මේ ඉතිහාස කතාව ගොඩනැගෙන්නේ යටිනුවර පිහිටි සුන්දර පෞරාණික ගම්මාන කිහිපයක් ආශ්‍රිතවයි.දොඩම්වල , වතුරකුඹුර , හීනටි කුඹුර , පරකටවැල්ල ගම්මාන ගැන ඇතැම්විට ඔබ අසා ඇති.නමුත් මෙවන් ගම්මාන ආශ්‍රිතව පැවති ඇතැම් ඉතිහාස කරුණු කාලයේ වැලි තලාවට යටව යන්නේ අවාසනාවටය.
නමුදු එම ශේෂ කරුණු දන්නා උගත් වැඩිහිටියන් තවමත් සිටිනා අතර ඔවුන්ගෙන් අසා දැනගත්දේ ඔබට මෙසේ හෙලිකරමි.
ගැරැප්පිටිය පුරාණ විහාරය දොඩම්වල ගම්මානයේ සුන්දර කඳුගැටයක් මත පිහිටි පන්සලකි.මල්වතු පාර්ශවයේ අනුනායක , දිඹුල් කුඹුරේ විමලදර්ම නායක ස්වාමීන්වහසේ මෙහි වර්තමාන විහාරාදිපති දූරය දරයි.දොඩම්වල , වතුරකුඹුර, ගුරුගම යන ගම්මානවල ප්‍රදාන පන්සල වන ගැරැප්පිටිය ඇතිවූ කථා පුවත අපූරුය.

ඉහත නම් සඳහන් ගම්මානවල පළමු පන්සලවූයේ දොඩම්වල හීනටිකුඹුරේ පිහිටි දියකෙලිනාවල කිත්සිරිමෙවන් රජමහ විහාරයයි. මෙහි වැදගත්කම වන්නේ අනුරාධපුරයේ කිත්සිරිමෙවන් රජසමයට අයිති විහාරයක් මහනුවර තිබීමයි. ඉතිහාසය දන්නා අයෙකු මෙය පහදන්නේනම් මැනවි.
එදා දියකෙලිනාවල පන්සලේ පින්කම් දිනයකි.එම පන්සලට දියකෙලිනාවල නම ලැබී ඇත්තේ එම පන්සලේ ලෙන් විහාරයේ සැතපෙන බුදු පිළිමයට වැසී ඇති වතුර වල නිසාය.අද පන්සලට වටින් යන වතුර ඇල එදා පන්සල හරහාගොස් හීනටි කුඹුරට වැටීඇත. මේ ඇල ආශ්‍රිතව තිබූ ගල් අමුණ තවම ඇති අතර මෙම අමුණේ රත්‍රන් තෝඩුවක් දැමූ ආඳෙකු සිටි බවක් පැවසෙන අතර එම ආඳා සියසින් දුටුවන් තවමත් සිටිති.
දොඩම්වල ගමට නම ලැබුනහැටි
මෙම කතාව මෙතනට ඈඳාගත්තේ එය දියකෙලින වල හා සම්බන්ද නිසාය. පුරාවෘතවලට අනුව එය සිදුව ඇත්තේ මෙසේය.
දියකෙලිනාවල වලේබැස දියනෑම , ක්‍රීඩාකිරීම එදා බොහෝ ගැමියන්ගේ විනෝදාංශයකි. දිනක් සුපුරුදු පරිදි ගමේ තරුණ මිතුරන් සත් දෙනෙකු (ඇතැම් තැනක කුමාරවරු ලෙසද පැවසේ) දියකෙලීම සඳහා දියකෙලිනාවලට පැමිණියහ. එනගමන් කඩාගත් දොඩම්ගෙඩිවගයක් ඔවුන් සමඟවිය.දොඩම් සමඟ දියට බැස සෙල්ලම්කරන අතරතුර හදිසියේ එක මිතුරෙකු දියේ අතුරුදන්විය. ටිකවේලාවක් බලාසිටියද ඔහු නොපැමිණි බැවින් දෙවනියා ඔහු සෙවීමට කිමිදුනි. මේ ආකාරයෙන් සත්දෙනාම දියේ අතුරුදන්වූ අතර අවසන ඉතිරිවූයේ දියමත පාවෙන ඔවුන් ගෙනා දොඩම් පමණි. තරුණයන් සෙවීමට පැමිණි ගම්මුන් දොඩම් පාවෙන වල දොඩම්වල ලෙස හැඳින්වීමට පටන්ගත් අතර මෙලෙස අතුරුදන්වූ කුමාරවරු අද දොඩම්වල දේවාලයට පිවිසෙනතැන පිහිටි නාගස් අතරින් පොළවින් මතුවූබවත් ඔවුන් සත්දෙනා දොඩම්වල ශ්‍රී නාථ දෙවියන්ට තේවාව කරන යකුන්වූ බවත් පුරාවෘතවල පැවසේ.

