුණා. මුදල් නෝට්ටු බොහෝ සෙයින් සැහැල්ලු‍ නිසා මුදල් සහිත මල්ලක් වැනි යමක් ප්‍රබල සුළං ප්‍රවාහයකට හසු වීම නිසා මෙවැනි සල්ලි වැස්සක් නිර්මාණය වෙන්න පුළුවන්.


No comments:

Post a Comment