නැවතත් දියකෙලිනාවල පන්සලේ පින්කමට යමු....
මේ පින්කමට ගම්මාන සියල්ලේම පිරිස සහභාගීවූ අතර එහිදී හීනටිකුඹුරේ තරුණයන් හා දොඩම්වල තරුණයන් අතර බහින්බස්වීමක් ඇතිවී පසුව එය දබරයක් මට්ටමට දුරදිග යන්නට විය. අවසානයේ මෙය සමතයට පත්කිරීමට මැදිහත්වුනේ පන්සලේ ලොකු හාමුදුරුවෝය.
දබරයට හේතුව සොයාබැලූ උන්වහන්සේට පෙනීගියේ දොඩම්වල ගැමියන් හා හීනටිකුඹුර ගැමියන් පන්සල බෙදාගැනීමට කරන අරගලයයි. වහා ගම්මානවල වැඩිහිටියන් ධර්ම ශාලාවට රැස්කරවූ ලොකුහාමුදුරුවෝ මීට පිළියම් සොයන්නටවූහ. මේ අවස්ථාවේ එලමල්දෙණිය වලව්වෙන් තමන්ට අයිති ඉඩකින් ගරායක් පිටිය කොටස පන්සලක් සඳහා දීමට ඉදිරිපත්විය.
ගරායක් පිටිය
ගරායක් පිටිය නොහොත් ගැරැප්පිටිය දොඩම්වල ගම්මානයේ සුන්දර කඳුගැටයක්මත පිහිටි ස්ථානයකි.මෙම ස්ථානයේ ඉතා පෞරාණික විශාල බෝගසක් තිබූ අතර වර්ශ 2002 පමණ එය කඩාවැටුනි.
මෙතන ගරායක් පිටිය වන්නේ දොඩම්වල පෙරහැර අවසන්කොට ගම්මඩුව දී සියළු වස් දොස් යන්නට නටන ගරායක් නැටුම නැටුවේ මෙමෙ පෞරාණික බෝගස ඉදිරිපිට පිට්ටනියේ වූ නිසාය.
මහනුවර යුගයේ සම්ප්‍රදායට බිහිවූ මෙම පන්සල පැරණි විහාරගෙයකින්ද , මැද මිදුලක් සහිත භික්ශු ආවාස ගෙයකින්ද කැණිමඩල සහිත වහලකින් යුතුවූ හරි හරිහතරැස් දර්මශාලාවකින්ද යුක්තවිය.පැරණි පොහොය ගෙයක් ආකාරයට තනාතිබූ මෙහි මැදින් වේදිකාව වූයේ උස්ව පිහිටි හතරැස් ප්‍රදේශයයි. සිව්පේරුවේ දායකයන්හට විවෘතවූ දොර සතරකින් තිබූ මෙය සරල නමුදු අලංකාර ගෘහ නිර්මාණයෙන් යුතුවිය.
පරණ විහාරගෙය මහනුවර යුගයේ නිර්මාණයක් වූ අතර ඇතුලත සහ පිටත බිත්ති චිත්‍රවලින් අලංකාර කෙරුනි. ඇතුලත බිත්තිවල සූවිසි විවරණයද පිටත වට බිත්‍තිවල අපායද සිත්තම්කර තිබූබව කියවේ.එමෙන්ම විහාරගෙයතුල හාස්කම් සහිත විශ්ණු දේව රූපයකි.
මෙම පරණ විහාරයේ අනෙක් වැදගත්කම වන්නේ එහි පිහිටි ප්‍රදාන බුදු පිළිමයයි. එය මහනුවර සම්ප්‍රදායට අයත් නොවන අතර වඩාත් සමීපවන්නේ අනුරාධපුර යුගයේ ශාන්ත බුදු පිළිමයකටය.
මෙම පිලිමය මෙතනට දේවාලකන්දේ පිහිටි ගල්ලෙනෙන් ගෙන ආවක් බව ඇතැම් පැරැන්නන් පවසති.එනිසා මෙම පිළිමයේ වයස හරියට පැවසිය නොහැක.
බුදුපිළිමය දෙපස ඉර සහ හඳ සිතුවම්කර ඇති අතර එහි සිතුවම්කර ඇති හඳ සුවුශේශය ඒ ඉදිරිපස දෙස බලාසිටින හාවෙකු ඇති එකම හඳේ සිතුවම එහිවීමයි.
අලුත් සහල් පින්කමට භාවිතා කරන මීටර එක හමාරක් පමණ විශ්කම්භයක් සහිත මැටි පාත්‍රයද පැරණි ලී අටුවද මෙම පන්සලට අනන්‍යය.
කාලයේ අවශ්‍යතාවයට අනුව මැදමිදුල සහිත භික්ෂු ආවාසය නවීකරණයවී වැඩිදියුණුකර ඇති අතර පරණ කැණිමඩල සහිත බණගෙය අද දක්නට නොමැත. පාදම පමණක් ඉතිරිකොට ඇති එය මෑත යුගයේදී කඩාබිඳදමා ඇත. පරණ විහාරයේ පිටත බිත්තිවල චිත්‍ර අද නොමැති අතර ඒ මත සුදු හුණු ගා ඇත. එම හුනු තට්ටුවේ අතරින්පතර පැරණි සිතුවම්වල වර්ණ මතුවේ.මෙම විහාරයද දැන් ගරායමින් පවතී
වර්තමාන ලොකුහාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වූ ඉලුක්වත්තේ දර්මානන්ද ලොකු හාමුදුරුවන් මෙම පන්සලේ දෙවන භාරකාර හිමියන් වූ අතර 1929 වසරේ අපවත්වූ උන් වහන්සේගේ
ගුරු හාමුදුරුවන් අප පන්සලේ ආරම්භක හිමිනමයි. වර්ථමානයේ පන්සලේ බෝධීන්වහන්සේ රෝපණය කර ඇත්තේ පළමු ලොකුහාමුදුරුවන් ආදාහනය කල ස්තානයේය. ඉලුක්වත්තේ දර්මානන්ද හාමුදුරුවන් ආදාහනයකර ඇත්තේ වර්ථමානයේ පන්සලට පිවිසෙන තොරණ පිහිටි ස්තානයේය.
වර්තමාන විහාරාධිකාරිත්වය දරණ අදිකාරිගම විමලජෝති හිමිද උන්වහන්සේගේ ගුරු හිමිවරුද ගමේත් පන්සලේත් අභිවෘදිය උදෙසා කටයුතු කරන අතර දොඩම්වල ගම්මානයේ මුදුන්මල්කඩ ලෙස ගැරැප්පිටිය වැජඹෙයි.
ගමේත් රටේත් අතීතය වැලලීයාමට ඉඩ නොදීම අපේ වගකීම වන අතර අප දන්නා ඇසූදේ අපේ පරම්පරාවටත් මතු පරපුරටත් උරුමකිරීම අත්‍යාවශ්‍යය. මන්ද ජාතියක කොඳුනාරටිය ඉතිහාසය යැයි මා අදහන බැවිනි.
අතුල ඉන්දික විජේවර්ධන

No comments:
Post a Comment